(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කර ඇඹිලිපිටියේ සිට)
ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප‍්‍රකාශ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (14) ඇඹිලිපිටියේ දී පැවසීය.
මහවැලි විශේෂ බලප‍්‍රදේශයේ පදිංචි මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කීය.
"මරණීය දණ්ඩනය අහෝසි කෙරුවොත් මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් කරන්න බැහැ. මරණීය දණ්ඩනය අහෝසි කිරීම මේ රටේ අපරාධකාරයන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණයක්. මරණීය දණ්ඩනය අහෝසි කරපු දවසට අපරාධකාරයෝ රට පාලනය කරන්න හදනවා. මේ රටේ දේශපාලනඥයෝ ඉන්නවා පාතාලයත් එක්ක සම්බන්ධව. හැම ආණ්ඩුවකම, හැම විපක්‍ෂයකම පාතාලයෝ හිටියා, අදත් ඉන්නවා. අදත් දේශපාලනඥයෝ එක්ක සම්බන්ධකම් තියන අය ඉන්නවා.
අර මහා පාතාල නායකයෝ අපි අද සිරබාරයට අරගෙන තියනවා. පිටරට ඉඳලා අල්ලාගෙන ගෙනාවා. මේවා කවුරුවත් කෙරුවේ නැහැ. මේ ප‍්‍රශ්නයට කවුරුවත් අත ගැහුවේ නැහැ. ලෝකයේ රාජ්‍ය නායකයෝ මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නයට අතගහනවා අඩුයි. එක කාරණයක් තමයි එක්කෝ මරලා දානවා. එහෙම නැත්නම් බලෙන් පහ කරනවා.
කවුරු කොහොම කිව්වත් අපේ‍්‍රල් 21 ඉතාමත් ඛේදවාචකයක්වූ ත‍්‍රස්වාදීන්ගේ බෝම්බ ප‍්‍රහාරයට ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් සම්බන්ධ වෙලා කරපු වැඩක් කියලා මම කියනවා. මම ගෙනගිය වැඩපිළිවෙළ ආපහු හරවන්න, ඒක ආපස්සට ගන්න, මාව අපකීර්තිමත් කරන්න, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒක කෙරුවේ.
අද මේ පිළිබඳව විවිධාකාරයේ සංවාද සාකච්ඡා තිබෙනවා. නමුත් මම මේ සටන නවත්වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව කළයුතු සියලු දේ කරනවා. මරණීය දණ්ඩනය දිය යුතුයි. මරණීය දණ්ඩනය දුන්නහම විනයගරුක රටක් වෙනවා. බය ඇතිවෙනවා. එකෙන් සමාජය යහපත් වෙනවා. ලෝකයේ මරණීය දණ්ඩනය නැති රටවල් ඉතාමත්ම අඩුයි. ළඟම තියන ඉන්දියාවෙත් මරණීය දණ්ඩනය තියනවා. ළඟම තියන සිංගපූරුවෙත් මරණීය දණ්ඩනය තියනවා. ප‍්‍රාන්ත කිහිපයක හැර ඇමෙරිකාවෙත් මරණීය දණ්ඩනය තියනවා.
ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා දැන් සති දෙකකට කලින් කිව්වා, ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වළක්වන්න නම්, මුළු රට පුරා මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා. ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා එහෙම කියන ගමන්, ලංකාවේ ඉන්න ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ රටේ නියෝජිතයෝ කියනවා, මරණීය දණ්ඩනය කරන්න එපා කියලා. මේ එක එක බණ එක එක්කෙනාට ඕනෑ විදියට. මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒ පාර්ලිමේන්තුවට ගේන දවස මම ජාතික ශෝක දිනයක් බවට පත්කරනවා. මේ රටේ අනාගතය පිළිබඳව ප‍්‍රශ්නයක් ඒක.
