(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ වේල්ලේ හටගෙන තිබූ ජල කාන්දුව තව දින 10 ක් තුළ සම්පුර්ණයෙන් නවතා දැමිය හැකි බව කළුගඟ සහ මොරගහකන්ද ජලාශ බාර ව්‍යාපෘති අධ්‍යක්ෂක ඩී.බී.විජේරත්න මහතා සඳහන් කළේය.
ජල කාන්දුවෙන් විනාඩියකට ජලය ලීටර් 200 ක් පිටව ගිය බවත් දැනට එම තත්ත්වය විනාඩියකට ලීටර් 130 දක්වා අඩු කිරිමට හැකි වූ බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, රොෂාන් රණසිංහ යන මහත්වරු මෙන්ම මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුහ.
එම කණ්ඩායම මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ හටගෙන තිබෙන ජල කාන්දුව නිරික්ෂණයට ගිය අවස්ථාවේ දී ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේය.
පසුව වේල්ල බාරව කටයුතු කරන චීන සමාගම්වල නියෝජිතයන් හා ඉංජිනේරුවරුන් සමඟ ද රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් පිරිස සාකච්ඡාවක නිරත වූහ.
පසුගිය 25 දින ප්‍රථමයෙන් මෙම ජල කාන්දුව දුටු බවයි. ඒ පිළිබඳව විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවරුන් සමඟ සාකච්ඡා කර බැලූ බවත් එහිදී වේල්ලට හෝ ජලාශයට පහළ නිම්නවල ජනතාවට බිය විය යුතු නැති බවත් මොරගහකන්ද ජලාශ බාර ව්‍යාපෘති අධ්‍යක්ෂක ඩී.බී.විජේරත්න මහතා මෙසේ පැවසීය.
වෙනත් ස්ථානයකින් එවැනි ජලය පිටවුවහොත් සොයාගැනීමට නොහැකි නිසා ජලය පිටවන ස්ථානයට ප්ලාස්ටික් බට දමා වේල්ලෙන් පිටතට ජලය ගලායාමට සැලැස්සු බව කීය.
සාමාන්‍ය පරිදි වේලිවල මේ ආකාරයෙන් පවතිද්දීත් විශාල ජලය ප්‍රමාණයක් මෙසේ එළියට කාන්දු වන ක්‍රමය ප්‍රශ්නයක් නොවන්නේද යන්න මාධ්‍යවේදීන් මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ජලය පිටතට ගලා ඒම ප්‍රශ්නයක් පවතින බවත් එම ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බවත් මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘මොරගහකන්දේ කාන්දුව දින 10 කින් සම්පුර්ණයෙන් නැවැත්විය හැකියි’
Jaya Sunday, 05 January 2020 05:47 AM
තව දින දහයකින් වතුර මට්ටම පහළ බැස්සම කාන්දුව නෑ. ඊට පස්සේ ආය ගංවතුර මට්ටමට වැස්සම ඕක බලාගන්න පුළුවන්.
sena Sunday, 05 January 2020 05:54 AM
මම නම් කැමතියි ඕක නොහැදෙනවාට. ඔය කෙහෙල්මල නිසා මහවැලි එච් කලාපෙට වතුර නැහැ.
රවින් Sunday, 05 January 2020 09:16 AM
දේශපාලයෝ කියන්නේ විද්වතුන්ද? ඒ පිට රටවල. මෙහෙ, සමහර කට්ටියට අට ශ්‍රේණිය වත් පාස් කරගන්න බැරිවෙලා. අපේ රටේ ඉංජිනේරු පාඨමාලා උගන්වන විශ්වවිද්‍යාල කියක් තියනවාද? මහාචාර්යවරු කීදෙනෙක් ඉන්නවාද? තව කීයක් ඔවැනි වේලි තියනවාද? ඇයි එම කාර්යයන් පිලිබඳ හරි දැනුම ඇති විද්වතුන්ගෙන් පිරි මණ්ඩලයක් යොදවා තත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොගන්නේ? ජනතාව දැනගත යුත්තේ සත්‍ය මිස අල්ලාප ප්‍රලාප නොවේ. දේශපාලුවෝ ව්‍යාපෘතිවලට යයි කියා ණයට ගන්නා මුදල්වලට ආපහු ගෙවීම් කරන්නේ මහා ජනතාවට මිස රට හුරාකන හොරු ටිකට නොවේ.
sugath Sunday, 05 January 2020 11:38 AM
මෙවැනි විශාල පරිමාණයේ වේල්ලක් ගොඩනැගීමේදී මෙවැනි ජල කාන්දුවීම් ස්වාභාවිකයි. ජල මට්ටම පහළ ගියපසු ඊට පිළියම් යෙදිය හැකිය. සමහරෙක් මෙහි වැරැද්ද චීන ඉංජිනේරුවන්ට පැවරුවත්, මුලින්ම අප සිතිය යුත්තේ අපේ රටේ ඉංජිනේරු මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩල කොතරම් තිබුණත්, මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති ඔවුන්ට තවමත් කරගත නොහැක්කේ මන්ද කියායි. කෙසේවෙතත් 8 වසර සමත් දේශපාලකයින් මේවා නිරීක්ෂණය කිරීමට යැවීමේ නම් කිසිම අර්ථයක් නම් නැහැ...