IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මරිනි ද ලිවේරා ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 අතරට

( තිළිණි ද සිල්වා)
 
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සකසන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනාට අතරට ශ්‍රී ලංකාවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප‍්‍රකට නීතීඥවරියක වන නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය තේරී පත්ව ඇතයි  මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
 
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පි ඕ මහතා ප‍්‍රමුඛ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරන  මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර දිරිය කාන්තාවන් ඇමෙරිකා ජනපති ආර්යාව වන මෙලානියා ට‍්‍රම්ප් මහත්මිය අතින් හෙට (08) වොෂින්ටන් නුවරදී මරිනි ද ලිවේරා මහත්මිය ඇතුළු  මෙම දිරිය කාන්තාවන් 10ට සම්මානය පිරිනැමීමට නියමිතය.

 
නීති උපාධිධාරිනයක හා නීතිඥවරියක වන මරිනි ද ලිවේරා මහත්මිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය, ව්‍යවස්ථාදායක නීතිය ආදී  විෂයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානියෙ, ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යයන් වෙත සිය වෘත්තීය නිපුණත්වය ලබා දී ඇත. 2017 වසරේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඇය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධූරයට පත් කළ අතර පසුව ඇය එම ධූරයෙන් විශ‍්‍රාම ගනු ලැබුවාය.
 
ලිවේරා මහත්මියට අමතරව මෙම බංග්ලාදේශයේ රාසියා සුල්තානා, බුරුමයේ නව් නාව්, ජිබුටි රාජ්‍යයේ මව්මිනා හුසේන් දරාර්, ඊජිප්තුවේ මමා මැගී, ජොර්දානයේ කර්නල් ඛලීඩා ඛලාෆ් හනා අල් ට්වාල්, අයර්ලන්තයේ කන්‍යා සෙහොයුරියක වන  ඕර්ලා ටේ‍්‍රසි, මොන්ටිනීග්‍රෝ හි ඔලිවේරා ලාකි, පේරු රාජ්‍යයේ ෆ්ලෝර් ඩි මාරියා වේගා සහ ටැන්සානියාවේ අන්නා අලෝස් හෙන්ගා යන කාන්තාවෝද මේ වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා අතරට තේරී පත්ව සිටිති.
 
ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තු විසින් 2007 වසරේදී ආරම්භ කළ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය මේවන විට රටවල් 65 ක විවිධ කාන්තාවන් 120 කට පමණ පුද කර ඇත.

අභ්‍යන්තරව අවතැන් වූවන් වෙනුවෙන් ගත් මෙහෙවර වෙනුවෙන් 2010 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් වන පුත්තලමේ ජන්සිලා මජීඞ්ට හා ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් 2017 වසරේදී සන්ධ්‍යා එක්නැලිගොඩ  මීට පෙර මෙම සම්මානය ලබා ගත්හ.
 



අදහස් (1)

මරිනි ද ලිවේරා ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 අතරට

Asaka Thursday, 07 March 2019 03:28 PM

මිනිසුන් නොමිනිසුන් නොහඳුනන සමාජයක තව කෙනෙකුගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන ඔබට ජය වේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site