
(ශාන්ත රත්නායක)
පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළදාම සදහා අද(14) විවෘත විය. වාහන තදබදය අඩු කරගැනීම සදහා පළමුවෙන්ම තොග වෙළදාම පමණක් ආරම්භ කර තිබේ. එය පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළදාම් කටයුතු සදහා විවෘත වේ.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය පසුගිය මාසයේ (20) වැනිදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd