(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම අද ( 9) වන විට උපරිම ජල මට්ටමට ළගාවී ඇතැයි කාර්යය භාර ඉංජිනේරු පි.එස්.බණ්ඩාර මහතා කියයි.
බෝවතැන්න ජලාශයේ සිට අඹන් ගඟට මුදා හරින ජලය හේතුවෙන් ඇතැම් අවස්ථාවල සුළු වශයෙන් මොරගහකන්දේ ජලය අඹන් ගග ඔස්සේ මුදා හරින බවත් ඉංජිනේරු බණ්ඩාර මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මේ වන විට ජලාශයේ ජලය බහුළ වශයෙන් මුදා හැරිමේ අවශ්‍යතාවක් මතුව නැති බව කියා සිටි හෙතෙම අවධාරණය කර සිටියේ ඉහළ ජලාධාර ඔස්සේ ලැබෙන ජල මට්ටම අනුම ඉදිරියේ දි මොරගහකන්දේ ජලය මුදා හැරිම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවයි.
කෙසේ වෙතත් මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මොරගහකන්ද ජලාශයේ ජලය මුදාහරිනු ලබන අඹන්න ගග සහ ඇලහැර ඇල භාවිත කරන්නන් වඩාත් කල්පනාකාරිව කටයුතු කළ යුත බව ද හෙතෙම අවධාරණය කළේය.
ජලාශය පරාක්‍රම සමෘද්‍රය මෙන් හය ගුණයකින් විශාලය.
COMMENTS