(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයට සිය කුඹුරු ඉඩම් ලබාදුන් නාඋල කොන්ගහවෙල රජාවෙල ගම්මානේ පදිංචි පවුල් හාරසියයක පමණ දෙනා ඊට විකල්ප ඉඩම් ඉල්ලා අද (31) පෙරවරුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ.
විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසමින් මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගය හරස් කොට මෙම විරෝධතාවය පැවැත්විණි.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා තම පාරම්පරික ගොවිතැන් බත් සිදුකරගෙන ආහාර ලබාගත් සහ ජීවත් වූ කුඹුරු ඉඩම් සියල්ල ලබා දුන් බව ය.
ඒ සඳහා වසර තුනහමාරක් පමණ කාලයක් ගත වී ඇතත් විකල්ප කුඹුරු ඉඩම් නොමැති නිසා සම්පූර්ණයෙන්ම ජන ජීවිතය ආර්ථිකය අඩාල වී තිබෙන බවය. බලධාරීන් මේ පිළිබඳව මුනිවත රකින බව ද ඔවුහු කෑගසමින් චෝදනා කරන්නට වූහ.
නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර මාතලේ දඹුල්ල ප්‍රධානමාර්ගය හරස් කරමින් වාහන ගමනාගමනයට ද බාධා කරමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ප්‍රධාන මාර්ගයෙන් ජනතාව ඉවත් කිරීමට උත්සාහ කළ ද එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විණි.
විරෝධතාකරුවන් කියා සිටියේ විරෝධතා වේ නිරත වන ජනතාව ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරිය සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙසය .
පසුව නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයා පැමිණ නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයසේකර මහත්මිය සමග සාකච්ඡා කර ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීමට පියවර ගත්හ.
අනතුරුව සාකච්ඡා ලේකම්වරිය සමඟ සාකච්ඡා කළ ඔවුහු මොරගහකන්ද ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරිය පොරොන්දු වීමත් සමඟ උද්ඝෝෂණය නවතා දමා පිටව ගියහ.



2025 නොවැම්බර් මස 21
234
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
284
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1203
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මොරගහකන්දෙන් යටවු කුඹුරුවලට විකල්ප ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක්