IMG-LOGO

මැයි 24-25 රටටම ඇඳිරි නීතිය

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට( 23) රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 වන අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරෙයි.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි. 



අදහස් (20)

මැයි 24-25 රටටම ඇඳිරි නීතිය

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 08:28 AM

සෞදි රජය දිගටම ඇඳිරි නීතිය දමලා. මෙහෙත් දැම්මාට හොඳ උගත් මුස්ලිම් බැතිමතුන් අමනාප වෙන එකක් නැහැ. සහරාන් කල්ලියේ අන්තවාදීන්ට නම් ජුවල් යයි සමහරවිට...

:       10       236

බහර්දීන් Friday, 22 May 2020 08:50 AM

දුර දිග බලා ගත් හොඳ තීරණයක්. අද අප නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැද්දොත්, ඉදිරියේ දී අප සියලු දෙනාට යහපත් වේවි.

:       41       149

සමිත සේනක අලුත්ගමගේ.Friday, 22 May 2020 10:00 AM

ඔයා හොඳ මුස්ලිම් බැතිමතෙකු බව පේනවා. මෙවැනි අදහස් දරන්නන් නිසා ජාතීන් අතර සමගිය වර්ධනය වෙනවා.

:       5       142

siri Friday, 22 May 2020 09:10 AM

කෝවිඩ් වසංගතය ඉවර කළ දෙන්නෙකුට සුබපතලා රටපුරාම පෝස්ටර් ගහලා තියෙද්දී මොකටද ඇඳිරි නීතිය දාන්නේ? නාලිකාවලින් ප්‍රචාරය කරන්නේ බොරුද?

:       97       504

mangalaFriday, 22 May 2020 02:23 PM

එ්ක එහෙම ඉවර කරන්න බැහැ.. එ්ත් කුහක නොවී මේ කන්ට්‍රෝල් කරපු covid -19 වල ක්‍රෙඩිට් එක ඔවුන්ට ලැබිය යුතුයි. කර්ෆිව් දැම්මේ ලෙඩේ පැතිරීම පාලනය කරන්න. ඒ කියන්නේ ඔයාලා වගේ අය පාලකයන් වුණා නම් මේක කවදාවත් පාලනය කරන්න බැහැ.

:       0       0

මිහිඳුSaturday, 23 May 2020 05:37 PM

ඒකයි මේකයි දෙකක්... සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක ඡන්දයට අදාළ දෙයක්. මේක කොරෝනා පැතිරීමට අදාළ දෙයක්...

:       0       0

Amula Friday, 22 May 2020 09:12 AM

දාපු ගැට එකක්වත් හරියන පාටක් නැහැ වගේ...

:       59       237

lankaFriday, 22 May 2020 10:11 AM

ගොන් කතා කියකියා ඉන්නවාට වඩා හොඳ නැද්ද මේ කරන්න හදන්නේ නිවාඩු දින දෙකේ සහ උත්සව සමරන අවස්ථාවේ ලෙඩ පැතිරෙන එක වලක්වන්න හදන එක බව...? සිංහල සහ දෙමල අලුත් අවුරුද්දත්, වෙසක් එකත් ඇඳිරි නීතිය යටතේ අපි හිටියේ... සෞදිය එක දිගටම ඇඳිරි නීතිය. අපිට ඒ වෙනුවට අවශ්‍ය වෙලාවට ඇඳිරි නීතිය දාලා. ඔයාලගේ කතා සහ පාට් කවදා හරි නවත්වලා රටේ ජනතාව වෙනුවෙන් හිතන්න පුරුදු වෙන්න.

:       139       111

SL Friday, 22 May 2020 11:33 AM

මේ ඇඳිරි නීතිය යටතේ අපට වැඩට එන්න බැරිද? හරියට පටලන්නේ නැතිව කියන්න...

:       2       1

රවින් Friday, 22 May 2020 12:51 PM

පොඩි අවුලක් නම් තියෙනවා. ඇත්තෙන්ම මේ සුමනගේ ගේමක්ද? එක පැත්තක ඇඳිරි නීතිය? අනික් පැත්තේ ඡන්දය? අනික් පැත්තේ ක්‍රීඩා පිටි? අනික් පැත්තේ අධිවේගී මාර්ග කොන්තරාත්තු? එළවළු ලාභ වුනත්, තිබුනත් හාල්? තව පරණ කට්ටිය ආපහු ගේම පටන් ගෙනලු? අපේ ඩෑඩී බූදලේ බෙදනවාලු? ආ ඩේසි ආච්චි එයා මල්ල සුද්ද කරනවාලු? ඔක්කොම ආරංචි තමා. අනේ මන්දා...

:       13       409

Thilina Friday, 22 May 2020 04:47 PM

අපිට තේරෙනවා ඔබගේ දුක වේදනාව ..ඒත් මේ වෙලාවේ ඔබගේ කණ්ඩායමට කිව්වා නම් හොඳයි.. තමන්ගේ කුහක දේශපාලනයට මේ මෙහෙයුමට සම්බන්ධ වෙලා ඉන්න නිලධාරීන් සම්බන්ධ කර නොගන්නා ලෙස. මඩ ප්‍රචාරය වැනි තුච්ඡ වැඩ නොකර මේ වෙලාවේ නිශ්ශබ්දව හිටියා නම් ඒකයි ලොකුම උදව්ව...

