
(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසටහනම විනාශ වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. එවැනි දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අමතමිනි.
කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ප්‍රදේශ තෝරාගෙන ඇත්තේ විද්‍යානුකූල පදනමක් යටතේ බව කී ජනාධිපතිවරයා කොරෝනා ආසාදිතයින් වාර්තාවීම පිළිබඳ දත්ත අනුව සෞඛ්‍ය අංශවල ද සහයෝගයෙන් එම ප්‍රදේශ තෝරාගෙන ඇති බවත්, දිස්ත්‍රික්කවල ද එන්නත් ලබාදෙන්නේ අවශ්‍යම ප්‍රදේශවලට බවත් ප්‍රකාශ කළේය.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මොරටුවේදී ඇති වූ සිද්ධිය අහඹු ලෙස වූ දෙයක් බවයි.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “ඔව් මම දන්නවා. හැමතැනම හොඳට වුණා. ඒත් එක තැනක එහෙම කළාම ඒක තමයි මාධ්‍යවලයි හැමතැනම යන්නේ,” යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගැනීම සිදුවීම ගැන ඔබතුමාට ස්තුති වෙමි. ඔබතුමා අපට විශ්වාසයි. එක සිද්ධියක් නිසා මුලු ක්‍රියාවලියම පිළිබඳ ප්‍රශ්නයක් නැත. නමුත් මොවුන්ට නිසි දඬුවම්ද යුතුයි...
ඉතින් ඇක්ෂන් මොනවත් නැද්ද? පොඩි මිනිහෙක් කළා නම් මොකද වෙන්නේ?
ඔබගේ අයත් ඒ වගේම තමයි...
මීට වැඩිය අසෝබන වැඩ ලංකාවේ වුණා. පිළිකා සාධක තෙල් ගෙනාවා. ඒවා දැන් කතාවක් නැහැ. සීනි වංචාව කළා. ඒ ගැන කිසිම කතාවක් නැහැ. මිනිස්සුන්ට පිටරටින් බඩු සීමාකර තියෙද්දි ඇමති මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සැප වාහන ගේනවා.. ඒවා ගැන බොහෝම කණගාටුයි. අප ඔබතුමාට අපි ඡන්දෙ දුන්නේ මේ දේවල් නොකරන්න. නමුත් දැන් අපට තේරෙනවා ඔබටත් මේ දේ කරන්න බැරි බව... ඔබ සහ ඔබගේ රජය ගැන අපිට කිසිම දැන් විශ්වාසයක් නැහැ...
කැත තමයි, ඒත් ප්‍රශ්නය සිද්ධියේ කැත නොවෙයි. රටේ ජනාධිපති, ආරක්ෂක ලේකම්, නීති විෂය ඇමති, සෞඛ්‍ය ලේකම්, කෝවිඩ් මර්දන බලකායේ ප්‍රධානී යනා දී හැමෝම හිටපු හා වත්මන් මිලිටරි ප්‍රධානීන්. ඒ එහෙම වෙලත් මේ ප්‍රාදේශීය බලවතුන් මේ වගේ නිර්භීතව හැසිරෙන්නේ කොහොමද කියන එකයි.
සේරටම කලින් යුව රජතුමාට අහඹු කියන වචනයෙ තේරුම වටහල දෙන්න. මෙයා රජ උනදාක සේරටම අහඹුු සිදුවීම් කියාවි.
ඕක එක සිද්ධියක් විතරක් නොවේ. බයිලා කියන්න එපා. එන්නත කිසිම ක්‍රමවේදයක් නැතුව හෙංචයියලාටම තමයි ඉස්සරවෙලාම දුන්නේ. ටිකක් ඇවිදලා රට ගැන දැනුමක් ගන්න. සීතල කාමරවලට වෙලාම ඉන්නේ නැතිව...
එතකොට කුරුණෑගල සිද්ධිය? එහෙ ප්‍රභල ඇමති කෙනෙක් නගරාධිපති වරයාට නියතවිවරණ දෙනවානෙ බය නැතුව " එන්නත් චිට්" දෙන්න කියල.
මෙයා හිතන් ඉන්නේ එකම "කැත" සිද්ධිය මේක කියලා...
ඔබතුමාලා ගැන කිසිම පැහැදීමක් හෝ විශ්වාසයක් ඉතුරුවෙලා නැහැ.
