IMG-LOGO

‘මන්ත්‍රී භෝජනාගාරය වහලා දාන්න‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරය වසා දමන්නැයි  තමා ඉල්ලා සිටින බවත්  මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම  ගෙන ඒමට හැකියාව ඇති  බවත් පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා  පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

කතානායකවරයා අවසර දෙන්නේ නම්  පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දැමිය හැකි බවද ඔහු කීවේය.

කැටගොඩ මහතා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේ  දියර කිරි ගැන පළවූ  වාර්තාව  සම්බන්ධයෙන්  ඇතිවූ සංවාදයේදීය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා:

මොකක්ද මේ මන්ත්‍රී භෝජනාගාරයේ  ඇතිවෙලා තියෙනවා  කියන කිරි සිද්ධිය. මේ වගේ  සිද්ධියක් වෙලා නම් ඒක මෙතන ඉන්න දෙසිය  විසි පහටම  හොඳ නැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා ඒ ගැන දැන් ප්‍රකාශයක් කරනවා.

ජයන්ත කැටගොඩ මහතා:

මන්ත්‍රීවරුන් පිරිසක් දියර කිරි ඉල්ලා යකා  නටලා කියලා පුවත්පත් වාර්තාවක්  පළ වී තිබුණා. අපි ඒ ගැන සොයා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නෑ. මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න.

සමගි ජන බලවේගයේ බදුලු  දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:

පාර්ලිමේන්තුවේ අයට හැමදේම තියෙනවා. අපිට මොකුත් නෑ කියලා ජනතාව කියනවා. අද පාර්ලිමේන්තුවේ ගෑස් හිඟයක් නෑ.ඒත් රටේ මිනිස්සුන්ට ගෑස්  නැහැ. රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය අපි හොඳින් දන්නවා. කිරි ප්‍රශ්නයත් අපිට විතරක් නෙමේ රටටත් තියෙනවා. ගරු කතානායකතුමනි මේ තත්ත්වය නිවැරදි වෙන්න ඕන. මන්ත්‍රීවරයකු විදියට මටත් මේ චෝදනාව එනවා.

කැටගොඩ මහතා:

ඔය හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන පැන්න වගේ වැඩක්.  මන්ත්‍රී භෝජනාගාරය වහල දාන්න. අපිට ප්‍රශ්නයක් නෑ . අපි ගෙදරින් කෑම එකක් ගෙනල්ල කන්නම්. අපි මෙතනට එන්නේ කන්න නොවෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

මම ඒ  වාර්තාව දැක්කා. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නම්. මේක තවදුරටත් සංවාදයක් කරගන්න එපා.



අදහස් (4)

‘මන්ත්‍රී භෝජනාගාරය වහලා දාන්න‘

beau Thursday, 10 March 2022 03:36 PM

‘‘අපි මෙතැනට එන්නේ කන්න නෙවෙයි...‘‘ මෙහෙමත් බොරු කියන හොරුන්ද මේ රට සංවර්ධනය කරන්නේ...? මේ අය ඔය ගාලට එන්නේ එතැන නිකන් දෙන පුන්නක්කු ටික කන්න බව මුළු රටම දන්නවා.

:       0       0

දුක් විදින ජනයා Thursday, 10 March 2022 06:29 PM

කම්කරුවා සිට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයා දක්වා ගෙදරින් කෑම එක ගෙනියන එකේ මෙම කැන්ටිම වසා දමන්නේ නම් ජනතාව රජය ගැන ධනාත්මක ආකල්පයක් දරාවි. මොකද කියනවා නම් කැන්ටිමේ කෑම රස වූවත් පෝෂ්‍යදායි නොවන හෙයින් අත්පොලසන් දීමට තරම් ශක්තියක් මන්ත්‍රීවරුන්ට නැත. ඔවුහු ඉතා අමාරුවෙන් සහ අලසකමින් සිටින්නේ එබැවිනි. කැටගොඩ මහතාට ප්‍රණාමය හිමිවිය යුතුය.

:       0       2

කපුටා Thursday, 10 March 2022 08:55 PM

කොහොමත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීලාට, ඇමැතිලාට, ජනාධිපතිට, අගමැතිට වගේ අනුන් මත යැපෙන අයට රටේ ඇත්ත ප්‍රශ්ණ දැනෙන්නේ නැහැ. ඔවුන්ට කොහෙන් හරි අවශ්‍ය දේවල් ලැබෙනවා. භෝජනාගාරයේ ඒවා කන්න පුළුවන්ද ඇඳුමක් ඇඳන්? ඕවා කාලා බීලා දවසක හරක් වෙලා ගෙවන්න වෙන්නේ ඔබලාටමයි... කොහොමත් ලෝකය ආපස්සට යන්නේ දැන්. එතකොට බඩු අදින්න, කූඹුරු හාන්න අලුතෙන් හරක් උපදින්න ඕනෑ. ඒකට සුදුසුකම් සපුරලා ඉවරයි හැම දේශපාලුවාම වගේ...

:       0       1

Bunny Preena Friday, 11 March 2022 04:16 PM

මන්ත්‍රී භෝජනාගාරය විතරක් නෙවෙයි, මන්ත්‍රී චෝදනාගාරයත් වහලා දාන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site