කුඩුකාරයන්ට, ජාවාරම්කාරයන්ට, පාතාලයින්ට ස්ත‍්‍රී දුෂකයන්ට, ළමා අපචාරකරන අයට, මංකොල්ලකාරයින්ට, රට බාරදීමයි සිදුවෙන්නේ මරණීය දණ්ඩනය පනතින් අහෝසි කළොත්. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතාව අවදියෙන් ඉඳිවී කියලා. ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලන්නේ මරණීය දණ්ඩනය රටට අවශ්‍යයි කියන ජනමතය ගොඩ නගන්න කියලයි. ආණ්ඩුවේ කිහිප දෙනෙකුට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත්කරන්න පනතක් ගේන එක වළක්වන්න මේ රටේ ජනතාව නායකත්වය ගන්නැයි කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා" යැයි ද ජනාධිපතිවරයා කීවේය.
ඡායාරූප - අජිත්ලාල් ශාන්ත උදය



COMMENTS
ආන් පටන් ගත්තා. මොලේ අමාරුව අායෙත් වැඩිවෙලා...
අපරාධකරුවන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය දියයුතුය. ඔබ හරි ...
අපි ඔබතුමාට කොතරම් දොස් කිව්වත් මේකෙදී නම් හදවතින්ම ඔබතුමා සමගයි. මරණීය දණ්ඩනය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළයුතුයි. එ් සඳහා ඔබතුමාට අපේ උපරිම සහාය දෙමු.
ඔය කතාව ඇමෙරිකානු තානාපතිනියට ඇහෙන්න ඉංග්‍රීසියෙන් කියන්නකෝ...
නීතිය නවනවා. සමාවදී එළියට දානවා. නඩු යට ගහනවා. ඕනෑවුණාම ඉක්මන් කරනවා. කොමිටි දාලා වැරදි කාරයෝ කරනවා. මිනීමැරුම් චෝදනා දානවා. ළඟ ඉඳලා අයින් වුණාම කේස්වලට පටලවනවා. ප්‍රශ්නය එල්ලන ලිස්ට් වලින් කාව හැලෙයිද? ලිස්ට් එකට කාව රිංගවයිද? කියන එකයි...
වක්‍රාකාරයෙන් ඔබතුමා කියන්නේ නැවතත් මීලඟ ඡන්දෙදී ඔබතුමාව බලයට පත්කරන්න කියලනේ...
මරණ දඬුවම ලංකාවට ඕනෑම දෙයක් කොහොම හරි ගේන්න ඕනෑ..
කොහොමත් සේරමලා එකතුවෙලා රටම ජාතික ශෝකදිනයක් කරලා දැන් අවුරුදු 30ක් 40ක් වෙලා තියෙන්නේ... අමුතුවෙන් ශෝකදිනයක් කරන්න අවශ්‍ය නැහැ. හිතන් ඉන්නේ මිනිස්සු මොට්ට මෝල් කියලයි. මේවට ඡන්දය දෙන දේශපාලන වහල්ලු වගකියන්න ඕනේ....
මේ මනුස්සයාගේ මොලේ පරීක්ෂා කළ යුතුබවට දැමූ නඩුව අහක දැම්මේ ඇයි කියලා දැනුයි තේරෙන්නේ.... රටක වගකිව යුතු නායකයෙක් මෙහෙම ලෝකෙටම විහිලු සපයන්නෙක් වෙලා ගිනස් ලෝක වාර්තාවක් තියයි... මේ මාස තුන, හතරට. මාධ්‍යය ඉදිරියේ මහා වීරයෙක් වගේ වුණාට ඇත්ත ජීවිතේ අමු පඹයෙක් වෙලා. ඒ බව දැන් මුළු ලංකාවම නෙමෙයි ලෝකයාත් දන්නවා. අපි එදා කැපවීම් කලේ මෙහෙම පිස්සෙක් රජ කරන්නනේ කියලා දැනෙද්දී නම් කියන්න වදන් නැහැ.
