IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මන්නාරම් සමූහ මිනී වලෙන් හමු වූ සිරුරු ගණන 250 ඉක්මවයි

රොමේෂ් මධුෂංඛ
 
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ අද (5) දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 252 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිස් වලේ දින 111 ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු ඇටසැකිලි 252ක් හමු වී ඇති අතර ගොඩගත් සිරුරු 252න් සම්පූර්ණ සිරුරු කොටස් 246 කට අදාළ සිරුරු වෙන්කර ‍තමන්ගේ බාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැම්පත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම මන්නාරම් සමූහ මිනිස් වලේ සිදුකරන ලද කැනීම් කටයුතු වලදී හමු වූ සිරුරු 235න් ළමුන්ගේ බවට සැකකරන සිරුරු 18 ක් හමුවී ඇති බවටද විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු පසුගිය නොවැම්බර් 14 වැනි දා තාවකාලිකව නවතා දැමුණු අතර පසුව නොවැම්බර් 27 වැනි දා නැවත කැනීම් කටයුතු ආරම්භ කරන විට මිනිස් සිරුරු 235 ක් හමු වී තිබිණි.

එදින සිට මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී තවත් සිරුරු 17 ක් අද වන විට හමු වී ඇත.

මේ අතර පසුගිය 27 වැනිදා මිනිස් වලේ කැනීම් කටයුතු නැවත ආරම්භ කරන අවස්ථාවේදී ජර්මන් තානාපතිවරයා ඇතුළු විදෙස් මාධ්‍යවේදීහු පිරිසක් මන්නාරම් අධිකරණයේ අවසරය මත සංචාරයක නිරතවූහ.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය. 

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ. ජි. ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. 

වර්තමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පැවැත්විණි.



අදහස් (4)

මන්නාරම් සමූහ මිනී වලෙන් හමු වූ සිරුරු ගණන 250 ඉක්මවයි

ruwan Wednesday, 05 December 2018 07:07 AM

ඇත්තටම මොකද්ද ඔතන වෙලා තියෙන්නේ? මේ සිරුරු කාගේද?

:       0       24

AmaraWednesday, 05 December 2018 11:17 AM

අහිංසක මිනිස්සුන්ගේ වෘකයෝ ඇවිත් මරලා ඒ අය සතුටෙන් ඉන්නවා ඇති...

:       0       0

rocky Wednesday, 05 December 2018 09:33 AM

"මානුෂික මෙහෙයවීමේ" ප්‍රතිඵලයක් විය හැකියි!

:       0       0

chaminda Thursday, 06 December 2018 12:06 PM

මෙය පැරණි සතොස ගොඩනැගිල්ල කැඩුවාට පසුව හමුවීමක් නම් මෙය සිදුවෙන්න ඇත්තේ එම ගොඩනැගිල්ල හදන්නට පෙර කියලා හිතන්න බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 32 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site