IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මීරිගම ප්‍රා.සබේ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 ක් සභාව වර්ජනය කරති

පුෂ්පකුමාර මල්ලවආරච්චි

නීතිවිරෝධී කි‍්‍රයා පටිපාටියෙන් සභා දේපළ අයථා ලෙස පවරාදීමට හා දූෂිත ගනුදෙනු සඳහා මුදල් ගෙවීමට  උත්සාහ කිරීමට විරෝධය දක්වන හා එකඟ නොවන බව දන්වමින් මීරිගම ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන විපක්ෂයේ නියෝජිතයන්ගෙන්  20 දෙනෙක් අද (25) පැවැති විශේෂ මහා සභා රැස්වීම වර්ජනය කළහ.

එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 15 දෙනා, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු සිව් දෙනාගෙන් තිදෙනෙක් හා ජාතික ජනතා පක්ෂයේ මන්තී‍්‍රවරු දෙදෙනා මෙසේ සභාව වර්ජනය කළහ.

පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරු, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පි‍්‍රයංකර ජයලත් හා ජනතා විමුක්ති පෙරමුණේ සුමිත් මහින්දලාල් හා දර්ශනී ප‍්‍රනාන්දු  යන මන්තී‍්‍රවරු තිදෙනා පමණක් මෙම විශේෂ මහා සභාවට එක්ව සිටියහ.

විශේෂ මහ සභාවේ යෝජනා සියල්ල බහුතර ඝනපූර්ණයෙන් බහුතර බලයෙන් අනුමත කර පොදුජන පෙරමුණේ නියෝජිතයන්ට ඉදිරි නීතිමය ගැටලූවලට මුහුණදීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප‍්‍රාර්ථනයක් ද කරන බවද විපක්ෂය ඉදිරිපත් කළ ලිපියේ සඳහන්ව තිබිණි.

කළහකාරී සමයේ විදුලි බල්බ මිලට ගැනීමට මුදල් ගෙවීමේ යෝජනාව ද සභාපතිවරයා සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහි අවශ්‍යතාවය පාලක පක්ෂයේ මන්තී‍්‍රවරු දැඩි සේ අවධාරණය කරනු ලැබූ අතර එම මුදල ගෙවිය යුතු බවට කරුණු දැක්වූහ.

උත්සව ශාලාවක්, මාර්ග නඩත්තු ඒකකය, කාපට් ඒකකය, කොම්පෝස්ට් ඒකකය ඇතුලූ සභාවට අවශ්‍ය පහසුකම් ගණනාවක් ලබා ගැනීම සදහා ලෝලූවාගොඩ ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කළ අතර උප සභාපතිවරයා ප‍්‍රකාශ කළේ මේ ඉඩම කුණු දැමීමට යන බවට ගමේ පැතිර ගිය ආරංචියක් හේතුවෙන් විශාල කලබලයක් ඇතිවූ බවයි. ගමට හානියක් නොවන සංවර්ධනයක් කළ යුතු බවද උප සභාපතිවරයා පැවසීය. එම ඉඩම පිහිටි ප‍්‍රදේශයේ පිරිසක්ද සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

මීරිගම ප්‍රා.සබේ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 ක් සභාව වර්ජනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 355 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site