ශෝක දිනයක් කළාට කව්ද ගණන් ගන්නේ? බොරුමනේ කියන්නේ.
ජනාධිපති බුදුන් වඳින්නේ නැතුවදෝ?
ජාතික ශෝක දිනයක් නෙවෙයි..... එදාට එල්ලිලා මැරෙන්න තමයි වෙන්නේ....
අන්තිම මාස කිහිපය ඔලුව කුණු වෙලා වගේ...
ඊයේ ලන්ඩන් ගිහින් ආවා. මීළඟට කොහෙද දන්නේ නැහැ. ඉතිරි මාස හතර අතුල පවුල් පිටින් යන්න ගමන් ගිහින් එන්න
අපේ රට මේ සියලු උවදුරු වලින් රැකගැනීමට නම්.. අපි සිංගප්පූරුවේ නීතිය වැළඳගත යුතුයි. ඒ රටේ සතියක් ඇතුළත හැම නඩුවක්ම අහලා දඬුවම් ලබාදෙනවා.
රජරට හොඳ සිංහල වෙදුන් ඉන්නවා. ඔබතුමාගේ හිසට කුඩිච්චියක් දම්මවා ගත්තොත් ඔලුවට බුද්ධිය නොඅාවොත් පිස්සුව හොඳවේවි...!!!"ජනාධිපති පිස්සුව "ඉතාම නරක ලෙඩක්. පරණ කෙනාට තවමත් ලෙඩේ සුව කරගන්න බැරුව දුක්විඳිනවා. ඔබතුමාත් ජනාධිපති පිස්සුවෙන් ලෙඩ වී ඉන්නවා. ඔබතුමා බෞද්ධයෙක්... එ් නිසා වසල සුත්‍රය දවසකට දෙවරක් කියවන්න. "කම්මනෝ වසලෝ හෝති " බුදුවදන තවමත් අදටත් වලංගුයි. කකුල්වල කුර නැතිඅයත් උම්බෑ කියන බව දැන් අපට තේරෙනවා. කතානොකර ඉන්න. එය ඔබටත් අපටත් වාසියක්...
ලංකාවේ තරම් මිනිස්සු මැරෙන රටක් ලෝකේ කොහේවත් නැහැ.. එල්ලලා තවත් මරලා ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්න එපා.
එසේ මෙසේ පිස්සුවක් නෙමේනේ තියෙන්නේ. ඉස්සරහට තව වැඩිවෙයි වගේ. 10ට බුදියගත්තා කියලා ඔය මොලේ අමාරුව හොඳවෙන්නේ නෑ. හොඳදොස්තර කෙනෙක් හමුවෙන්න ඕනෑ.
ජනාධිපතිතුමෝ, පාදඩ අපරාධකාරයෙක් අපරාධයක් කළාම දඬුවමක් විදියට, මරණ එක අපරාධයක් නෙවෙයිද? මරණ දඬුවම දෙන කෙනා, එය අනුමත කරන අය සහ කාලකන්නි අපරාධකාරයා අතර තියෙන වෙනස මොකක්ද? එතැනයි ශිෂ්ඨ, අශිෂ්ඨකම මනින තැන.. තමුන්නාන්සේට මේ රටේ මත් උවදුර අඩු කරන්න ඕනෑනම් මුහුදු මුර සේවා දියුණු කරන්න. මේ රට දූපතක්, කොහෙන් මත්ද්‍රව්‍ය ගෙනාවත් ගුවනින් හෝ මුහුදෙනුයි ගෙනෙන්නේ, ඉතින් විසඳුම සරලයි.. මේ රටේ වෙරළාරක්ෂක සේවය දියුණු කරන්න. අනිත් දෙය මත්පැන් ආදියට අධික බදු ගැහුවම නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිය වැඩිවෙනවා. ඉල්ලුම වැඩිවෙනවා. එය සංඛ්‍යා ලේඛන වලින්ම ඔප්පු වෙලා තියෙනවා. පහු ගිය කාර්තුවේ අලෙවිය 300% වැඩි වුනේ ඒ නිසයි. මොලේ තියෙන්නේ පාවිච්චි කරන්න. කටමැත දොඩවන්න නෙවෙයි.
