සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම පිළිබඳ යෝජනාවෙන් වෙනස් ප්‍රවේශයක් ගැනීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (27) ප්‍රකාශ කළාය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ දී සිය වාචික ප්‍රකාශය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ඒ බව සඳහන් කළාය.
එහිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කරුණු දැක්වූවාය.
නව ආණ්ඩුව මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවෙන් කරන ලද කැපවීම්වලට වෙනස් ප්‍රකාශයක් නිවේදනය කිරීම ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයෑමේ උත්සහායන් අවදානමේ හෙළන බව ද ඇය එහිදි කීවාය.
ශ්‍රී ලංකා රජය එහි සියලු ප්‍රජාවන්ගේ විශේෂයෙන්ම සුළු ජාතීන්ගේ අවශ්‍යතා සහ ප්‍රශ්න හඳුනාගෙන ඒව විසඳීම සඳහා කටයුතු කළ යුතු බවත් පසුගිය කාලයේදී ලබාගත් ප්‍රතිඵල තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්නැයි ද මා රජයෙන් තදින් ඉල්ලා සිටින්නේ යැයි ද මහ කොමසාරිස්වරිය කවුන්සිලය අමතමින් පැවැසුවාය.
සියලු ජනකොටස්වල අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු යැයි එහිදි සඳහන් කළ මහ කොමසාරිස්වරිය අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සහ වන්දි ගෙවීමේ කාර්යාලයට අවශ්‍ය දේශපාලන සහ අනෙකුත් සම්පත් දායකත්වය ලබාදීම සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුව උනන්දු කරවන බව ද කීවාය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ශක්තිමත් කෙරුණු ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් යැයි සඳහන් මහ කොමසාරිස්වරිය සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යයට තිබෙන ඉඩ ශක්තිමත් කළ යුතු යැයි ද පැවැසුවාය.
එම නිසා සිවිල් ක්‍රියාකාරකම් ආරක්ෂක අමාත්‍යාංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් යටත ගැනීම, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ වින්දිතයන්ට දැඩි සෝදිසයට ලක් කිරීමේ සහ ඔවුන්ට හිරිහැර කිරීමේ මෑතකාලීන ප්‍රවණතා සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වන්නේ යැයි ද ඇය කීවාය.
දෙමළ හා මුස්ලිම් සුළු ජාතික ජන කොටස්වලට එරෙහිව වෛරී ප්‍රකාශ ඉහළ යෑම ආරක්ෂාව සහ අනෙකුත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සෘජුවම ඔවුන් ඉලක්ක කරගැනීම ද දක්නට ලැබෙන බව ද ඇය එහිදි සඳහන් කළාය.
අතීතයේදී සිදු වූ හිංසන හා උල්ලංඝනය කිරීම්වලට පිළියම් නොසෙවීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහ අවශ්‍ය ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන ගැටලුවක් යැයි ද ඇය කීවාය.
අපරාධ යුක්ති පද්ධතිය තුළ තිබෙන සීමාමායිම් නිසා සැබෑ යුක්තියට අවහිර තිබෙන්නේ යැයි ද මහ කොමසාරිස්වරිය එහිදි පෙන්වා දුන්නාය. දේශීය ක්‍රියාවලිය අතීතයේදී වගවීම තහවුරු කිරීමට අඛණ්ඩව අපොහොසත් වීම නිසා තවත් විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමෙන් තමන් සෑහීමකට පත්වන්නේ නැතැයි ද ඇය එහිදි පැවැසුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෑම ජන ප්‍රජාවකටම අයත් වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු වී නැතැයි අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම නැවත සිදු නොවන බවට සහතියක් ලැබී නැතැයි ද ඇය පෙන්වාදුන්නාය.
එබැවින් මේ තත්ත්වය වැළැක්වීම සඳහා විමසිල්ලෙන් සිටින්නැයි ද වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බලන්නැයි ද මානව හිමිකම් කවුන්සිලයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සුළු ජාතීන්ට පමණක් තිබෙන මහා ජාතීන්ට නැති ප්‍රශ්නය කුමක්ද ?
ඔබතුමී මෙන්න මේ පුංචි රට ගැන වග නොවී, කණගාටු නොවී අන්න අරෙහේ ගාසා තිරේ අහිංසක පාසල් දරුවන්ට ෂෙල් වෙඩි ගහලා මරණ ඒවා ගැන පියවරක් ගන්නකො.
