( ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
ඒ සම්බන්ධව මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් අද ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ගල්කිස්ස පොලසීසියට බාර වීමෙන් අනතුරව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මොහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
නගරාධිපතිතුමා කතා කරේ ජනතාව වෙනුවෙන්. එතුමන්ව හිරබාරයට ගැනීම කියන්නේ ජනතා මතය යටපත් කිරීමක්... නැතිනම් වෙන්නේ මේ එන්නත් සෞඛ්‍ය අංශයේ පිරිස්ම බෙදා ගැනීම. දේශපාලන නියෝජිතයන්ගේ මැදිහත් වීම නිසයි එන්නත් මිනිසුන්ට ලැබෙන්නේ මෙහෙම හරි... අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ රට දියුණු වෙනකොට ඇතැම් නිලධාරීන්ට බලං ඉන්න බැරුව බොරු මාධ්‍ය සංදර්ශන පවත්වනවා. අපේ නම් මූලු පවුලම මේ රජය සමගයි.
වීඩියෝ සාක්කි මදිද? විල් බැරෝ කාරය අත්අඩංගුවට ගත්තේ සාක්කි ලැබිලාද? අනේ මගේ කට... මේක ගැන මෙහෙමවත් සඳහනක් තියෙන්නේ ලංකාදීපේ විතරයි! අහිංසකයින්ට තමයි හැමඑකාම චණ්ඩිකම් පෙන්නන්නේ... ! බොරුවට අත්අඩංගුවට අරන් පොලිස් ඇප දුන්නා කියනවාට මෙන්න කැට...!
මෙතුමා කිව්වා මෙම ටෝකන් ක්‍රමය ජොන්ස්ටන් ඇමැතිතුමා ප්‍රශංසා කරලා එම ක්‍රමය එහෙත් ක්‍රියාත්මක කරන බව...
අත්අඩංගුවට ගන්න සාක්කි නැහැ. නිදොස්කොට නිදහස් කරන්න බොහේදුරට ඉඩ තියෙනවා.
ශ්රී ලංකාව කියන්නේ අන්ත දේශපාලනකරණයට ලක් වූ රටක්, එය ප්‍රාදේශීය මට්ටමේ සිට ජනාධිපති ධුරය දක්වා තිබෙන තත්වයක්.., දේශපාලකයා තුළින් කිසි දිනෙක නායකයෙකු හෝ පාලකයෙකු බිහිවන්නේ නැත..! දේශපාලකයා තමන් සර්ව බලධාරි දෙවියකු සේ සිතයි. මොරටුවේ නගරාධිපතිවරයා හැසිරෙන්නේ මඳ කිපිණු ගවයෙකු ලෙසයි.. මනුෂ්‍යයෙකුට තිබිය යුතු අවම පරිණත බවවත් ඔහුට නැත. මේවැනි මිනිසුන් දේශපාලනයෙන් අයින් කර තැබිය යුතුයි. රට වැසියෙකු ලෙස මෙවැනි දේශපාලන ගවයෙකුට මා ඡන්දය නොදීම ගැන මා සතුටු වෙමි.
විශිෂ්ඨයි..!!! සුබපැතුම්..!!!
වෘත්තීය දක්ෂකම නම් හොඳින්ම තියෙනවා වගේ..
ඔහුව අත්අඩංගුවට ගත යුතුයි...
දැන් ලංකාවේ පාලකයෙක් නැහැ. ඔවුන්ගේ සිතැඟි පරිදි මෝඩ දේශපාලකයින් බලය යොදා රට කනවා. කුරුණෑගල, මොරටුව කියන්නේ හොඳ උදාහරණ තමයි.
මීට කලින් දවසකත් ටෝකන් දීලා තමන්ගේ ගොට්ටන්ට ඉන්ජෙක්ෂන් ගැහුවා.. පෝලිමේ හිටපු මිනිස්සු පැය 2කට පස්සේ ගෙදර ගියා නිකන්... එන්නත ගහන්න මේ දේශපාලන ගවයින්ට දෙන්නේ ඇයි? කවුරුත් ඒකට සද්ද නෑ...