අපිට නම් දින 365ම සෝක දින තමයි.
අපි කොහොමටත් ශෝක දිනවල තමයි කාලේ ගත කරන්නේ... 2015ට කලිනුත් එහෙමයි.. ඊට පස්සෙත් එහෙමයි. වෙනසක් නැහැ. පාරට බැස්සත් ශෝක, බස් එකට නැගගත් ශෝක, කඩේට ගියාම නියමෙට ශෝක, ඉතින් අපිට අමුතුවෙන් ශෝක දින ඕනෑවෙන්නේ නැහැ.
ලංකාව දැන් තියෙන තත්වයෙන් ගොඩගන්න නම් මරණ දඬුවම දිය යුතුමයි. අපි ඔබතුමා සමගයි.
මෙතනදී අපි ඔබ සමග එකඟයි ජනාධිපති තුමනී. හැබැයි අපිට ජාතික ශෝක දිනය පටන්ගන්නේ 2014 සිට.
මෙයා කියන්නේ "මරණීය දණ්ඩනය අහෝසි කරපු දවසට අපරාධකාරයෝ රට පාලනය කරන්න හදනවා". මෙයා දන්නේ නැද්ද දැනටමත් අපරාධකාරයෝ තමයි රට පාලනය කරන්නෙත්... මහ බැංකු මංකොල්ල කාරයොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කඩපු අය...
අර මහා පාතාල නායකයාට අනුබල දුන්, පාස්පෝර්ට් හදලා දුන්, ගුවන් තොටුපොළට රැගෙන ගිය දේශපාලකයෝ හිර බාරයට ගන්න බැරිද?
නීතියේ මරණ දඬුවම තිබුණට එ්ක ක්‍රියාත්මක කරන්න කොන්ද පණ තිබෙන ජනාධිපති කෙනෙකුත් ඉන්න ඕනේ? කමක් නැහැ ඔබතුමා අවුරුදු 2ක් විතර එ්ක කරන්න උත්සාහ කළත් ඔබතුමාට එ්ක කරගන්න බැරිවුණානේ? ඔබතුමා කලබල වෙන්න එපා අපි ලබන ජනාධිපතිවරණයේදී ..., අපි එ්ක කරන්න පුළුවන් ජනපති කෙනෙක් පත්කරගන්නම්... එතකොට ඔහු නීතිය ක්‍රියාත්මක කළාම ඔක්කොම ටික එල්ලලා දමාවි, එතකොට ඔය ඔබට කුඩුකරයින්ගෙන් තිබෙනවා කියලා කියන ජිවිත තර්ජන ටිකත් ඉබේම නැතිවෙලා යාවි...
කට ඇරියොත් කියන්නේ ආඩපාලි.
අපි ඔබතුමාගේ සමහර දේවල් වලට විරුද්ද වුනාට, මේ වැඩේට සම්පුර්ණ සහයෝගය දෙනවා. රටට හොඳ නීති පද්දතියක් අවශ්‍යයි. දඬුවම් අනිවාර්ය කලොත්, කුඩු, මිනීමැරුම් , ස්ත්රීදුෂණ, විශාල වංචාවන් ඉතා අඩුකරගන්න පුළුවන්.
පහුගිය කාලේ සිදුවුන ත්‍රස්ත ප්‍රහාර වලට කුඩු ජාවාරම් කාරයෝ සම්බන්ධය කියන එක විශ්වාස කරන්න අපහසුය, කුඩු ජාවාරම් කාරයෝ මුදල් වියදම් කරන්නේ මුදල් ලැබෙන දෙයකට බෝම්බ ගහල පල්ලිවල ඉන්න මිනිස්ස්සු සංචාරක හෝටල් වල ඉන්න සංචාරකයෝ මැරුව කියලා ලැබෙන ලාභය මොකක්ද ? ඇරත් කුඩු මුදලාලිලා දන්නවා බෝම්බ ගැහුවොත් රටේ ආරක්ෂාව තර කරනවා එතකොට කුඩු ව්‍යපාර කරගෙන යන්න අපහසු වෙනවා කියලා.
