IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මන්නාරම සහකාර පොලිස් අධිකාරී අලවත්ත අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ සහ තරිඳු ජයවර්ධන)

පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (01) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01) කැඳවනු ලැබ සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරව එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුව සිටි මාකවිට ගමගේ දොන් හැරී යන අයගේ නිවසේ සේවකයකු වශයෙන් සිටි අජිත් සුනන්ද කන්ඩම්බි නැමැත්තා ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් එවකට මෙම නිලධාරියා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (7)

මන්නාරම සහකාර පොලිස් අධිකාරී අලවත්ත අත්අඩංගුවට

පිටිගල මිලානෝ Monday, 01 April 2019 03:56 PM

සුදු වෑන් එකකින්ද අරන් ගියේ?

:       45       90

කරුණාවතීTuesday, 02 April 2019 02:45 AM

නෑ ඔයාගේ කාර් එකේ.

:       53       185

rasika Monday, 01 April 2019 10:45 PM

මේවගේ හොර වැඩ බොහොම කලෙක ඉදන් සිද්ද උණා.. තිබුණ හැම අණ්ඩුවකදීම.. ඔක්කොම දේශපාලකයෝ මේවගේ හොරවැඩ කරලා තියෙනවා.. මේ ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන් වගේ රෝයල් කොලේජ් එකේ හොරුසෙට් එක වගේ හොරු ටිකක් මේ ලංකාවේ මෙතුවක් කාලෙකට ඉදල නැතුව ඇති... තව ඉන්නවා පාර්ලිමේන්තුවේ ඔය කල්ලියේ සෙට් එක.. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය කිසි කෙනෙක් හොරකන් කරන්නේ නැහැ.. කණගාටුවට කරුණ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරනවද නැද්ද යන තීරණය ගන්නෙත් හොරු රෑනක්ම නේ... ලබන සැරේ ඡන්දෙදි කිසිම හොරෙක්ට මිනිමරුවෙක්ට ජන්දේ දෙන්න එපා..නීතිය රකින කෙනෙක්ට විතරක් දෙන්න.. ඔහුට විතරයි රට හදන්න පුළුවන්. නීතිය හරියට නැතිව කවුරු ආවත් වැඩක් නැහැ...

:       0       27

Chanak Los angeles Tuesday, 02 April 2019 01:22 AM

ඔය එලි වෙන්නේ ටික ටික .. 2008 නම් ඉතින් කියන්න ඕනේ නැහැනේ කවුද ඝාතකයන් කියා ? ජනපති අපේක්ෂක සිහිනයට සොරිම තමයි .

:       27       24

sumith Tuesday, 02 April 2019 06:02 AM

කරුණාවතී ඔයාට ගොඩක් තරහ ගිහින් වගේ .

:       0       6

පිටිගල මිලානෝ Tuesday, 02 April 2019 06:21 AM

චානක, අරයා මේ දවස්වල ලොස් ඇන්ජලිස් පැත්තේ ඉන්නේ.

:       0       1

Harsha Tuesday, 02 April 2019 08:12 AM

කවදාවත් මේ කිසිවක් නොදැන සිටීම ගැන අදහස් දක්වමිනි. මෙම පුද්ගලයා අතුරුදන් වී ඇති අතර, ඔහු ජීවත් වන රටකි. මෙම පොලිස් නිලධාරියා කිසි විටෙක කිසිදු නිදහසට කරුණක් නොකරන අතර, අවංක පොලිස් නිලධාරියෙකි, මම පාසල් කාලය තුළ සිට මා දන්නවා, ඔහු එල්ටීටීඊය සමග සටනක දී එස්ටීඑෆ් නිලධාරියෙක් ලෙස කටයුතු කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site