IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


මියන්මාරයට සම්බාධක පනවන්න ඇමරිකාව සූදානමින්

මියන්මාරයට නැවත වරක් සම්බාධක පැනවීම කෙරෙහි ඇමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමු වී තිබේ.

මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අත්පත් කරගත් අතර නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී ඇතුළු එරට දේශපාලන නායකයන් රැසක් අත්අඩංගුවට ද ගත්තේ ය.

අවුන් සාන් සූකී අත්අඩංගුවට ගෙන පැය 24ක් ගත වුවද ඇය රඳවාගෙන සිටින්නේ කොහේදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (2) රැස්වීමට නියමිත යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මියන්මාරයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවත් හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව පියවර ගත යුතු බවත් ඇමෙරිකාව දැනටමත් ප්‍රකාශ කර ඇත.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය (නැෂනල් ලීග් ෆෝ ඩිමොක්‍රසි (එන්.එල්.ඩී) පක්ෂය අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය. මැතිවරණයේදී වංචා සිදු වී ඇති බව පවසමින් මියන්මාර හමුදාව මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගැනීමෙන් පසු එරට ජෙනරාල් මින් අවුන්ග් ලායිංග් අතට බලය පැවරූ අතර මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි නීතිය පැනවීමට ද හෙතෙම පියවර ගත්තේ ය. 

මියන්මාර හමුදාව දශක ගණනාවක් මුළුල්ලේ සිට එරට දේශපාලනයට අත පෙවීම් කරයි. කෙසේ නමුත් පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙන් පසු රට ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු ඇති විය. එහෙත් හමුදාව මෙලෙස නැවත වරක් බලය ඇල්ලීමත් සමඟ එම බලාපොරොත්තු සුන් වී තිබේ.

හමුදාව බලය ඇල්ලීම මියන්මාරයේ සාමකාමී බල හුවමාරුවට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කළ සෘජු ප්‍රහාරයක් බවත් ඇමෙරිකාව මේ තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටින බවත් එසේම අනෙක් රටවල් දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවැසීය.

“මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යන ගමනේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාව මියන්මාරයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට පසුගිය දශකයේදී පියවර ගත්තා. දැන් ඇති වී තිබෙන තත්ත්වය නිසා එය ආපස්සට යනවා. ඒ නිසා මියන්මාරයට සම්බාධක පැනවීම කෙරෙහි නැවත සලකා බලන්න වෙනවා” යැයි ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සදහන් කළේය.

“මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම සඳහා අපේ පාර්ශවකරුවන් සමඟ එක්ව වැඩ කරනවා. අපේ කලාපයේත් ලෝකයේ අනෙක් රටවල් සමඟ එක්ව කටයුතු කරනවා. අනෙක් රටවල් දක්වන ප්‍රතිචාරය මොකක්දැයි බලා සිටිනවා.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවට මේ එල්ල කළ ප්‍රහාරයට වගකිව යුතු අයට එරෙහිව පියවර ගන්නවා.අපි අපේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කර සුදුසු පියවර ගන්නවා” යැයි ද හෙතෙම සඳහන් කළේය.

 රොයිටර්
( 055)



අදහස් (5)

මියන්මාරයට සම්බාධක පනවන්න ඇමරිකාව සූදානමින්

Deepal Nirosh Tuesday, 02 February 2021 07:55 AM

මදැයි ඉඳල ඉඳලා කලා වැඩක්.., මේ දැන් දැන් අඬන්න හිත හිත හිටපු මිනිහගේ ඇහැටම ඇඟිල්ලෙන් ඇන්නා නේද?

:       3       1

බද්රානි Tuesday, 02 February 2021 08:22 AM

අනේ, කරුණාකරලා ඔය එක්කම ලංකාවටත් ආර්ථික සම්බාධක පනවන්න. මේ රටවල් දෙකේම ඉන්නේ එක හා සමාන ගෝත්‍රික මිලේච්ඡයින්...

:       8       13

chandanaSunday, 07 February 2021 05:40 PM

තමන්ගේ ප්‍රශ්න වලට අනුන් අතදානකොට අනේ සැපයි කියකිය ඉන්නේ නැතුව තමන්ගේ ක්‍රමවලට ප්‍රශ්න විසඳන එකට කියන්නේ මිලේච්ඡත්වය කියලා නෙවෙයි. අනුන් මත යැපෙන අයට කියන්නේ දේශද්‍රෝහීත්වය කියලා. මොකද ඔය කවුරුත් දඟලන්නේ ඔය රටේ තියෙන බෞද්ධකම නැති කරලා දාන්න මිසක් ඒ රටට ආදරේට නෙවෙයි. අපේ රටේ අයට ඕක නොතේරුණු නිසා තමයි නැට්ට බල්ලව නටවන තියරිය ක්‍රියාත්මක වෙන්නේ.

:       0       0

Jaya Tuesday, 02 February 2021 09:30 AM

අනේ භද්‍රානි, ඊට පස්සේ ඔයා කොහේද යන්නේ..?

:       7       8

Prabha Tuesday, 02 February 2021 01:17 PM

ඇමෙරිකාවේ මිනිස්සු බල්ලන් බළල්ලුන් වගේ වයිරස් එකෙන් මියයනවා. මෙයාලා ලෝකේ ප්‍රශ්න විසඳන්න හදනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site