ඉදිරි මහමැතිවරණයේදී විදුලි පුටුව නැවත කරළියට ඒමට නියමිතයි. මට මැවිලා පේනවා අත් දෙකෙන් පපුවට ගහගෙන පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියලා වැලපෙනවා.
අප්‍රේල් 21 මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම මානව හිමිකම් සංවිධානය බාරගෙන, වින්දිතයින්ට වන්දි දීමට බලාපොරොත්තුවක් නැද්ද දන්නේ නෑ. මොකද 2009 යුද්ධය අවසන් කිරීම මඟින් එවැනි ත්‍රස්ත ප්‍රහාර රාශියක් වැලකුණු නමුත්, සංහිඳියාවේ නාමයෙන් රටේ ආරක්‍ෂාව නොසලකා හැරීමෙන් අප්‍රේල් 21 ප්‍රහාරය සිදු කිරීමට ත්‍රස්තයින්ට හැකි වුණා.
මෙය රාජපක්ෂ ආණ්ඩුව තමන් විසින්ම ඔඩොක්කුවට දාගත් ලෙඩකි...
මානව හිමිකම් යනු තම රට වනසා ගැනීම හෝ බෙදීම හෝ ඊට උල්පන්දම් දීම නොවේ...
දැන්වත් අපිට පව් නොදී තමුන්ගේ වැඩක් බලාගන්නවද?
මානව හිමිකම් කවුන්සිලය අසුචි වළක් කියා 2018 දී කිව්වේ අපි නොවෙයි ඇමෙරිකාවයි. එහෙම කියා ඔවුන් එයින් අයින් වුණා. ඉතින් අපේ රට ස්වයිරී රටක්... අපි මේ හිතුවක්කාර මංගලගේ වැඩ නිසා මේ අසූචි වලට පනින්න ඕනෙද? මංගලට අසුචි වලේ නාගන්න කියන එකයි ඇත්තේ... අපේ රණවිරුවන්ව අපිට වටිනවා. අතීතයේ අපේ රටට පැමිණි ආක්‍රමණ වලින් අපේ මුතුන්මිත්තන් හට වූ අසාධාරණකම්, ඔවුන්ගේ ජීවිතහානි ඔවුන්ට සිදුවූ දේපල හානිවලට වගකිව යුත්තන්ට මොකක්ද? දෙන දඬුවම. ඒවා මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවෙයිද? පළමුව අපේ ආදී මුතුන්මිත්තන්ට සිදුවූ, සිදුකළ අසාධාරණයට මෙතුමිය කණගාටු වුණානම් කොතරම් අගනේද?
දීර්ඝ දේශනයක් මගින් මිෂෙල් බෑෂ්ලේ මහත්මිය රාජපක්ෂ, රාජපක්ෂ රජයේ විශාල අඩුපාඩු රැසක්ම ඇඟිල්ලෙන් ඇන බලධාරීන්ට පෙන්වාදී තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේවා පෙන්වාදීම සිදුවිය යුත්තේ රටේ ප්‍රධාන විපක්ෂය මගින් වුවත් ඔවුන් රජයේ අඩුපාඩුකම් නොදැක්කා මෙන් සිටීම රජයට මුක්කු ගැසීමක් හැටියට දකින අය බොහෝය...! මෙයින් පෙනී යන්නේ දැනට තිබෙන්නේ විපක්ෂයක් නොව, රජය සමගම සිටින "හෙවනැලි පාලනයක්" වගෙයි. දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එතරම් සැලකිල්ලට නොගෙන තිබෙන බව ඇයගේ අවසාන කතාවෙන් ශ්‍රී ලංකා රජයට පැහැදිලිවම පෙන්වාදී තිබීම ඇත්ත වශයෙන්ම රජයේ ඇස් ඇරවන්නක් වියයුතු වෙනවා.. සමහරවිට ඇයගේ ප්‍රකාශයට එරෙහිව රජයේ සමහර ඇමතිවරු තමන්ට පුරුදු පරිදි තුන්මුල්ලේ උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් වෙනවද කියා ජනතාව බලා සිටිනවා...
