IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘මරණ දඬුවම දෙනවා - දිනය දැන්ම කියන්නේ නැහැ’


(අජන්ත කුමාර අගලකඩ)
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැනටමත් තීරණය කර ඇති නමුත් එය දැන්ම ප්‍රකාශ නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) පැවසීය.
 
කවුරුන් විරුද්ධ වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ස්ථිර වශයෙන් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කීවේය.
 
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව කෑගසන කිසිවකුත් මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන යන වැඩ පිළිවෙළට කිසිදු සහායක් නොදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ අද(06) පෙරවරුවේ පැවැති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී මරණ දඬුවම සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
 



අදහස් (16)

‘මරණ දඬුවම දෙනවා - දිනය දැන්ම කියන්නේ නැහැ’

Dilan Wednesday, 06 March 2019 07:40 AM

විකට නළුවොවත් මෙහෙම කියන්නේ නැහැ

:       135       269

sena Wednesday, 06 March 2019 07:47 AM

ඕකත් ඉතින් ඡන්ද ගුන්ඩුවක් තමයි - එකෙක් දෙන්නෙක් එල්ලයි ඡන්දෙ කිට්ටු කරලා.

:       125       146

kap Wednesday, 06 March 2019 07:51 AM

තවත් සිකුරාදා සර්ප්‍රයිසයක් ( පුදුමයක් )

:       26       11

ravi Wednesday, 06 March 2019 08:00 AM

"" චීනය "" අද ලෝකයේ ප්‍රදානතම දියුණු රටක් බවට පත්වෙලා තියෙන්නේ .. ඒ ගොල්ලෝ එදා චීනයේ තිබුන ලොකුම ප්‍රශ්නයක් වූ .. ඕ.පි .එම්...( හෙරෝඉන් ) යුද්දය ජය ගත්ත නිසා ..! අනිත් දේවලුත් මම වගේම ඔයාලත් දන්නවා නේද ..?

:       2       5

C.K.Lankaputhra Wednesday, 06 March 2019 08:04 AM

ජනාධිපති තුමා සහයෝගය දෙන්නෙ නැහැ කියන්නෙ අපි කුඩු කාරයො අල්ලල පොලිසියට බාර දෙන්න කියන එකද? අපි කුඩු කාරයො අල්ලන්න ගියොත් අපට අයිති වෙන්නෙ මරනය තමයි. එතකොට අපේ දරුවො.......

:       3       4

de silva Wednesday, 06 March 2019 08:04 AM

ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුය , ඉස්සර එස්. බි . කරපු වැඩ කොටස කරන්න දැන් ලොකු මහත්මයාම භාර අරගෙන වගේ

:       29       82

sunil gawaskar Wednesday, 06 March 2019 08:16 AM

ජනාදිපතිවරණයට කලින් දිනයක් නම් ගොඩක් හොඳා

:       3       9

Raveendra Wednesday, 06 March 2019 08:16 AM

අපගේ මුල් පුරවසියගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. කියව කියවා ඉන්නේ නැතිව අහිංසක පුරවැසියන්ගේ " වටිනා කාලය මෙන්ම බදුමුදල් ද නැති නාස්ති නොකොට " ක්‍රියාවෙන් "තමන්ගේ යුතුකම්" නිසිලෙස ඉටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       1       82

ZAHIR Wednesday, 06 March 2019 08:46 AM

ඔබතුමා මේ කියන්නේ සත්භාවයෙන් සහ අවංක හිතින් නම් මම ඔබට සුබ පතනවා..

:       0       28

vipula Wednesday, 06 March 2019 09:33 AM

ඡන්දෙට කලින් සතියේ කෙනෙක් එල්ලයි. ඊටපස්සේ රටපුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කරයි "බය නැති ජනපති" කියලා. අපේ ජනතාව සියලු ප්‍රශ්න අමතක වෙලා නැවත ඡන්දේ දෙයි.

:       0       1

Bandara Wednesday, 06 March 2019 09:43 AM

ඔව් ඔව්... මට චීටට වඩා වේගෙන් දුවන්න පුළුවන්. වේගය කියන්නේ නැහැ.

:       0       1

RaveendraWednesday, 06 March 2019 10:41 AM

ආලෝකයේ වේගය මොකක්ද? මෙන්න වේගය නැද්ද?

:       0       0

sirimal Wednesday, 06 March 2019 10:40 AM

අද නෙවේ හෙට කීවලු. එල්ලුම් ගහ ගැන ලංකාවට ඉතුරුවෙලා ඇති ලෝකයේ මිත්‍ර රටවල් සියල්ලම වාගේ අප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව මෙතුමා පත්තරේන්වත් දැක්කේ නැද්ද දන්නේ නැහැ.

:       7       35

Kalani Wednesday, 06 March 2019 10:45 AM

ජනාධිපතිවරයා විහිලුවට ගන්න එපා....

:       7       5

MuhanWednesday, 06 March 2019 01:56 PM

එයා ලෝකෙටම විහිළුවක් වෙලා ඉවරයි. අපිට විහිලුවට ගන්න දෙයක් නැහැ.

:       0       1

Bamunuarachchi Wednesday, 06 March 2019 01:24 PM

එච්චර හයිය කොන්දක් මට නැහැ. හැම කෙනෙක්ම හැමදාම රවටන්න බැරිබව සිහියේ තබාගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 157 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site