එළැඹෙන මාර්තු මාසය අවසන් වන විට රටේ ඇති ඖෂධ හිගය මුළුමනින්ම විසදන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මේ වන විට පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා තුනකදී දී ගුවන් මගින් ලංකාවට ගෙන ආ බව පැවසු අමාත්‍යවරයා කිසිදු ඖෂධ හිගයක් ඇති වීමට ඉඩ නොදන බවත්, මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය මුළුමනින්ම අවසන් කිරීම තමාගේ බලාපොරොත්තුව බවඳ සඳහන් කළේය.
මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර ඇති බවත් තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය. ඖෂධ වර්ග 100 ක මිල අඩු කිරීම නිසා වෙළෙදනාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක මිල අඩු වන බවත් පැවසීය.
එමෙන්ම ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ සැත්කමක් රජයේ රෝහල්වල ආරම්භ කර ඇති බවත්, විදේශීය රටක එවැනි සැත්කමක් සිදු කිරීමට වැයවන මුදල රුපියල් ලක්ෂ 36 ක් වන අතර ලංකාවේදී මේ වනවිට දරුවන් 100 කට වැඩි පිරිසක් එම සැත්කමට ලක් කර ඇති බවත් පැවසීය.
තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය අප්‍රේල් මාසයේ දී විවෘත කරන කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
පානදුර පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
(36698)
COMMENTS
එතකල් රෝගීන්ට මොකද වෙන්නේ?
මේ බොබිලා සිංගප්පූරුවට ගියා වගේ ගිහින් බෙහෙත් අරගනියි. මොකද "මේ හිඟන්නත් ගියේ අපේ සල්ලි වලින්නේ" සිංගප්පූරුවට බෙහෙත් ගන්න.
2020 අවසන් වනවිට ඔබලත් අවසන්... ඉක්මණට 2020 එනවා නම්...!
මේ දත් දොස්තර කතා කරන්නේ එයාට අයිති... ඒ වගේම දන්නෙත් නැති ලෙඩ රෝග ගැනයි. මේ මනුස්සයාට වෙනත් අමාත්‍යංශයක් නොදෙන්නේ මන්ද කියලා මහප්‍රශ්නයක් මට තියෙනවා. ලෝකයේ නිෂ්පාදනය කර ඇති පරීක්ෂණ මට්ටමේ තියෙන පිළිකා රෝගීන් වෙනුවෙන් නිපදවා ඇති රුසියානු බෙහෙත් වර්ගයක් ලංකාවට ගෙනාවෙත් මෙයා තමයි. පිළිකා රෝගය ගැන විශේෂඥයෝ කියනවා මේ බෙහෙත හොඳ නැහැයි කියලා... නමුත් මේ දත් දොස්තර කියනවා ...නැහැ.. ඒ බෙහෙත හොඳයි කියලා. අපේ රටේ එහෙම තමයි... මොවුන්ව දේශපාලනයෙන් සදහටම එළවා දමන්න. අපේ රටේ මිනිස්සු පෙළ ගැහෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය නම් මට නැහැ. ප්‍රශ්නයට උත්තරය " දුප්පත් කම". ඡන්දෙ කාලේදී දෙන "අල්ලස් " ගැනීමට දුප්පත් ජනතාව පෙළඹෙන තර්කය සාධාරණයි. නමුත් තමන්ව දුප්පතුන් කලේ මොවුන්ගේ හොර තක්කඩි දේශපාලනයම බව ඒ අහිංසකයින්ට නොවැටහෙනවා නොවෙයි, නමුත් වෙන විකල්පයක් නැති නිසා මොවුන්ටම ඡන්දය දෙනවා. මම යෝජනා කරනවා.. ඡන්ද කාලෙට දෙන "අල්ලස් " ගන්න. ඔය අල්ලස් මුදල් ඒ අයගේ ඒවා නොවෙයි... ඔබලාගෙන්ම හොරා කාපු ඒවා. ඡන්ද මධ්‍යස්ථානයටත් යන්න... ඒ පල් හොරාට ඡන්දය දමන්න එපා. හෙට උදෑසන ප්‍රතිඵල නිකුත්වුණාට පස්සේ ඔහුව නිකම්ම බල්ලා මාර්ක් වී සිටීවි...
ඒ කියන්නේ චන්දෙ එහෙම ඉවරවෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ වෙද්දී නේද?
ඒ වනවිට රෝගීනුත් අවසන් වී යනු ඇත. ප්‍රශ්නය ඉවරයි.