:       0       0

Dinusha ranasinghe Friday, 22 May 2020 01:17 PM

ඉතාමත් හොඳ තීරණයක්.... අපේ රටේ මිනිස්සු රැකගන්න ඕනෑම පියවරක් අනුමත කළ යුතුමයි. මොකද අපි ජීවත් වෙලා හිටියොත් තමයි ඉදිරිය ගැන හිතන්න පුළුවන්... සුවපත් අනාගතයක්.. මගේ රටට දළදා සමිඳු පිහිටයි.

:       19       113

Champa Friday, 22 May 2020 02:21 PM

මොනවා කියනවද මන්දා...? හැම නිවේදනයේම කියන්නේ කලින් නිකුත් කල නිවේදනවල තිබුණු කොන්දේසි වලට අදාලවලු. මොනවද කලින් තිබ්බ කොන්දේසි? අනිත් එක ඒව අදාළ වුනේ රට පුරාම ඇඳිරි නීතිය තිබ්බ කොට නේද? ඇඳිරි නීතිය ඉවත් කලාලු. ආයේ ඇඳිරි නීතිය දානවලු. එතකොට රට පුරා ඇඳිරි නීතිය දමපු මුල් කාලේ කොන්දේසි අදාළයිලු. මොන මගුල් ගෙදරක්ද මේ කියවන්නේ...?

:       0       0

Don Friday, 22 May 2020 03:01 PM

ජාසිංහ කියන්න ඕන කතාව කියන්නෙත් වෙන කෙනෙක්. මැකෝ කියන්න ඕන එක කියන්නෙත් තවත් කෙනෙක්. බල්ලා කියන්න ඕන දේ බූරුවා කියනවා වගේ වැඩක්. ඔක්කොම ජෝන් බාස්ට ගිහින්....

:       0       0

Rizwan Saturday, 23 May 2020 05:24 AM

ඉතාමත්ම හොද තීරණයක් මේ වෙලාවේ අපි රටක් හැටියට අපේ රට මේ උවදුරෙන් බේරගන්න කටයුතු කරන්න ඕනේ. අපි අවුරුදු මේ පාර ගෙවල්වලට වෙලා කරන්න ඕනේ අපේ සිංහල සහෝදරයෝ කලා වගේ.

:       0       15

Akram Saturday, 23 May 2020 05:34 AM

අපේ රටට අල්ලා දෙවියන් වහන්සේගේම පිහිටයි . අපි පුළුවන් තරම මේ පාර අවුරුදු ගෙවල් වල ඉදලම සමරමු . මුලින්ම රට ගැන හිතමු. ඊට පස්සේ අවුරුදු කන්න පුළුවන්.

:       0       25

Gamage Saturday, 23 May 2020 05:36 AM

මට හුගක් වෙලාවට දකින්න පුළුවන් මුස්ලිම්වරු ලංකාදීප පත්‍රයේ සටහන් දක්වනවා අපේ දෙමළ සහෝදරවරුන් වඩා. මම හිතන්නේ හුගක් මුස්ලිම්වරු සිංහල ජනතාව අතර මිශ්‍රව ජීවත්වීම නිසා වෙන්න පුළුවන්. ගෙදර ඉදන් අපි වගේ අවුරුදු සමරන්න. සුබ රාමසාන් අවුරුද්දක් වේවා. අපිටත් වටලප්පන් ටිකක් තියන්න කොරෝන ඉවරවෙලා ඇවිල්ල කන්නම්.

:       0       50

rana Saturday, 23 May 2020 05:43 AM

රටේ චන්දයක් පැවැත්වීමට සුදුසු තත්ත්වක් බලදාධාරින් නිර්දේශ කර ඇත්නම්, ඔවූන් විසින් යොදා ඇති නිර්දේශ සහ ඇති ඇඳිරි නීතියේ බලයක් ඇතිද ? එම නිර්දේශ ඇතුලත ඡන්ද ප්‍රවර්දනය කල ඇහැකිද ? මා පුර වැසියෙක් එසේනම් දැනට පනවා ඇති නිර්දේශ සහ ඇඳිරි නිතිය පිළිපැදිය යතුද ? අනේ මට කියා දෙන්න .

:       0       0

rihan Saturday, 23 May 2020 06:05 AM

ඇත්තටම ඉතා හොඳ තීරණයක්. අපි සැවොම ලංකා මාතාවගේ දරු දැරියන්. සෑම විටම සමගියන් සමයන් සතුටින් සිටිය යුථුයි.

:       0       15

Aris Saturday, 23 May 2020 09:14 AM

ඇඳිරි නීතිය දානවා... එමගින් රටේ ආර්ථිකය බිම දානවා. මෙන්න බුද්ධිමත් දේශපාලනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site