
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම් 03 කට අද අලුයම කිසියම් නාදුනන පිරිසක් පහර දී අලාභ හානි සිදුකොට පලා ගොස් ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.
මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක පිහිටි කතොලික සුරුවම් දෙකකට සහ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි කතෝලික සුරුවමකට කිසියම් පිරිසක් පහර දී පලා ගොස් ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් මන්නාරමේ වැසියන් පවසා සිටියේ ගෙවුනු දින තුනට පමණක් කතෝලික සුරුවම් 06 කට කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පහර දී හානි කොට ඇති බවයි.
මෙම පහරදීම සිදුකරන ලද පුද්ගලයන් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදිහට මෙය "පොහොට්ටුවන්ගේ" වැඩක්. මෑතකදී කාදිනල්තුමා නැවතත් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන ආකාරය පිළිබඳව අප්‍රසාදය පලකළා. ඊට සැඟවුණු පිළිතුරක් ලෙස මේ වැඩේ පොහොට්ටුවන් විසින් ඔවුන්ගේ කටු කන්නන් ලවා කරවන්න ඇති. එවිට රජයට පුළුවන් මේ උවදුර තවමත් තියෙනවා කියලා රටේ ජනතාව නොමග යවන්න...
පොහොට්ටුව...!!!