
මියන්මාර හමුදා ජුන්ටාව එරට බලය ඇල්ලීමෙන් පසු 160 දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
හමුදා ජෙනරාල්වරුන් මියන්මාර පුරවැසියන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට උත්සාහ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරය වෙනුවෙන් පත් කර සිටින විශේෂ නියෝජිත තෝමස් ඇන්ඩෲස් පැවැසීය.
මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඒ බව සඳහන් කළේය.
‘‘මේ වනවිට මියන්මාරයේ 160කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මියන්මාර හමුදාවේ ජනරාල්වරුන් පුරවැසියන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට උත්සාහ කරනවා. මියන්මාරය ලෝකයට සම්බන්ධ වීම අවහිර කරලා. මියන්මාරය අඳුරේ තැබීමට ඔවුන් උත්සාහ කරනවා. මියන්මාරය අන්තර්ජාල සේවා සියල්ල අත්හිටුවලා’’ යැයි තෝමස් ඇන්ඩෲස් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
අප සියලු දෙනා මියන්මාර ජනතාව සමඟ සිටිය යුතු බවත් මේ අවදානම් අවස්ථාවේ ඔවුන්ට අපගේ සහාය අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
රොයිටර්
055


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.