එන්නත් ලබාදෙන එකේ කිසිම පිළිවෙලක් නෑ. ප්‍රසිද්ධ නළුනිළියන් හොර පාරෙන් ගිහින් එන්නත විදගන්නවා. වෛද්‍ය සංගම් කාරයින් තොගපිටින් නෑදෑයින්ට සහ යාළුවන්ට පස්ස දොරෙන් එන්නත් විදිනවා. සමහරු මුදලටත් මේ වැඩේ කරලයි කියා කියනවා. අන්තර්ජාලයට ප්‍රවෘත්ති වාර්තා සපයන කට්ටිය දිග පෝලිම් ගැන වාර්තා රූපගත කරන ගමන් පෝලිම් පැනලා එන්නත ලබාගත්ත හැටි අන්තර්ජාලයේ පලකර තියෙනවා. අර නර්ස් නෝනලාගේ වැඩගැන බලන ස්වාමීන් වහන්සේගේ පන්සලේදී සහ වෙනත් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාගේ පන්සල්වලදී යාලු හිතමිත්‍රාදීන්ට පොලිසියෙන් ඇවිත් එන්නත් ලබාදුන්නා කියලා අහන්නට ලැබෙනවා. ඇමතිවරු වෛද්‍ය කණ්ඩායම් වලට ප්‍රසිද්ධියේම කියනවා. "නගරාධිපතිලා දෙන චිට්වල නම් තියෙන අයට පමණක් එන්නත් ගහපල්ලා" කියලා.... හමුදාවෙන් විශ්‍රාම ගිය කට්ටියට මේ වැඩේ බරකරලා.. දැන් සේරම අනාගෙන කියලයි මිනිස්සු කියන්නේ... මේවා ගැන බොහෝ දෙනා යොදන පොදු යෙදුම වෙලා තියෙන්නේ " මෑණියන්ගේ විස්තරේ තමයි" කියන එකයි.
මේවායේ තේරුම නොදන්න අය තමයි රට කරවන ඇමැතිලා... ඔයිට වඩා මොන්ටිසෝරි ළමයි දන්නවා.
මේක අහඹු දෙයක් නොවේ.. හොඳින් ප්ලෑන් කරලා සමන් ලාල් එයාගේ හිතවතුන්ට ටෝකන් දීලා එන්නත් කරන්නයි ගියේ.. ඒකට ගමේ එයාට ඡන්දෙ දුන්නු මිනිස්සුම එරෙහිවුණා.. සම්පූර්ණ විස්තරේ සාක්ෂි සහිතව මගේ ළඟ තියෙනවා. ඔප්පු කරන්න පුළුවන්... මේ වගේ දේශපාලකයෝ එළවන්න ඕනෑ. මිනිස්සුන්ගේ වැරැද්ද මේ වගේ නූගත් දේශපාලකයන්ට ඡන්දෙ දෙන එක...
හරි අහඹු සිදුවීමක්.... !!! කුරුණෑගල ජොනීගේ වැඩෙත් අහඹුද යුවරජතුමනි...?
කැතයි නෙමේ ... සුදු වෑන් එකකින් යවන්න.
වැරැදි ගොන්නක් වහලා 1ක් ගැන කතා කිරීම...
රටේ හැම තැනම අහඹු සිදුවීම්....
තමුන්ගේ අය කියලා නිකම්ද? මොනතරම් අසික්කිත වැඩ කරලා තියෙනවද? දන්නෝ දනිති.
කොහොම වුණත් මේ හැමදේම ජනාධිපතිවරණයට බලන්න වෙනවා නම් එක රටක් වෙන්න බැහැ. විෂය බාර ඇමැතිවරු ආරක්ෂක අංශ කොරෝනා මරණ බලකාය හැමෝම ඉන්නවා.. එසැණින් ඒ අය ක්‍රියාත්මක විය යුතුයි. කොතැනද, කවුද කියලා අදාළ නැහැ. කෙසේ වෙතත් දේශපාලකයන් සහ නිලධාරීන් කැත්තට පොල්ල වගේ නොසිට සියලු දෙනා ජනතාව වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටු කළයුතුයි. ජනතාවට දැන් දෙගොල්ලන්ම එපාවෙලා තියෙන්නේ මොකද මහපොළවේ මිනිස්සු පහළ වුණාද? අදාළ නිලධාරීන් සහ පාලකයන් තරගයට ජනතාව තලාපෙලා මිරිකා දැම්මා.. එහෙම දාලා තමන්ගේ වරප්‍රසාද ලබාගත්ත ඇමෙරිකාව වගේ රටවල් දියුණු වුණේ ඒවා යටපත් කරලා තරමක් දුරට හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කරගත්තු නිසා අපිට ඒ මට්ටමට යන්න තවත් අවුරුදු 100ක් වත් යයි. මෙහෙම ගියොත් රටක බලවත්ම ජනතාව ජනතා පරමාධිපත්‍යය එකේ මුදුන් මල්කඩ නීතිය නීතියට පිටින් ඉහළින් කිසිවක් තියෙන්න බැහැ. ඒවායේ ගැටලු තිබේ නම් ව්‍යවස්ථා දායකයේ පරම යුතුකම නීති සම්පාදනය...
