IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුන්දලම කනමුල්ල පාලම යටින් මතුවූ ආයුධ ගබඩාව

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු දැවැන්ත ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදා කිමිදුම්කරුවෝ පිරිසක් සමත් වූහ.

මෙසේ සොයා ගත් ආයුධ අතර බෝර 12 ජීව උණ්ඩ 24 ක්, බෝර12 ගිනි අවියක යාන්ත්‍රික කොටසක්, විදේශ රටකින් ගෙන්වූ විශේෂිත කඩුවක් සමඟ මෙරටදී සාදන ලද කඩු දෙකක්, පිහි 24 ක්, දුරදක්නයක්, දුරකථන කාඩ් කීපයක්, තඹ කම්බි රෝලක්, නැගෙනහිර පළාත හා බස්නාහිර පළාත තුළ භාවිතා කළ වාහන අංක තහඩු කීපයක්, අන්තර්ජාලය තුළට වේගයෙන් ගමන් කළ හැකි  රවුටර් කීපයක්, වාහන ඉන්ජේක්ටර් පොම්ප සඳහා යොදා ගන්නා නොසල් කීපයක්, ට්‍රාන්ස්පෝමර්වල පරිපථ ඇතුළු දෑ සොයා ගැණිනි.

මුන්දලම පොලිස් ස්ථානාධිපති සමන් ඒකකනායක මහතාට ලැබුණු තොරතුරක් මත අදාළ උපකරණ තොගය සොයා ගෙන තිබේ.

ජා ඇල සිට පුත්තලම ගලා එන පැරණි හැමිල්ටන් ඇළ ගලා බසිනා මාර්ගයේ පිහිටි කනමුල්ල පාලම යටට මෙම ආයුධ කිසියම් සංවිධානාත්මක කණ්ඩායම් ගෙනවිත් දමන්නට ඇති බවත් එයට හේතුව මේ දිනවල සිදුවන ආරක්ෂක අංශ සෝදිසි කිරීම්වල දී මෙම ආයුධ හමුවීම වැළැක්වීමේ අරමුණ බවත් ඔවුහු සඳහන් කරති. 

නාවික හමුදා කිමිදුම්කරුවන් පැය කීපයක් පුරා ජලයේ දැඩි සෝදිසි කිරීම්වල නිරත වී මෙම ආයුධ තොගය ගොඩගත් අතර එකම ස්ථානයකදී මෙතරම් ආයුධ තොගයක් හමුවු පළමු අවස්ථාව  ද මෙය වේ. 
 



අදහස් (5)

මුන්දලම කනමුල්ල පාලම යටින් මතුවූ ආයුධ ගබඩාව

Asanka Sunday, 05 May 2019 11:24 AM

බුදුඅම්මෝ මෙච්චර අවි ආයුධ අහුවෙද්දීද මේ අල්ලන සැකකරුවන් දවසින් නිදහස් කරන්නේ? මේ ආණ්ඩුවට අමු කැවිලද? තව අලුත් ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්නත් හදනවා.. සැකකරුවන්ට පහසුකම් දෙන්න.

:       95       114

ase Sunday, 05 May 2019 11:25 AM

හෙට පාසල්වල මොනවාහරි කළොත් මේ වාරේ අපි අර හාමුදුරුවෝ කිව්වා සේ අඩිය අඟලට තලනවා..

:       92       66

samiraSunday, 05 May 2019 01:09 PM

කරුණාකර මෝඩ කතා කීමෙන් වලකින්න. සතුරටද අවශ්‍යව ඇත්තේ එයමයි

:       0       0

චරිත් Sunday, 05 May 2019 12:20 PM

මුන්දලම නාන කෙනෙක් පල්ලියේ වත්ත සුද්ද කරන්න ගෙනාපු ඒවා වෙන්න ඕනෑ... අහිංසක මිනිස්සු

:       31       21

sarath perth Sunday, 05 May 2019 02:07 PM

ඇයි කලබල වෙන්නේ මේ ආයුධ තණකොළ කපන්න ගෙනාවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site