ශෝක දිනයක් කරන්න එපා ජනදිපතිතුමනි එදාම පාර්ලිමේන්තු සැසිය අවසන් කරන්න.
2015 ජනවාරි 8 වෙනිදා සිට ඔබ තුමා යන දවස දක්වාම අපිට සෝක දිනයන් තමා
මරණ දඩුවම ලංකාවේ පාලකයන් සදහා පමණක් ක්‍රියාත්මක කල යුතුවේ.
හරියට නිතිය ක්‍රියාත්මක කෙරුවනම් අපිට හැමදාම නත්තල් , ඔබ දැනුවත්ව ආණ්ඩුව ඇතුලේ. හොරු ,මිනීමරුවෝ කීදෙනෙක් නිදැල්ලේ ඉන්නවද. ඒ කට්ටියට නඩුත් නැහැ , දදුවමුත් නැහැ , අද මේ එල්ලන්න ඉන්න මත් ජාවාරම් කරුවෝ රටට ලොකු විනාසයක් කරනකම් මොවුන්ව ආරක්ෂා කෙරුවේ කවුද.?
මරණීය දණ්ඩනය මෙරටේ ජනතාවට පුරුදු කරමු. මානසිකත්වය ඒ විදිහට හදමු එවිට අනාගතයේ වැරදි කරන රටේ දේශපාලුවන් මරණීය දණ්ඩනය දීමට ජනතාව මැලිවෙන එකක් නැහැ. ඒ මානසිකත්වයට ජනතාව ගෙනෙමු. දැනටමත් රට අගාදයට දැමු දේශපාලුවන්ට මරණීය දඬුවම දෙනවාට ජනතාව අකමැතිද? පාකිස්තානෙට පුළුවන් නම් අපට බැරි ඇයි. බුද්දාගම මරණීය දණ්ඩනයට ප්‍රශ්නයක් නොවෙයි. මිනී මරුවෙකුට මරණීය දණ්ඩනය නොදීම අගතියට පත් අයට කරන අසාදාරණයකි.
අපි ඔබතුමා සමගයි වැඩේ පටන් ගමු. අළුගෝසු නිවාඩුනම් මම එන්නම්.
මේ වහපාලන ආණ්ඩුව පටන් ගත්ත දා ඉඳලා හැම දවසක්ම මේ රටට ශෝක දිනයක් තමයි
මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික බලාගන්න ඕනෑනම් රැස්වීම් පැවැත්වෙන දවසක පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට යන්න
එදා රාජපක්‍ෂ කාලයයේ කන්ටේනර පිටින් කුඩු ගෙනෙන විට, එදා සෞඛ්‍ය ඇමතිව සිටි මේ සිරිසේන ජනාධිපති කට ඇරියේ නැහැ. ජනාධිපතිවී අවුරුදු 4 කට වැඩිය නිදාගෙන සිට දැන් චන්ඳය ලංවෙනවිට කුඩු අල්ලනවා, තාජුදීන්, ලසන්ත, එක්නැලිගොඩ, හිරගෙදර මැරූ 27 ගේ මිණී නැවතත් ගොඩගන්ට බලනවා.
ඇත්ත වශයෙන්ම ජනාදිපති තුමාගේ මොලේ පරීක්ෂා කල යුතුය. ආර්ථිකය ඉතා දුෂ්කර තත්වයකට වැටී සිටින අවස්ථාවක තවත් අනවශ්‍ය ප්‍රස්නයක් ඇතිකරන්නයි යන්නේ. මත් ද්‍රව්‍ය පාලනය කරනවට මේ රටේ කිසිදු ශීලාචාර පුරවැසියෙක් අකමැති නැහැ. නමුත් එතන නෙවේ මේ ප්‍රශ්නය. මරණ දඩුවම් පැමිණවීමෙන් කිසිදු රටක මෙම ප්‍රශ්න විසදීමට හැකිවී නැහැ.
