(ඩයනා උදයංගනී)
මරණ දඬුවම ගෙන ඒමට පෙර, ඕනෑම නඩුවක් වසර තුනකින් පමණ අසා නිම කළ හැකි කාර්යක්ෂම නීති පද්ධතියක් රට තුළ ඇති කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙරට ඇති ප‍්‍රශ්න මරණ දණ්ඩනවලින් විසඳිය නොහැකි බව කී ඇමතිවරයා නීතිය කි‍්‍රයාත්මක වීමේ අකාර්යක්ෂමබව හා අපක්ෂපාතී නොවීම පිළිබඳ ගැටළුව පළමුව විසඳිය යුතු බවද සඳහන් කළේය.
බෞද්ධයන් ලෙස කල්පනා කර බැලීමේදී කිසිවකුගෙන් ජීවිතය ගත්පසු නැවත දිය නොහැකි නිසා මරණ දඬුවමට පක්ෂද, විරුද්ධ ද යන්න ගැන පිළිතුරක් දීම තමාට අපහසු බවද ඇමතිවරයා කීවේය.
මෙරට නීතිය අනුව නඩුවක් අසා නිම කිරීමට වසර 17හමාරක් පමණ ගත වන නිසා අපරාධ කිරීමට, මත්ද්‍රව්‍ය ගෙන්වීමට හෝ මිනී මැරීමට ඇති බිය සැක දුරුව ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය.
COMMENTS
නීතිය නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි.
මැති ඇමති ගොල්ලෝ නීතිය මේ ජාවාරම් වලට සම්බන්ද වෙලා තිබියදී කොහොමද නීතිය කාර්යක්ෂම කරන්නේ?
ඇමතිතුමනි ඔබ හරියටම හරි
මිනී මැරුම් විවිධාකාරයෙන් සිදුවෙනවා නමුත් නීතියෙන් ඔප්පුවෙනතුරු ඔවුන් වැරදි කරුවන් නොවේ . හැබැයි එක එක කොන්තරාත් මත මුදලට බලයට සැලසුම් කරමින් කරන මනුෂ්‍ය ඝාතන සාවද්‍ය මිනී මරුම්ය . මෙවැනි මිනී මරුවන් නිර්දෝෂී කිරීමට නීති පොතේ දී ඇති ප්‍රතිපාදනය කුමක්ද ? නිර්දෝෂී කිරීමට මොකක් හරි අන්තර් ගතකර ඇතිනම් එය ලොකු වැරැද්දක් . එවැනි මිනී මරුවන් වෙනුවෙන් ඉල්ලා සිටිය හැකි වන්නේ අදිකරණයෙන් හිමිවිය යුතු සමාවක් පමණි .
ඇමතිගෙ කථාව නම් හරි. ඒත් නීතී කඩන්නෙත් ඔයගොල්ලොම තමයි. මේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි අදාල නිලධාරින්ට බාල්දි දාල උන්ට ස්ථානමාරු දීල නීතිය නන්නත්තාර කරන්නේත් ඔය උත්තමයො 225ම තමයි. අනික මේ රටේ ඕව කාර්යක්ෂම කරල අරක මේක කරල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ගියොත් ලබන ආත්මෙ තමයි ඒක කරන්න වෙන්නේ. අනික මරණ දණ්ඩනයට නියම කරල ඉන්නේ අහිංසකයො නෙමෙයි බොහොම දරුණු අපරාධකාරයො කියන එකත් මතක තියාගෙන දැනට මරණ දණ්ඩනයට නියම වෙලා ඉන්න උනට ඒක දෙන්න. ඒ අතර නීතිය කාර්යක්ෂම කරන්න ඕන පියවර ටිකත් ගන්න.
චම්පිකගේ බොරු වලට ජනතාව රැවටෙන්නේ නැහැ දැන්
අපරාද මර්ධනය කරන්න නම් , දැනට සිටින නඩුකාරවරුන්ගේ ප්‍රමණයට වැඩිය තුන්ගුණයක් විතර නඩුකාරවරු බඳවාගෙන උසාවි වල අපරාධ , ඉඩම් , රථවාහන , මුල්‍ය වංචා වැනි නඩු සුදුසු ක්‍රමයක නඩුකාරවරුන්ට බෙදල දෙන්න ඕනේ , නඩු අව්රුද්දක් ඇතුලත අහල ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ.
ප්‍රාණඝාතය නොකළ යුතු බව දෙසූ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයින් ලෙස කහසිවුර පොරෝගෙන තට්ටය ගාගත් පිරිසකුත් මාධ්‍ය ඔස්සේ මරණ දඬුවම අනුමත කරමින් බුදුදහමට වැරදී අර්ථ කථනයක් එක් කිරීම අනුමත කර නිශ්ශබ්දව නොසිට ඒ වැරදී අර්ථකතනය නිවැරදි නොකරන්නේ නම් නම් අද බුද්ධ ශාසනයක් නැතිබවයි මම පිළිගන්නේ...