මිය යනතුරු එල්වා තැබිය යුතුයි.
අනිවාර්යයෙන් විය යුතුයි.. මෙවැනි අය සමාජයට පිළිලයකි...
මෙයත් සාදාරනීය කරන අයත් ඉන්නවා. ටෝකන් දෙන්නෙ නගරාධිපතිගෙ හිතවත් අයට පමනක් නම් එය අසාදාරනයකි.
අතීතයේ දී මෙවන් අය අත්අඩංගුවට පත් වූයේ නැත. එය ධර්මිශ්ඨ රාජ්‍ය කාලයේදී සිට මේවන තෙක් පැවති දෙයක්...... දැන් එසේ නොවේ. රාජ්‍ය නායකයා සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටී.
රටේ පවතින්නේ එක නීතියක් නම් නොරෝධායන නීතී කැඩූ සාමාන්‍ය මහජ නයට බලපාන නීතිය ඔහුටද එලෙසම බල පෑ යුතුයි. ගරු මහේස්ත්‍රාත් තුමකු ට ඉදිරි පත්කලයුතු මයි. සැමට එකසේ සැලකියයුතුයි යන වාක්‍ය උල්ලංගනය කරමින් තමන්ගේ සහචරයන්ට මුලින් එන්නත් ලබා දියයුතුයි කීමම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකැයි මට සිතේ.
ලොකුගේ දාපු එකටම මෙයාවත් දාවි.
මොහුව අත්අඩංගුවට ගන්නේ ජනතාව ගැන හිතලා නම් නොවෙයි. වෛද්‍යවරුන් මේ වෙලාවේ වෘත්තීයමය ක්‍රියා මාර්ගයකට ගියහොත් වන ප්‍රශ්නය කළින්ම පෙනුණ නිසයි. ඇතුළට ගැනීම වගේම ඇප ලැබීමද නියතයි. ළඟදීම රුපියල් 5000ක් ලැබෙන බලාපොරොත්තුවක් ජනතාවට කලින්ම දී තිබෙන නිසා හැම පැත්තෙන්ම ගොඩ....
මේ කියන්නේ නොම්මර එකේ වහල් ගොට්ටෙක්... ෂුවර් එකට තුණ්ඩු අරන් බෙහෙත් ගහන්න ගිය කෙනෙක්. මේ වගේ නූගතුන් ඉන්න කම් මේ රටට දෙයියන්ගේම පිහිටයි...
මෙයාව ආයුද පෙන්වන්න එක්ක යන්න බැරිද?නැතිනං නිදහස් වෙලා ඇවිත් ජනතාව වෙනුවෙන් නැගී සිටි වීරයෙක් වෙනවා.මේවා දකිනකොට නම් හිතෙන්නෙ ලංකාව චීන කොලනියක් වෙනඑක හොදයි කියල.
රටට මොකද වුණේ? මේ රටේ පාලකයෙක් ඉන්නවද?
මේ දවස්වල ආණ්ඩුව හොදට නානව වගේ මොකද මේ. නගරාධිපතිගේ අවසානය තමයි මේ
විසල්, ඔබ හරි... නායකයා විමසිලිමත්ව ඔහේ බලා සිටියි. එච්චරයි.
ඔන්න මේ දැන් රූප පෙට්ටියේ විපක්ෂ දේශපාලන නියෝජිතයෙකු කිව්වා පසුගිය රජය කාලයේ මේ දේ උනා නම්,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෙදි උස්සාගෙන මෙළහටත් ස්ට්‍රයික් කරනවා කියා.බලාගෙන ගියාම ඒ කතාවේ ඇත්තක් තියෙනවානේ අම්මපා ...