(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අද(16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථාවේදී පවා පිටතට නොපැමිණි බවද දැනගන්නට තිබේ.
ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන කිසිවක් නොමැතිව නිරාහාරව සිටි බව කියන මන්ත්‍රීවරයා අද(16) පෙරවරුවේ ක්‍රීම්කැකර් බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා ගත් බවද පැවසේ.
මේ වනවිට සැකකාර මන්ත්‍රීවරයාට පැදුරක් පමණක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.
මන්ත්‍රීවරයා සිටින සිරකුටිය දෙසට නිලධාරීන් කිසිවෙකුත් යෘමට බියක් දක්වන බවද, ඒ සමඟ ම තහනම් නියෝගය බලපා ඇති බවද පැවසේ.
COMMENTS
දුරකථනයක් දුන්නා නම් අතුලේ වෙන ජඩවැඩ ටිකත් එළියට ගන්න තිබ්බා.
රඟපාන්න හදනවා.
සිර කුටිය අසලට යාමත් නිලධාරීන්ට තහනම්? ඒ කියන්නේ සාමාන්‍ය සිරකරුවෙකුගේ පහසුකම්වත් නෑ කියන එකද? වෙනත් විදිහකට කියනවා නම් බන්ධනාගාර නිලධාරීනුත් ඉහලින් එන නියෝග නිසා අසරණ වෙලා? ඒකට කියන්නේ පළිගැනීම නෙමෙයි නම් වෙන මොකක්ද? රන්ජන් හිරේ ගියේ මෝඩකම නිසාය. හිරේ යා යුත්තන් හිරේ නොයන්නේ නීතිය පාගන හැටි දන්නා නිසාය.
අමතක කරන්න එපා. රගපාන නලුවෙක්. මානසික රෝගියෙක් ලෙස රගපාන්න බැරිකමක් තියෙන්න විදියක් නැහැ.
රෑට තනියම ඉන්න බෑ වෙන්න ඇති, පව්.!
මෙයා නළුවා. මේයා රඟපානවා.
චණ්ඩියා වගේ ඇතුළට ගියාට මුල් දවසෙම මානසික වශයෙන් පතුලටම වැටිල වගෙයි.
මොහුට කාත් කවුරුවත් නැතිබව මහාචාර්ය කාලෝ ෆොන්සේකා කිව්වා මතකයි. දිවි නසාගැනීම් වැනිදේ ගැන සැලකිලිමත් වන්න.
ගහයි කියලා බයේ ඇත්තේ හිරකාරයින් ටික..
ඔව් බලාගෙන, යන්න එපා.
මානසික රෝගයක්වත්ද?
කරපු ඒවා හැටියට මෙයාට මෙහෙම වෙලා මදි.
තට්ටේ ගාගන්න ඇත්තේ මොළේ පෑදෙන්න වෙන්න ඇති.
යන්න නම් එපා ගොයියෝ... ගියොත් කාගෙන තමයි එන්න වෙන්නේ..
නිලධාරීන් බය වෙන එක සාධාරණයි.
රන්ජන්ට දැනටම ඩිප්රෙෂන් එන්න ඉන්ජෙක්ෂන් ගහලා වාගේ. ඊළඟට පිස්සන් කොටුවට දායි.
රන්ජන් මැතිතුමා බන්ධනාගාර බත් පිඟාන නොගත්තේ එයාගේ ජීවිතයට තිබෙන ආදරය නිසා බව කවුරුත් දන්නා කරුණකි. කාගේ හෝ අත් වැරද්දකින් බතට වස විසක් වැටුනොත් එයාට ජේසු පිහිටයි කියන සැකය නිසයි එහෙම කරන්නේ ! එහෙම නැතුව හිරගෙදර බත්පතේ නීරස බව නිසාම නොවේ ... තනිකඩයෙක් නිසා එයාට ගෙදරින් කෑම පිඟානක්වත් ගෙන්වා ගැනීමට නොහැක... ක්‍රීම්කැකර් බිස්කට් එකකින් දවස ගෙවාගැනීමට බැරි නිසයි එතුමා ව්‍යායාම වලට නොයන්නෙත්. ඔහුට වඩා දරුණු වැඩකරපු හෙන්චයියන් නිදහසේ එළියේ සිටියදී රංජා විතරක් ඇතුලට ගියේ කොහොමද කියන එක දැන් රට පුරාම උභතෝකෝටික ප්‍රශ්නයක් වෙලා ... එයාගේ ජීවිතයට තිබෙන ආදරය නිසා
රටේ නිරුවත ජනතාවට පෙන්නුවට ස්තුති කරන්න ඕනේ. කොයි ආණ්ඩුවේත් ඔයටික කළා. ඒ ජරා මිනිස්සු ටික රන්ජන් රටට පෙන්නුවා
මොඩයා කියලා කිව්වට ජනතාව මොහු සමග එළියට අාවොත් වැඩි ඡන්ද ලබා දිනනවා...