ඔබ කණගාටු වුණත්, නැතත් කරන්න දෙයක් නැහැ. මොකද ඔබ කියන විදියට ලංකාවේ හමුදාව හිරේ දාලා, හාමුදුරුවන්ව හිරේ දාලා, කොටින්ව නිදහස් කරලා, කොටින්ම මහජාතිය වුණු සිංහලයින්ගේ කොන්ද කඩලා, ගිය ආණ්ඩුවෙන් ඔය ඔක්කොම කළා.. එ්ත් මොනවද ලංකාවට ලැබුනේ. 8% ක් තිබුණු රටේ ආර්ථික වරදාන වේගය 2015 පස්සේ 3% වැඩ අඩු වුණා. ලංකාවට අාපු කිසිම ආයෝජනයක් නැහැ. අන්තිමට යන්තම් හරි තිබුණු සංචාරක කර්මාන්තෙත් නැතිවෙලා ගියා.. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. මානව හිමිකම් කාර්යාලය පක්ෂග්‍රාහී කියලා.., ඇමෙරිකාව, ඊස්‍රායලය කිව්වා. ඒ නිසා අපි රටක් විදියට අවධානය දෙන්න ඕනේ... අනාගතයේ රට තුළ දැනට තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරවන එකට... අපේ නීතිය හොඳටම ඇති හරියට ක්‍රියාත්මක වෙනවා නම්... කොටින් කරපු ත්‍රස්තක්‍රියා සුළුපටු නැහැ. හැම වෙලාවකම කොටි LTTE සාමාන්‍ය ජනතාව අරමුණු කරලා තමයි ප්‍රහාර එල්ල කලේ. ඒවා ගැන කිසිම මානව හිමිකම් කාර්යාලයක් කතා කලේ නැහැ.
UN එක කැමති අපි මේක අනාගන උන්ගෙන් හිඟමන් ඉල්ලමින් ඉන්නවනම් දිනේෂ්ගේ ප්‍රකාශනය හොඳයි. UN එක කැමති මංගල වගේ අය රට විකුණනවා නම්...
හරි අනුකම්පාවයි...
අනේ මේ අයගේ යුක්තිය. අවිටික විකුණාගන්න ලංකාවේ යුද්ධයක් ඇති කරවලා බිස්නස් එක කෙල වුණාම කිඹුල් කඳුලු හෙලනවා. අර ඉරාකයේ් මැරිච්ච ලක්ෂ10ක් සාමාන්‍ය මිනිස්සුන්ට කෝ යුක්තිය, සිරියාවේ තමුන්ගේ යුද කෙළිබිමේ දිනපතා මැරෙන මිනිස්සු ගැන කෝ ඔය වේදනාව? යේමනයේ මිනිස්සු කන්න නැතුව ඉන්න අස්සේ ඇමරිකා සෞදි ගුවන් ප්‍රහාර වලින් දවසකට 20ක් 30ක් මැරෙන එක පේන්නෙ නෑ.
දැන් ඉතිං මෙරට දේශප්‍රේමීන් පටන්ගන්න එකයි තියෙන්නෙ බනින්න. හැබැයි ක්‍රිකට් තරඟයක් වත් නිදහසේ බලන්න බැරි තත්වයට රට මිලිටරිකරණය වෙනකොට ඔය දේශප්‍රේමීන්ටත් ගුටි කන්න වෙඩි කන්න වෙන බව මතක තියා ගන්නත් ඕනෑ.
එයාට ගොඩාක් කණගාටුයි නම්, ගොඩාක් දුකයි නම් අපිට පුළුවන් එයාව සනසවන්න..
කොහොමත් UN හාදයන් කැමතියි අපේ වගේ රටවල් අස්ථාවර වෙනවට. එහෙම වෙන්න වෙන්න මේ හිවලුන්ට ජයමගුල්.. මේ අය කියන කියන විදියට රටක පාලන තන්ත්‍රය වැඩ කරනවා නම් එ්ක තමයි හොඳම පාලන තන්ත්‍රය කියලත් කියයි..
සියලු ජනකොටස්වල අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතු යැයි කියන කතාවේ වැරැද්දක් කොතනද තිබෙන්නේ...?
පුදුම උනන්දුවක් තියෙන්නේ අපේ රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගසන්න. මේ අයට කොටි අතකොලුවලින් කීයක් හම්බවෙනවද දන්නේ නැහැ.
මේ කතාවෙන් කියන්නේ සියලු ජාතීන්ගේ අතුරුදහන් වූවන් ගැන හරියට හොයා බලන්න කියලා. මොකද්ද එ්කේ ඇති වැරැද්ද? හමුදාව අතින් වැරදි වුනේ යුද්දෙදී විතරක් නොවේ. අැයි ජනතා විමුක්ති පෙරමුණේ කියකියා බොරුවට තමුන්ගේ තරහ කාරයින් මැරුවේ. මේවට ඇත්තටම වග කියන්න ඕනේ හමුදාව නෙවෙයි... ඒ අපරාධවලට අනදීපු බල ලෝභී දේශපාලන නායකත්වය, පක්ෂය මොකක් වුණත්.... තමුන්ගේ එකෙකුට කෙලවෙනකම් අපේ මෝඩ ජනතාවත් මේ ජඩ දේශපාලුවන් වීරත්වයට ඔසවනවා. නූගත්කමක මහත... රටට අබ සරණයි.