ඉස්සරලා රටේ නීතිය වෙනස් කලයුතු බව අපි සියලුදෙනා දන්නා බව මම සිතමි. නීතය ක්‍රියාත්මක කරන ආයතන වෙනස් කලුතු බව අපි දනිමු. මුල නිවැරදි නොකර අග නිවැරදි කිරීමෙන් කුමක් සිදුවේද ?
ශෝක දිනයක් කරලා වැඩක් නෑ, ඔබතුමා ඉල්ලා අස්වෙන්න. නිකම් බොරු සංදර්ශන දාන්න එපා .
මෙහි අදහස් දක්වන බොහෝ දෙනෙක් කතා කරන්නේ මරණිය දණ්ඩනයට ලක් කිරීම හොඳ නැහැ කියල. මමත් එතන ඉන්නවා. හැබැයි එම දඬුවමට ලක් වෙන්න හේතුව ගැන කතා කරන එක අඩුයි. කිසිම කෙනෙකුට කිසිවෙක් මරන්න අයිතියක් නැහැ. එත් අද රට පුරා සිදුවන මරණ නම් කොපමණද? වැඩි හරියක් වෙන්නේ මත්ද්‍රව්‍ය නිසා. පවුල් අසරණ වන හැටි අහන්න ලැබෙන ගණන කොපමණද? දින කීපයකට පෙර අසරණ මවක් සහ දියණියක් ජිවිත හානි කරගැනීමට දුම්රිය මගේ රැදිලා හිටිය කියල පුවතක් තිබුනා. හේතුව සැමියාගේ බීමත්කම නිසා ජීවිතය රැක ගැනීමේ අපහසුව. හිතන්න මේ වගේ දේවල් අද කොපමනම් තියනවද කියලා මත් ද්‍රව්‍ය නැත්නම් ගොඩක් ප්‍රශ්න අද විසදා ගන්න හැකි වෙනවා. ඒක නැති කරන්න කියල එල්ලුම් ගහට යැවීම නොවෙයි විසදුම. මේ ලියන අයගේ පවුල්වල කවුරුවත්ම නැද්ද මේ නිසා අසරණ වෙච්ච අය. දරුවන්ගේ ඉගෙනීම කඩා කප්පල් වෙනවා වගේම ඔවුන් අසරණ වෙලා ඔවුනුත් ඔය දේවල් වලට යොමු වෙනවා නේද? කරන්න තියන එකම දේ එල්ලා මැරීම නොවෙයි මතින් තොර රටකට සහය දීමයි.
ප්‍රභූ පැලැන්තිය ලෙස පෙනීසිටින ධනවතුන් වන දේශපාලනය තම බඩගෝස්තර උපාය කරගන වැජඹෙන කුඩු ගෙන්වන අය නීතියේ රැහැනට හසුකර ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකරනවානම් මරණිය දණ්ඩනයට වඩා සුදුසු නැත්ද?
