(තිළිණි ද සිල්වා)
ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවා පහසුකම් ලබා ගැනීමට ජනතාවට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.
ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව , ආපදා කළමණාකරන මධ්‍යස්ථානය , ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,මාර්ග සංවර්ධන අධිකාරිය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , නාගරික සංවර්ධන අධිකාරිය ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන 25ක පමණ දත්ත මෙම පද්ධතියට ඇතුළත් කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අයි.සී.ටී.ඒ කටයුතු කර ඇත.
මෙම පද්ධතිය සඳහා www.nsdi.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැක.
මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය විවිධ සිතියම් ස්ථර එකිනෙකට එක්වී සෑදුනු අන්තර්ජාලීය සිතියම් පද්ධතියක් වන අතර එමගින් එය භාවිතා කරන්නන්ට සිතියම් නැරඹීම, සකස් කළ දත්ත ලබා ගැනීම සහ භූමිගත තොරතුරු ලබා ගැනිමේ හැකියාව ඇත.
එමෙන්ම නිරන්තරයෙන් යාවත්කාලීන වූ නිවැරදි භූගෝලීය තොරතුරු ලබා ගැනීම මෙන්ම ආයතන කිහිපයක් අතර පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමේ දැනට පැවති දුෂ්කරතා මෙමගින් මග හැරී යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 04
481
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙරට භූමිගත දත්ත - තොරතුරු ඇතුළත් ජාතික මට්ටමේ තොරතුරු පද්ධතියක්