ඉන්දික අරුණ කුමාර
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) විවෘත කිරීමට නියමිත බව එම ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා පවසයි.
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමයට අයත් මොරගහකන්ද ජලාශය ඉතා කෙටි කාලයකින් මෙසේ පිරී යෑම හේතුවෙන් පහළ නිම්නයේ ගොවි ජනතාවට ජලය ලබාදීමට ද හැකිවන බව හෙතෙම කියා සිටියේය.
ජලාශයේ සමස්ත ජල පරිමාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි. ඉන් කුඹුරු අක්කර අසූ දෙදහසක් අස්වැද්දීමට අපේක්ෂිත ය.
මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 25 ක විදුලි ප්‍රමාණයක් එක්වන බැවින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වන බව දයානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ වොට් සහ මෙගා වොට් අතර වෙනස දන්නේ නැද්ද? ඕක මෙගා වොට් 25ක් වෙන්න ඕන.
මෙන්න මෙච්චර තමා සිරිසේන ජනාධිපති රටට දුන්නේ තමන්ගේ හීනය සබැ කරගත පමණයි.... වෙන කෙන්ගෙඩියක් නැහැ.
මගේ රටට දළදා හිමි සරණයි...
මේක හදන්න යෝජනා කළ වෙලේ දැන් කිට්ටු කරගෙන ඉන්න ඒ කාලේ බලය තිබුණු කෙනා විරුද්ධ වුණා කියලා විශාල ගෝරනාඩුවක් කළා මතක නැතුව ඇති මගේ හිතේ. මේ උත්සවේට එයත් එකතු කරගත්තොත් තමයි අර " ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා " කියන කතාව සඵත වෙන්නේ.