විනීතා එම් ගමගේ
වකුගඩු බද්ධ කළ රෝගීන් වෙනුවෙන් ලබාදිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් වන මයිකොපිනලේට් ඖෂධය මාස තුනකට ප‍්‍රමාණවත් තොගයක් ලැබී ඇතැයි වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශන මහතා අද (13) පැවසීය.
මෙම ඖෂධය ඉකුත් මාසයක පමණ කාලයක් තිස්සේ වෛද්‍ය සැපයුම් ඒකකයේත් රජයේ රෝහල්වලත් හිඟයක් පැවැතිණි.
ලබන සිකුරාදා වන විට මෙම ඖෂධ තොගය අවශ්‍යතා පවතින රෝහල් වෙත ලබා දිය හැකි වන බව ද හෙතෙම කියා සිටියේය.
මයිකොපිනලේට් හිඟ වූ බව සැබෑවක් නමුත් එය හිඟවීමට හේතුවූයේ හදිසියේ එහි මිල ඉහල දැමීමට ඖෂධ ගෙන්වන සමාගම් ගත් පියවර හේතුවෙන් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කිරීම යැයි ද සුදර්ශන මහතා පැවැසීය.
ඖෂධ සමාගම් විසින් රුපියල් 200 සිට 400 දක්වා ඉහලට දමා තිබු බව කී අධ්‍යක්ෂවරයා උපරිම ටෙන්ඩර් මිලක් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන් බවත් ඒ අනුව රෝගීන් පිළිබඳවත් ඩොලරයේ අගයත් සළකා බලා මධ්‍යස්ථ මිලකට එන්නැයි අමාත්‍යවරයා ආරාධනා කළ බවත් කී සුදර්ශන මහතා ඒ අනුව එකී ඖෂධය රුපියල් 45 ක මිලකට දීමට සියලූ පාර්ශව එකඟ වූ බවත් පැවැසුවේය.
මෙම ගනුදෙනුව රුපියල් බිලයන ගණනක වටිනාකමක් ඇති ගනුදෙනුවක් නිසා ඊට කැබිනට් අනුමැතිය ලබා ගතයුතු වූ බවත් කල් ගත වූයේ මේ හේතු නිසා බවත් පැවසූ සුදර්ශක මහතා මේ වනවිට ඖෂධ ලැබී ඇති බවත් ඉදිරියේ දී හිඟයක් නැතිව ඖෂධ ලබා දිය හැකි වන බවත් කියා සිටියේය.
මේ වනවිට දිවයිනේ රෝහල් ගණනාවක මෙම ඖෂධය හිගව පවතින බව වාර්තාවන අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ද මයිකොපිනලේට් ඖෂධයේ බරපතල හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක මහතා පවසා සිටියේය.
එම රෝහල මුදල් අයකරන රෝහලක් වන නමුත් එහි වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ නොමිලේ ලබා දෙන බවත් එසේ වුවද පසුගිය දිනවල මයිකොපිනලේට් හිඟයක් පැවැති බැවින් රෝගීන්ට ප‍්‍රමාණවත් පරිදි ඖෂධ ලබා දිය නොහැකි වූ බවත් කී ඒ මහතා ඖෂධ තොගයක් ලැබී ඇතැයි වාර්තා වී ඇති බැවින් ඖෂධ ලබා ගැනීමට වෛද්‍ය සැපයුම් ඒකකය වෙත යවා ඇති බවත් කීය.
සතියකට ප‍්‍රමාණවත් ප‍්‍රමාණය මේ වනවිට රෝගින්ට ලබා දෙන බව කී අධ්‍යක්ෂවරයා ඉදිරියේ දී මෙම හිඟය අවම වනු ඇතැයි ද කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
377
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මයිකොපිනලේට් ගෙන්වයි
රවිඳු Wednesday, 13 March 2019 10:24 AM
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ දොස්චොරාලා තවම මේ සඳහා විරුද්ධ ක්‍රියා මාර්ගයක් ගෙන නැද්ද? සුවසැරිය ගිලන්රථවලට ගල් ගැසීමට ජනතාව පෙළඹූ දොස්තරලා ඉන්න රටේ, එසේ නොකොළොත් තමයි අපි පුදුම වෙන්න ඕනෑ.