මෙයාලට උවමනා ඊනියා මානව හිමිකම් වලට නැටවෙන රූකඩ ආණ්ඩු ගොඩනගන්න.
මේ ලියන සැමෝම රටේ දිඋණුවට මේ අකුරු වගේම වැඩ කරනවානම්, අපිට වෙන රටවලට දත පෙන්නන පුලුවනි හබැයි හිගන්නන්ට මොන ඉල්ලීම්ද කල හැක්කේ ? නිදහස් දවසේ සිට ණයට හින්ගමනෙන් ජිවත් වූන අපිට, හැකි ද ඉල්ලීම් ඉදිරිපත් කරන්න , අපේ රට ඇමෙරිකාව සමග සසදන්න එපා.
ඔබ කණගාටු වුණාට කමක් නැහැ. මේක අපේ රට...
" අතීතයේදී සිදු වූ හිංසන හා උල්ලංඝනය කිරීම්වලට පිළියම් නොසෙවීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහ අවශ්‍ය ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම " දැන් මෙයින් මේ මහා කොමසාරිස් තුමිය උලුප්පන්නේ එක පැත්තයි. මේකේ අනිත් පැත්ත තමයි ,අදත් මේ රටේ දෙමල ජනයාට ආරක්ෂාව නැත කියා බටහිර රටවලට ගොස් සරනාගතබාවය ඉල්ලනවා, මෙහෙ අතුරුදහන් ලේඛන වලට නමදාලා වෙනත් රටක නම් වෙනස් කරලා වෙනත් රටක් පුරවැසි භාවයෙන් ඉන්නවා. අනාගත කැරලි සදහා ප්‍රතිපාදන එකතුකරනවා .මේ සියල්ලටම වගකියන්න ඕනේ මේ බටහිර රටවල්....
ඇම්සීසී ගිවිසුමත් ඕනේ නෑ.. මානව හිමිකම් ඕනේ නෑ අපිට ඕනෑ වහල්ලු වෙන්න. මේකේ ඉන්න අය නොකියා කියන්නේ එ්ක... එ්කත් සිංහලෙන්... මෙහෙ ඉන්න ළිං මැඩියන්ගේ සිඟිති ආතල්, මානසිකත්වය දැක්කම දෙපාරක්ම පණ ගියා හිනාවෙලා...
අනේ ආච්චි අම්මේ රටවල් ගිණි නොතියා පිනක් දහමක් කරගෙන දරු මිණුබුරන් බලාගෙන හිටියොත් ඊළඟ භවයේදී හොඳ තැනක ඉපදෙන්න පුළුවන් වේවි...!!!
මෙයා මොකටද කණගාටු වන්නේ? රට ඉන්න ඩයස් පෝරාව කොහොම කටයුතු කරනවද? කියලා හරියටම සොයා බැලිය යුතුයි. ඒ වගේම මෙයා දොස්තරවරියක් බව සමන්ත කියනවා. මේ කතාවට මේවා අදාල නැහැ. දොස්තරවරියන් ලෝකේ කොච්චර ඉන්නවද? කොතැනද සාධාරණයක් වෙලා තිබෙන්නේ අධිකරණයේ.. ඇමෙරිකාවේ, යුරෝපයේ.. මේ වෙලාවේ තුර්කිය, සිරියාව මරාගන්නවා ඇමෙරිකාව නිහඬව ඉන්නවා. යුරෝපය නිහඬව ඉන්නවා. තමන්ගේ වාසියට රුසියාව සිරියාවට ආයුධ විකුණනවා. මේ වෙලාවේ විශාල වශයෙන් අහිංසක ජනතාවක් හමුදා ප්‍රහාරවලට ලක්වෙලා. මේ වෙලාවේ මියයනවා. ටීවී දාපු ගමන් පෙන්නන්නේ සිරියාව, තුර්කීය මරාගන්න සැටියි. මානව හිමිකමක් ගැනද ලංකාවෙන් අහන්න ඕනේ...? මේවාට ඉදිරිපත් වෙලා මේ ඝාතන නැවැත්විය යුතුයි. ලංකාවේ යුද්ධය ගැන මොනවද කියන්න ඉතුරුවෙලා තිබෙන්නේ...? මෙතුමිය ගැන මට කියන්න තව කොච්චර තිබෙනවද?