Bamunuarachchi සියලු දෙවිවරුන් මනුෂ්‍යයන් සහ සියලු ආකාරයේ සත්වයින් අතර කිසිවෙකුට අප්‍රමෙය වූ බුදුන් වහන්සේගේ බලයන්, විශාරදත්වයන්, විමොක්ෂයන්, සමාධින්, හා අනෙකුත් බුද්ධ ධර්මයන් දැනගත නොහැක. ඒ සියලු බුද්ධ ධර්මයන් දැනගත හැක්කේ තවත් බුදුවරයෙකුට පමණි. ඉන් මෙපිට රහතන් වහන්සේට හෝ පසේ බුදුවරයෙකුට හෝ වෙනත් කිසිවෙකුට දැනගත නොහැක්කේමය. ඉදින් ඔබ කෙසේද පන්සිල් පද අතර ප්‍රථම සිල්පදය වන ප්‍රාණ ඝාතය අනුමත කරන්නේ. ප්‍රාණ ඝාතය කරන හා එයට අනුබල දෙන කිසිවෙකුට නිවැරදි දැකීම, කල්පනාව, සිහිය, අරමුණ, වචනය, උත්සාහය, ක්‍රියාව, ජීවනය, යන අරිඅටගිමගට හීනව හෝ නොපිවිසෙන අතර ප්‍රත්‍යසම-උත්පාදනය වටහාගත නොහැකිව රාග ද්වේශ මෝහ යන අවිද්‍යා අන්දකාරයෙහි වේලි තිරිසන්, ප්‍රේත, අසුර, නිරසතුන් යන සතර අපායෙහි වැටී වැටී විපාක වේදනා විදින්නටම වන්නේමය. අංගුලිමාල මිනිසුන් 999ක් මරා රහත්වන්න තරම් කුශලයක් කර තිබුණ බැවින් මව මරා නිරයේ පැසෙන්නට තිබුණ අවස්ථාව වැලක්වියහැකි එකම බලය වන බුද්ධ බලය ඔහුට පිහිට විය.
කරන්න තියන දෙය වන කුඩු ගෙන්වන තමා වටේ 2005 සිට හිටි දේශපාලුවෝ ඇතුලු ධන කුවේරයෝ නීතියේ රැහැනට හසුකර ඔවුන්ගේ දේපල රජසන්තකකර ප්‍රජාඅයිතිය අහෝසිකරනවා වෙනුවට ඒ පාපතරයින් ගේ ඇම කා කුඩු බිස්නස් එකේ ඉන්න අය එල්ලුම්ගස් යවා තම බලය රැකගන්න උත්සහ කරන අපාගාමී පාපතරයට සහයය දෙන්න අත උස්සන අයටත් සිදුවන්නේ අපාගතවෙන්නමය.නැවත මනුසත් බවක් ලබාගැනීමට මොවුන්ට අපාගතවී සිටින්නට වන අතර එසේ මනුෂ්‍ය ආත්මයක් ලැබුවත් නැවත නැවතත් වර්තමානයේ කරන දේම කර එසේ අපාගත වෙමින් බුදුවරුන් හමුනොවි සසර සැරිසරමින් දුකම අත්විදිනු ඇත. පනුවෝ ඇතුළු සියලු ගොඩ සතුන් හා බලයෝ වැනි මාළු ඇතුළු සියලු දිය සතුන්, ඉඳිකටු වැනි උගුරු ඇති කෑම කන්න බැරි එහෙත් කෑම බලා කෙලගිලින හා වෙනත් ප්‍රතයින්, විවිධ අසුරයින්, මුළු ජිවිත කාලයේම වේදනාකාරී ශරීර ඇති නිර සතුන් වී ඉපිද ඉපිද දුක් විදින්නට අනුන්ගේ පව් කරගහගන්න කැමති අය මේ මරණ දඩුවමට අත උස්සා ජනපති සමග යන එක කිසිවෙකුට වැළැක්විය හැක. මටනම් මෙවැනි අඳබාලයින්ගේ ඇසුරවත් නොලැබේව!
"ජාතික ශෝක දිනයක් " කරන්න? කොච්චර සිම්පල් ප්ලෑනක් ද අප්පා..? හරියට ඒ කාලේ බෝම්බ පිපුරුවාම ජනාධිපති " තරයේම හෙලා දැක්කා " වගේනේ.. මෙව්වා ඉතින් දේශපාලන වාග් මාලාවේ තියෙන කුණු වෙච්ච පිළුණු වැකිතමයි.. හිස්කෝම්බ වගේ ඔලු ගෙඩිනේ දෙයියනේ.. මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?