(අජන්ත කුමාර අගලකඩ)
අධිකරණය විසින් පනවනු ලබන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීම ජනාධිපතිවරයා ලෙස තමන්ට අයිති බලයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව අධිකරණය හමුවේ නඩු විභාගයක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිසා රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල විය හැකි බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් කැබිනට් රැස්වීමේදී කරන ලද පැහැදිලි කිරීම් සැලකිල්ලට ගනිමිනි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන ගණනාවකින් විරෝධය එල්ල වී ඇතැයි පවසා ඇති මංගල සමරවීර ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයටද වගකීමක් පැවරෙන්නේ යැයි සඳහන් කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාට ඇති බලයක් බවද ප්‍රකාශ කර ඇත.
අධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින්, ඒ සඳහා කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවමට විරෝධය දක්වන අය පළමුව මත් උවදුරෙන් තරුණයින් බේරගන්න ආකයර ප්‍රකාශයට පත් කල යුතුයි. කුඩු මුදලලිලාද ,තරුණ දරුවන් ද වටින්නේ කියල පළමුව ප්‍රකාශ කල යුතුයි. දිනපතා මත්රකුසාට බිලිවෙන සිසුන් ,තරුණ තරුණියන් ගැන ඔවුන්ගේ මතය ප්‍රකාශ කල යුතුයි. නැතිව කුඩු මුදලාලිලාගේ මරණ දඬුවමට විරුද්ධ වීම යනු රටේ තරුණයින්ගේ මරණ මංචකය ලීවිමක් ය
මරණ දඬුවම රටේ කීර්තිනාමයට කැළලක් කියලා කවුද කියලා තිබ්බා. හොරු ඔක්කොම දැන්නම් හොඳටම බයවෙලා මේක ක්‍රියාත්මක වුනොත් කියලා. පහුගිය දවස්වල රටේ වැඩි හරියක් කිව්වේ එල්ලුම් ගහ ගේන්න ඕනි කියලනේ. අළුගෝසු තනතුරටත් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න කට්ටිය පොර කෑවේ. එහෙව් එකේ මේ නීතිය බලාත්මක කරනවා නම් එක්කෝ රට හැදෙයි. නැත්නම් රට වැනසෙයි. කොහොමත් දැන් රට බල්ලට ගිහිල්ලනේ තියෙන්නේ...
කවුද කෙනෙක් බලය තියන් ප්‍රබල පක්ශයක් ත්‍රීවීලර් පක්ශයක් කරපු හැටි නම් රටම දන්නවා. ඔලුවත් ඕන බලය විතරක් මදිනේ..
අභිමතය අනුව වැරදි කරුවන් නිදහස් කිරීමට ඇති බලය ද යොදා ගත්තේ ය. එල්ලා මැරීමට ද අත්සන් කිරීම ද, අභිමතය අනුව භාවිතා කල හැක. අවසානයේ කවුරු එල්ලුම් ගස් යවාවිද, කවුරු ගෙදර එවාවිද සිතා ගත නොහැක.
ඔබට තිබෙන ඒ බලය ක්‍රීයාවට නගා පෙන්වන්න.
බලේ තිබුණට කොලේ අත්සන් කරන්න පෑනක් හොයාගන්න බැරි එක තමා මෙයාට තියෙන ලොකුම ගැටළුව...!!!
රටම වනසන මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්, ව්‍යාපාරිකයින් මරා දමනවාට විරුද්ද කුඩුකාරයින් මිස සෙසු ජනතාව නොවේ. මෙතනම කුඩුකාරයෝ කොපමණ ඉන්නවාද කියා බලාගන්න පුළුවන්. දැනටම 449 දෙනෙක් ඉන්නවා. රටේ දැනට තිබෙන නීතිය අනුව මරණීය දණ්ඩනය දීලා තිබෙන්නේ උත්තරීතර අධිකරණය, නමුත් නීතිය ක්‍රීයාත්මක කරන්න එපාලු. එහෙත් කෑ ගහන්නේ රටේ නීතිය ක්‍රීයාත්මක වෙන්නේ නැහැ කියලා. මොකක්ද මේ අපබ්‍රංසය?
මේ කාරිය නොකළහොත් ඔය ජනපති ගෙදර යවා ඉන්න කැබිනෙට්ටුව කඩා ලිපේ දමන බව හොදින් මතක තබා ගන්න ඒ ජා පයේ මේකට උදලු දැම්මොත් ඒ ජා ප ජනපති කෙනෙක් පත් කිරීම බොරු
බලය තිබුණට ඒවා ක්‍රියාත්මක කරන්න කොන්ද පන තිබෙන ජනාධිපති තුමෙකුත් උවමනාය .