පාර්ලිමේන්තුවේදී විනීතව හැසිරෙන්නැයි තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන බව ජනපති සමඟ පැවැති රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එය කඩකලොහොත් මන්ත්‍රීවරුන් කැඳවා අවශ්‍ය පියවර ගන්නා බව ද ජනපති කීවේයැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේදී අද පැවැති මාධ්‍යහමුවකදී ය. ඒ මහතා මෙසේ ද පැවසීය.
‘‘පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි අපි යෝජනාවක් ගෙනැල්ලා දවස් පහකට කල් දෙනවා. දවස් පහකින් පස්සේ ඒක වභාග වෙනවා. ඒක එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තිබෙනවා ස්ථාවර නියෝග අත්හිටුවලා ගේන්න පුලුවන්. මන්ත්‍රීවරු 20ක් සහයෝගය දෙනවා නම් ස්ථාවර නියෝග අත්හිටුවලා ඕනම යෝජනාවක් ගෙන්න පුලුවන්. ඒ ක්‍රමය තමයි අපි අනුගමනය කළේ.
පාර්ලිමේන්තුව විසිරෙව්ව ගැසට්ටුව උසාවියෙන් අත්හිටෙව්වා. ඉන් පසු හදිසියේ පහුවදා පාර්ලිමේන්තුව රැස්වෙලා ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාවක් සම්මත කරලා විශ්වාසභංග යෝජනාව ගෙනාවා. කතානාකයවරයා පාර්ලිමේන්තුවට ආවට පස්සේ සුමන්තිරන් මහත්මයා නැගිටලා යෝජනාවක් ගෙනත් ස්ථාවර නියෝග අත්හිටෙව්වා.
අනුර කුමාර දිසානායක මහතා විශ්වාස භංග යෝජනාව ගෙනාවා. ඉන් පසු ස්ථාවර නියෝග 47.1 හි සඳහන් වෙලා තිබෙන ආකාරයට කටහඬ අනුව ඡන්දය විමසුවා.
පෙරේදා අපි ජනාධිපතිතුමාව හමුවුණා. හමුවුණාම කිව්වා ඊයේ (සිකුරාදා) මේ යෝජනාව නැවත වරක් ගෙනෙන්න කියලා. මම ඇහුවා යෝජනාව ගේන්න පුලුවන් ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන් ඉඩ දුන්නේ නැතිනම් මොකද කරන්නේ කියලා. මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්න කියලා උපදෙස් දෙනවා කිව්වා. ඒ පොරොන්දුව දුන්නා අපට. එහෙම හැසිරුනේ නැතිනම් ඒ අය ගෙන්වලා අවශ්‍ය පියවර ගන්නවා කියලත් කිව්වා. හඬින් ඡන්දයක් ගත්තත් එතුමා පිළිගන්නවා කිව්වා. ‘‘
මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා -
‘‘ලබන සඳුදා පාර්ලිමේන්තුව කැඳවනවා. කතානායකට අකමැති නම් යෝජනාවක් ගෙනත් කතානායක අයින් කරන්න ඔවුන්ට පුලුවන්. දැන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන්න කැමති නෑ, වෙනත් කෙනෙක් නම් කළොත් පුලුවන් කියලානේ. ඡන්දෙන් පස්සේ ආයෙත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වුණොත් ව්‍යවස්ථාව එයාලා අර්ථ දක්වන විදියට පහුවදාම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරන්න බෑ කියලා ඒ පාර්ලිමේන්තුවත් විරිසරුවන්න පුලුවන්. මේ වෙලාවේ කළ යුත්තේ මහ මැතිවරණයකට යන එක නෙමෙයි. ජනාධිපතිවරණයකට යන එකයි කළ යුත්තේ. ‘‘
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්නැයි උපදෙස් දෙන බව ජනපති කීවා
indika Saturday, 17 November 2018 06:01 PM
පඹයෙක් කියන දෙයක් ඒ අය කරාවිද?
lakmal Saturday, 17 November 2018 10:56 PM
මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සදහන් කර සිටින ක්‍රියා පටිපාටිය නිවැරදියි.
lion Sunday, 18 November 2018 12:36 AM
අපට ඔබල ගැන දුකයි....... ඔබල තාමත් විස්වාස කරනවද මේයාව? ඔබලාට ලජ්ජා නැද්ද?
