IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


‘‘මානව හිමිකම් කවුන්සිලය සමඟ සමීපව කටයුතු කරනවා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදා කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සහ ඇගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ දී සිය වාචික ප්‍රකාශය ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මියට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව කීවේය.

තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදා කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ කටයුතු කිරීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර ශ්‍රී ලංකා ජනතාවගේ අනුමැතිය ලැබුණු බව ද ගුණවර්ධන මහතා එහිදි කීවේය.

මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයේදී හිරිහැර යනාදිය සම්බන්ධයෙන් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරකින බවත් සිවිල් සමාජයට ලබාදී තිබෙන අවකාශය සුරක්ෂිත කරන බවත් කීවේය.

එමෙන්ම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජයට එල්ල වූ බව කියන ප්‍රහාර හා හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනය කර වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.

‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26) නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය.

2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළේය. එම සම අනුග්‍රහාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා (19) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.



අදහස් (11)

‘‘මානව හිමිකම් කවුන්සිලය සමඟ සමීපව කටයුතු කරනවා‘‘

CHANDIMA Thursday, 27 February 2020 07:47 PM

මෙතුමාගේ කතාවෙන් පස්සේ අරහේ සුද්දන්ට මරු නැගලා.. බීබීසී හොරනෑව එක්නැලිගොඩ නෝනා ඉස්සරහට ගෙන මරහඬ තලන්න පටන් අරන්.

:       52       91

NimalFriday, 28 February 2020 07:33 AM

අහිමි වූ තමුන්ගේ ස්වාමි පුරුෂයා, තම දරුවන්ගේ තාත්තා සොයා දුක්විඳින පටාචාරාවක් වැනි කාන්තාවකට දේශපාලනය ගාවමින් අපහාස කරන්න එපා සහෝදරයා. ඔබගේ පවුලේ කෙනෙකුට මේ අසාධාරණය වුණා නම් අද ඔබ මෙවැනි දුෂ්ඨ කතාවක් කරනවද? හදවතක් ඇති මිනිසුන් වෙමු මජර දේශපාලනයෙන් ඈත්වෙලා.

:       257       270

පිටිගල මිලානෝ Friday, 28 February 2020 10:20 AM

එක්නැලිගොඩ යුද්ධය කාලේ කොටින්ට උදව් කළ කෙනෙක්... එවැනි අය ලංකාවේ පමණක් නොවේ ලෝකේ කොහෙත් අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා. රාජ්‍ය ඔත්තු සේවා තියෙන්නේ පොල්ගාන්න නෙවෙයි.

:       74       58

Perera Friday, 28 February 2020 02:37 AM

රටේ ඇතුලේ දාපු ගෙරවිලි, ගෝරනාඩු ජිනීවා ගිහින් දාපු බවක් පේන්න තිබුණේ නම් නැහැ..

:       62       55

ලුම්බිණි Friday, 28 February 2020 04:59 AM

මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජයට එල්ල වූ බව කියන ප්‍රහාර හා හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනය කර වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා බව කිව්වට ඇත්තටම මේක කරනවද?

:       1       6

Gamage Friday, 28 February 2020 05:45 AM

මේ රට සිංහල රටක් පමණක් කියූ අය ජිනීවා ගිහිල්ලා මේක බහු ආගමික, බහු වාර්ගික රටක්ලු.. අනේ මන්දා මොනවා කියනවද කියලා දන්නේ නැහැ.

:       66       143

Helaratawasiya Friday, 28 February 2020 06:04 AM

මේ වගේ අය හොඳයි අපේ රටේ බයියන්ටම... මෝඩකමට හැමදාම පම්පෝරි කතාවලට රැවටී රැවටී ඉන්න. ඔය මහන්තත්වකම් නිසා තමයි අද රට ජාත්‍යන්තරයේ බලුවෙලා තියෙන්නේ.

:       79       124

BamunuarachchiSaturday, 29 February 2020 01:59 PM

ෂාහ්, මෙන්න මිනිස්සු දිනේෂ් ගුණවර්දන මහතා මොන මිනිහෙක්ද නේද ආයුබෝවන්...? කලින් ඔය ටික කිව්වා නම් දිනේෂ්ව නවත්වලා ඔහේව යවනවා මානව කොමිෂන් එක අමතන්න. අර ඔයගොල්ලන්ගේ හාදයා කිව්වා වගේ අපි ඔබලාට සම අනුග්‍රහය දෙනවා අපි යුද්ධ අපරාද කළා කියලා රට, ජාතිය පාවලා දුන්නා නම් වැඩේ ශේප් නේද ආයුබෝවන්...? සිංහල රජ කාලේ ජාතිය පාවා දුන්නු අයට දීපු දඬුවම තමයි අලි ලවා පාගා මැරීම කියලා දන්නවද?

:       0       0

imesh Friday, 28 February 2020 06:26 AM

සමීපව වැඩ කරනවානම්, මාස 6ක් විතර එහෙ ඉඳලා එන්න.

:       0       32

rana Friday, 28 February 2020 06:38 AM

ඇයි මේ තරම් වචන, එපා නම් අයින් වෙමුනේ..! ඔවුන්ටත්, අපටත් එතකොට නිවහනක් නෑ..! හැමදාම මේ කුණු කාණුව. අපිටත් ඇමෙරිකාව වගේ ධනය තියනවනේ නේද?

:       0       4

isuru Friday, 28 February 2020 03:24 PM

අම්මට සිරි අධිරාජ්ජ වාදීන් නයාට අදුකොල වගේ හිටිය මෙයා මොකෝ මේ සහයෝගේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site