ඔබතුමා කැතයි කියල හරියන්නේ නෑ.නීතිය ක්‍රියාත්මක කරන්න.
නීතිය ක්‍රියාත්මක කරනන
මහඋන්‍ගෙ අඩිපරේ තමයි පොඩි වුන් යන්නෙ
මේවට අකුල් හෙලනන එපා පව්
අද රටේ ජනාධිපතිට සහ පොලීසියට හොඳ නරක කියා දෙන්න වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යට.
ඒ වීඩියෝ එක බලනකොට නම් අහඹු සිදුවීමක් කියල හිතන්න බෑ . මිනිස්සු බුද්දිමත්.
ජනධිපති තුමාගේ අදහසට එකඟ වෙමි.සියළුම අංශ තමතමන්ගේ වපසරිය තේරුම්ගෙන කටයුතු කල යුතුයි.එන්නත් 1000 ක් ඇති තැනක 2000 ක් පෝලිම් ගැසීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසීම වැදගත්.
උගේ ව්තරක් නෙවේ උබල ඔක්කමලාගේ වැඩ බලු වට්න්නේ නැ
මෙහි ඇති සමහර කොමෙන්ට්ස් දිහා බැලුවම පේනනේ මේ අහිතකර සි්ද්ධි දැන් තමා සිද්ධ වෙන්නේ මීට කලින් ඉතා හොඳ පාලන තන්ත්‍රයක් තිබූ බව. නමුත් මේ සියළු දෙනාට යහ පාලන කාලයේ සිද්ධි අමතකයි. වැරදිකරුවන්ට නිදැල්ලේ ඉන්න දීපු වැඩිම ආණ්ඩුකරණය කරල තියෙන්නේ එජාපය ප්‍රමුඛ නායකයන්.
ජනාධිපතිතුමාගේ අදහසට එකඟ වෙමි. තමතමන්ගේ වපසරිය ගැන සෑම කෙනෙක්ම තේරුම්ගත යුතුයි. එන්නත් 1000 ක් ඇති තැනක පෝලිමද 1000 ක් වනසේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි
ගුරා කරනකොට... ගෝලයෝ දුවන ගමන් කරනවා.
සර්ලාගේ වැඩවල ලස්සන දැකලාම අපිට දැන් කාත් දැක්කත් අඳුරගන්න බැහැ.. මගේ ආචාරය සර්... !!!
මේ සමන් ලාල් මොරටු නගරාධිපති වුණුදා ඉඳන් මොරටුවේ ගොඩක් දේවල් මෙයාගේ බූදලේ වගේ අතට ගත්තා... එකක් තමයි සොයිසා ක්‍රීඩාංගණය. ඉස්සර උදේ ව්‍යායාම් කරන ගොඩක් අය ජොගින් කළා. නමුත් මෙය නීති දාලා බෝඩ් ගහලා ජොගින් කරන්න බැහැ. ඔබතුමා මේ සොයිසා ක්‍රීඩා පිට්ටනිය ක්‍රීඩා සඳහා මෙයාගෙන් නිදහස්කර දෙන්න.
නැහැ. එහෙමට ලොකු කැතක් නැහැ. -මීට 69 ලස්සේ
වියත් මගේ කට්ටිය කරන වැඩ ගැන විශ්ලේෂණය කරලා සිද්ධිය කැතයි කියලා අහගන්නද ජනාධිපති කෙනෙක් 69ලක්ෂයක් ගෙනත් වැඩකළේ.. ? අහෝ ලංකාවට ගිය කලක්...
මෙච්චරකල් කෙරූ ලස්සන වැඩේ මොකක්ද?
ජොනී දීලා තියෙනවා එන්නත් 10000ක ටිකට් එයාලගේ අයට... ඒක හරිද?
පෝලිමේ හිටිය අය කිව්වා
අපිට නම් හරිම ලස්සනයි.
ඇත්තටමද සර්...?