(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
          
මුනුපුරෙකුගේ පොලු පහරකින් පුත්තලම මුළික රෝහලට ඇතුළත් කර සිටි 93 වන වියේ පසුවන මිත්තණියක් ඊයේ ( 10 දා ) මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉස්මයිල්පුරම් මයිලන්කුලමේ විසු මහිපාලගේ ඇග්නස් නමැති 93 වන වනියේ පසුවන කාන්තාවකි.
 

මිය ගිය කාන්තාව හා ඇගේ මුණුපුරා එකම නිවසක වාසය කරනු ලබන අතර දෙදෙනා අතර පසුගිය දිනක ඇති වු බහින්බස්විමකින් අනවතුරුව ඔහු සිය මිත්තණියට පොල්ලකින් පහරදිම නිසා අසාධ්‍යය තත්වයට පත්ව පුත්තලම මුළික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිසිය කියයි.

මරණ පරික්ෂණ කටයුතු අද (11)  පුත්තලම රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත. පහර දිම සිදු කළ බව කියන 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කලක සිට උමතු රෝගයෙන් පසුවන  වන බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.