IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


මියන්මාර් තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ඉවත්වෙයි

( තිළිණි ද සිල්වා )

මියන්මාරය් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම ධූරයන් ඉවත්ව අද (16) යළි දිවයිනට පැමිණියේය.

මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා එරට සිට අද පෙරවරුවේ නැවත දිවයිනට පැමිණ ඇති අතර ඔහු මේ වනවිට නිරෝධායනය සඳහා යොමු වී ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම තානාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සුගීෂ්වර ගුණරත්න මහතා ද තහවුරු කර සිටියේ නලින් ද සිල්වා මහතා තානාපති ධූරයෙන් ඉවත්ව ‌මේ වන විට දිවයිනට පැමිණ ඇති බවය.

එම තානාපති ධූරයෙන් ඉවත් වීම සදහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නිල වශයෙන් ඉල්ලීමක් කළ බවත් , ඒ අනුව අදාළ ඉල්ලීමට රජය අනුමැතිය ලබා දුන් බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සුගීෂ්වර ගුණරත්න මහතා වැඩිදුරටත් ලංකාදීපයට පැවසීය.

ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් මියන්මාර් බළධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් තානාපතිවරයා ලෙස කිසිවක් සිදුකළ නොහැකි වූ බව නලින් ද සිල්වා මහතා පවසා තිබූ අතර රටේ ජනතා වෙනුවෙන් කිසිදු කාර්යයක් සිදුකළ නොහැකි තනාපති තනතුරකින් වැඩක් නැතැයි පවසමින් එම ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු පවසා තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මියන්මාරය් ශ්‍රී ලංකා තානාපති වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පත් කළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් 01 වැනිදා සිට වසරකට ආසන්න කාලයක් හෙතෙම එම ධූරයේ කටයුතු කළේය.

මෙරට සිටින ප්‍රවීන භෞතික විද්‍යාඥයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ලෙසද , එම විශ්ව විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.

 



අදහස් (15)

මියන්මාර් තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ඉවත්වෙයි

Mangala Thursday, 16 September 2021 06:58 PM

තානාපතිකමකට හිරවෙලා ඉන්නවාට වඩා, ඇත්ත කථා කරන ඔබතුමාට ඉතා ඉක්මනින් රට වෙනුවෙන් නිදහසේ ලිවීමට සහ වැඩකිරීමට හැකිවේවා කියා පතමි.

:       43       41

බද්රානි Thursday, 16 September 2021 08:24 PM

මොහු වපුරපු බීජ වල සාර්ථක අස්වැන්න තමයි දැන් ලාංකික සමාජය මේ බුක්ති වඳිමින් ස්ටින්නේ.

:       1       4

වර්ණකුලසූරිය Thursday, 16 September 2021 08:33 PM

නිදහසේ ලියන නලින්ද සිල්වා මහතෙක් අපි නොදුටුවෙමු. රාජපක්ෂ රාජකීයන්ට කඩේ යන නලින්ද සිල්වා මහතෙක් නම් අපි දැක ඇත්තෙමු. කඩේ ගියාට තානාපති තනතුරකින් කළගුණ සැළකිලිම අපි දනිමු.

:       2       4

සිල්වා Thursday, 16 September 2021 09:03 PM

ඔබතුමා හට රටේ උන්නතිය සාමය සංහිඳියාව වෙනුවෙන් කථා කරන්න ලියන්න කාලය ලැබේවා.

:       2       1

siri Thursday, 16 September 2021 09:15 PM

ඇත්ත කෙසේවෙතත් තමන්ගේ මතය නම් එතුමා දවස්පතා විශාල උනන්දුවකින් ලියන දිග ලිපි නම් පල කරනවා.

:       0       1

swene Thursday, 16 September 2021 11:00 PM

නිදහස කියන්නේ දේශපාලකයින්ගේ හෝ පාලකයින්ගේ හෝ අසීමිත නිදහස නොවෙයි. සමස්ත මහජනතාවම විඳීය යුතු නිදහසයි.

:       0       1

SISIRA Friday, 17 September 2021 12:10 AM

ඉවත්වීමත් දැන් කලාවක් බවට පත්වෙලා.

:       0       0

Shan Friday, 17 September 2021 02:08 AM

ඉස්සර අපි අහලා තියෙනවා ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත කියලා. ඇයින් වෙලා ඉන්න එක ඇගට ගුණයි කියලා හිතෙන්න ඇති.

:       1       4

මැක්ස් Friday, 17 September 2021 06:46 AM

අනුන්ගේ දැනුම පුනරුච්චාරණය කිරීමෙන් නොව තමාගේම වූ දැනුමක් නිර්මාණය කළ සහ තව දුරටත් එම කටයුත්තේ නියැලී සිටින විශිෂ්ට බුද්ධිමතෙක්. මියන්මාරය සහ අප රට අතර ඇති පුරාණ සබදතාව පිළිබද මෙතුමා මේ කෙටි කාලය තුළ ලියූ දෑ නිසා අප වැනි සාමාන්‍ය මිනිසුන්ටත් ඒ සම්බන්ධ දැනුමක් ලබා ගත හැකි වූ බව ස්තුති පූර්වකව සදහන් කළ යුතුයි.

:       14       6

Karl Friday, 17 September 2021 08:01 AM

විද්‍යාවට ගරහමින් ඒවයේ ඵල ප්‍රයෝජන යසට ගන්නවා.

:       5       13

යෝගා Friday, 17 September 2021 08:17 AM

තියරි විතරක් මදි මහාචාර්යතුමා ප්‍රයෝගික වෙන්නත් ඕන.

:       1       15

Madhujith Friday, 17 September 2021 08:35 AM

ධීවරයන් ගේ ප්‍රශ්නයේදී මෙතුමා මැදිහත් වී පසුව ධීවරයන් නිදහස් කර ගත්තා.

:       5       9

mewan Friday, 17 September 2021 08:37 AM

පැණි ප්‍රවර්ධනය කරලා ජනතා ජීවිත අනතුරේ හෙලපු එකටත් වගකීම ගන්නවද?

:       0       18

අමරා Friday, 17 September 2021 08:57 AM

කඩේ ගියා ඇති කියලා හිතෙන්න ඇති.

:       0       18

සිරි Friday, 17 September 2021 11:02 AM

අලුත් ඇමතිතුමා නම් කලාට පස්සෙ තමයි ඔය තීරණය ගන්න ඇත්තෙ. විශ්ව විද්‍යාල සමය මතක් වෙන්න ඇති.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

දියත

අයවැය⁣ට කථානායක සහතිකය
2025 මාර්තු මස 21 325 1

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 1470 6

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2025 මාර්තු මස 21 908 0

සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප


ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 මාර්තු මස 21 1400 8

ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි


ලාංකේය සිනමාව නෙළුම් කුළුණ අලුත් උත්තේජයක්
2025 මාර්තු මස 21 79 0

ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම


නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
2025 මාර්තු මස 21 1113 0

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 41 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1090 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site