(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.
නිවසේ නිදන කාමරයේ ජනේලය බිඳ කාමරයට ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවද, එම ජනේලය බිඳීමට රැගෙන විත් තිබූ උල් යකඩ ආයුධයක් තම බාරයට ගත් බවද පොලිසිය කියයි.
මෙම සිදුවීම වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ කිසිවෙකු නොසිට ඇති අතර, මේ පිළිබඳව මන්ත්‍රීවරයා අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.
වෙල්ගම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙන්නේ කළුවාමෝදර ගංගාව සමීපයේ බවත්, ගංගාව සමීපයේ ආරක්ෂක වැටක් හෝ නොමැති බවත්, නිවසට ඇතුළු වූ පුද්ගලයා ගං ඉවුර හරහා පැමිණියේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරන බවත් පර්යේෂණ පවත්වන නිලධාරීහු කියති.
සොරකම් කළ පිරිස නිවසට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයාගේ ජීවිතයට හානියක් කිරීමටද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
සොරකම සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු, අලුත්ගම පොලිසියේ අපරාධ ස්ථාන, ඇඟිලි සලකුණු සහ පොලිස් සුනඛ ඒකකවල නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.




COMMENTS
අනේ අපොයි.., අහිංසකයා බැංකු ගානේ රස්තියාදු වෙලා හදාගත්ත පැල්කොටේටත් හොරු පැනලානේ මේ අවස්ථාවේම... අනේ අම්මපා මේ හොරුන්ටත් මේ වෙලාවේම මේ දුප්පත් හාදයාගේ අම්බලම හැර වෙන සුවිසල් මන්දිර තිබුණෙම නැද්ද හැබෑට පනින්න..
මාධ්‍යවේදීන් සහ මන්ත්‍රීලා මරපු පවුල් පෙරමුණට ඕවා සිම්පල් වැඩ. අනිවාර්යයෙන්ම මරන්න එන්න ඇත්තේ..
මේක වෙල්ගම ඉන්න ගෙදර නෙවේ. නැත්නම් ජනෙල් වලට ග්‍රීල් ගහලා ආරක්ෂාකාරීව හදනවා. වීදුරුව බිදීමත් රගපෑමක් වෙන්න පුලුවන්.
කිසිම ප්‍රතිපත්තියක් නැති හොද කෙනෙක්.
ඔච්චර ආරක්ෂාව පිට තිබ්බ මහ බැංකුවත් මහ දවල් කොල්ලකාපු එකේ මේක ගැන මොනවා කතා කරනවද?
සුදු වෑන් එවපු අයට ඕවත් වැඩද?
මේ සිදුරෙන් හොරෙකුට රිංගන්න බැහැ නේද?
මන්ත්‍රීවරුන්ගේ නිවසටත් පොලිස් ආරක්ෂාව තියෙනවා. එහෙමනම් ඔය ගෙදර මන්ත්‍රිවරයා නිතර සිටින නිවස නම් අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරීන් සිටින්න ඕනේ. ඔය ඔහුගේ නිවාසවලින් එකක් වෙන්න ඕනේ. ඔහු ප්‍රධාන වශයෙන් ඉන්නේ මතුගම නම් ඒ නිවසට තමයි ආරක්ෂාව සපයන්නේ පොලිසිය. එසේ නම් ඔහු රැදි නොසිටින ස්ථානයකට සොරෙක් පැමිණිම යම්දුරකට සාධාරණයි. මොකද සාමාන්‍ය මිනිස්සු ගෙවල්වලින් බැහැරව සිටින විටදිද හොරුන් සොරකම් කරනවා. එත් මන්ත්‍රිවරයා නියත වශයෙන් සිටින නිවසටයි ජිවිතයට හානියක් කරන අයකු පැමිණෙන්නේ. පාළු නිවසකට එවැනි දෙයකට එන්නේ නැහැ. ඒ ගැන සෙවිම සාධාරණයි. මේ අවස්ථාවේදි දේශපාලන වාසි ලබාගන්න එතුමාට විරුද්ධ පාර්ශ්වයට එය බැර කිරිමේ අදහසින් ඡන්දය දිනාගැනිමට නොහැකි පක්ෂයක් හෝ පක්ෂ වලින් එතුමාගේ ජිවිතයට හානියක් සිදුකරන්නත් යම් විටෙක අවස්ථාව තිබෙනවා. ඔය ආව කෙනා හෝ කණ්ඩායම හදුනාගෙන ප්‍රශ්න කර සත්‍ය හෙලි කරගැනිම පොලිසියේ වගකිමයි.
අරයා ආවද දන්නේ නැහැ... වෙල්ගම සතුටින්ද ඉන්නේ කියලා බලන්න.
මට පුදුම හිතෙන්නේ මන්ත්‍රී කෙනෙක් වුණාම ගෙදර කවුරුවත් ඉන්නේ නැතිව වහල දාල යනවා කියන එකයි. ඇත්තටම ඔයාගේ මන්ත්‍රීතුමා ස්ථිරවම පදිංචි ගේද? නැත්නම් එතුමා වත්තට ආවහම විවේක ගන්න මඩුවද? මොකද අපි නම් දින කීපයකට බැහැරකට යනවා නම් අහළ පහළ කෙනෙකුටවත් බලාගන්න කියලනේ යන්නේ....
පොහොට්ටුවේ වහල්ලු කරපු වැඩක් කියල හිතන්න පුළුවන්
බුදුඅම්මාේ විදුලි මීටරේකුත් තියනවා. තබ්බයි කියලා ඉතිං බිලක් ගෙවයියැ?
ඔය හොර සල්ලි වලින් හදපු රහසිගත ගෙදරක් අාදායම් බදු දෙපාර්තමේන්තුව දන්නේ නැතුව ඇති...