(සුජිත් හේවාජුලිගේ)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගැබටද පෙරේදා (22) සිකුරාදා පැමිණ ඇතැයි තොරතුරු හෙළි වී ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තුවේ ආ ගිය තැන් සහ ඔහු සමඟ එහිදී සමීපවූ මන්ත්‍රීවරුන් සහ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට පාර්ලිමේන්තුවේදී සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාකර ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාට හදිසියේ උණ ගැනීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වූ බවයි.
තමා නිවෙසේ නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට යොමු වන්නයි මන්ත්‍රීවරයා තමා සමග පසුගිය දිනවල සමීප වූ සියලු දෙනාගෙන් ඉල්ලීමක්ද කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නෙමෙයි ජනතාවට ඕනෑ කරන්නේ. ජනතා ප්‍රශ්නවලට ඔබේ වටිනා කාලය යොදවන්න.