Bamunuarachchi Sunday, 18 November 2018 12:41 AM
ඡන්දයක් තිබ්බොත් රනිල් පැත්ත පලාතෙකට එන්නේ නැතිබව ඔබලාම පිළිගත් නිසා නේද ඔබලාම සජිත්ව යෝජනා කලේ? ඉතින් කොහොමද නැවත රනිල් බලයට එන්නේ. කිරිඇල්ල කෙනෙක් ප්‍රේමදාස කෙනෙක් ගේ ඇමති මණ්ඩලයේ සිටීම කිරිඇල්ලටත් කොපමණ හොඳද.
Bamunuarachchi Sunday, 18 November 2018 12:57 AM
කිරිඇල්ල, ජනතාව විසින් ජනාධිපති කමට පත්කළ ජනාධිපති කෙනෙක් ඔය ජනාධිපති තනතුරේ ඉන්නේ. අගමැති තනතුරේ ඉන්නේ ජනතාව අගමැතිකමට පත්කළ කෙනෙක් නොවෙයි, ඔබලා විසින් පත්කරගත්, නමුත් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන කෙනෙක්. එමනිසා නැවත ඡන්දයකට ගොස් මැති ඇමති කීදෙනෙක් ඔය තනතුරේ ඉන්න සුදුසුද කියා බලමු. ජනතාවගේ තීරණය හැම පක්ෂයකටම පොදුයි.
Saranya Sunday, 18 November 2018 02:02 AM
රනිල් මහත්තයා අගමැති කරනවාට කැමති නැත්තේ ඇයි කියලා තේරෙන්නේ නැද්ද ඕගොල්ලන්ට? මතකද ජනාධිපති කිව්වා රනිල් ආපහු අගමැති වුනොත් පැයක්වත් පුටුවේ ඉන්නේ නෑ කියලා... මේ අයගේ කපටිකමට එක එක ඒවා කියවනවා දැන්. රැවටෙන්න එපා ඔවුන්ට... විනීතව හැසිරෙන්න කිවුවා නම් එහෙම කරන්න එපැයි අඩු තරමේ මහින්දවත් කිවුවද නවත්තන්න? ඒ අයට ඕනෑ අයගේ නඩු විසි කරවගන්න. රනිල් එක්ක ඒවා කරන්න බෑ. ඉතින් එනවට කැමති නෑ. ජනාධිපතිට අපි රැවටුණා. උදේ වැටුණු වලේ දවලුත් වැටෙන්න එපා...
රවින් Sunday, 18 November 2018 02:50 AM
ජනාධිපති කිව්වා... පිළිගන්න උදවිය දවසින් දවස අඩුවෙනවා. ඒ ගැන කිසිම චකිතයක් ඇති කරගන්න එපා. කොහොමත් ඔය 225 ගැනම ජනතා විශ්වාසයක් නැහැ.
මාරයා Sunday, 18 November 2018 04:11 AM
ළඟ තියන බෝතලේ ඇසිඩ්ද දන්නේ නැහැ...
sadis Sunday, 18 November 2018 04:13 AM
අනේ කිරෝ! ඔව්ව කිරාගේ කිරි සිහින විතරයි! අපි නොදන්න චෙස්!
rocky Sunday, 18 November 2018 11:51 AM
සදිස් ළමයට එදා ගහපු කිරි පැකට් මතක් වෙලා වගෙයි. තවම නතර වෙලා නැද්ද?
Hafeel Sunday, 18 November 2018 02:51 PM
කකුළුවා පැටවුන්ට කියනවා පෙළට වරෙන් කියලා. නමුත් ඔහු යනවා හරහට. ඒ වගේම තමයි කලින් ජනාධිපති විනීතව හැසිරෙන්න එපැයි....
BamunuarachchiMonday, 19 November 2018 11:51 AM
විනීතව හැසිරෙනවාය කියන එකේ තේරුම දන්නවද? ජනාධිපති කොතැනද අවිනීතව හැසිරුනේ කියන්න බලන්න. සිංහල උපහරණයක් තිබෙනවා නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගත්තා කියලා. අපට කියන්න වෙනවා නොදන්නා සිංහලේට ගිහිල්ලා වැඩ පල්කර ගත්තා කියලා.