IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන - දුරකථන දීමනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

(මොහොමඩ් ආසික්)

පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අද  (11) පැවැති මහ සභා රැස්වීමේදී  මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව සහ දුරකථන දීමනාව රුපියල් 500 න් බැගින් වැඩිකිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 16 න් සම්මත විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය නරන උප සභාපති ඒ.එල්.එම්.රසාන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී දිල්ශාන් රූපසිංහ යන මහත්වරුන් මෙම යෝජනාවට විරුද්ධවීම නිසා මේ සඳහා ඡන්දය විමසීමට සභාපති අනුර ප්‍රනාන්දු මහතාට සිදුවිය.

පැවැත්වූ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ජන්ද 18 ක් ලැබුණු අතර  ඊට විරුද්ධව ඡන්ද  දෙකක් ලැබිණ.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන සහ දුරකථන දීමනාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්ද 16කින් සම්මත විය.



අදහස් (9)

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන - දුරකථන දීමනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

sharm warn Tuesday, 11 June 2019 11:38 AM

ඇත්තටම මොවුන්ට ආත්ම ගෞරවයක් කියල එකක් තියෙනවද? මිනිස්සුන්ට පුළුවන් තරම් දඩ ගහලා සූරන් කාලා ඔවුන්ගේ මඩි තර කර ගන්නේ... ආයෙමත් මොවුන්ට ඡන්දෙ දෙන්නද බලන් ඉන්නේ? දැන් ඉතින් ඉතුරු ප්‍රාදේශීය සභාවල ඉන්න අයටත් ගායක් හැදෙනවා කීයක් හරි සාක්කුවේ දාගන්න.. අන්තිමට අපි ගෙවන බදුවලට මොනවද වෙන්නේ කියලා මතක තියා ගන්න මහා ජනතාව.. ප්ලීස්...

:       0       214

AmalTuesday, 11 June 2019 03:08 PM

මිනිසුන්ට කොන්දක් කියල එකක් තියනවද මේ රටේ ඉන්න. ඕනෑම අසාධාරණයක් ඔහේ උඩ බලන් ඉන්නවා, පස්සේ අඩනවා

:       0       164

Anurudda karunathilaka Tuesday, 11 June 2019 11:45 AM

‘‘ගරු‘‘ ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීන් දුරකථන දීමනා වැඩිකරගෙන වගේ...

:       0       79

Perakum Tuesday, 11 June 2019 11:52 AM

අනේ අපේ බදු සල්ලි නේද මේ...?

:       0       89

shan Tuesday, 11 June 2019 11:55 AM

හෙන හතම ගහන්න ඕනෑ..

:       0       152

duminda Tuesday, 11 June 2019 12:17 PM

වැඩි කර ගත්තා කියමු. ඔය වැඩිපුර යන අවුරුද්දට හොයන්න ක්‍රමයකුත් සම්මත කරගත්තොත් තමයි හරි... විරුද්ධ වෙන එකද, පක්ෂ වෙන එකද රිපොර්ට් කරන එකද නෙවේ..

:       30       11

sharm warnWednesday, 12 June 2019 04:13 AM

අහ්හ් .. ඒක හරිම ලේසි වැඩක් නේ. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මොකක් හරි මගුලකට අලුතෙන් බද්ධක් නියම කරන්න පුළුවන් , එහෙම නැතිනම් තියෙන බද්ධක් සද්දේ වහලා වැඩි කරන්න පුළුවන් .. කොච්චර සිම්පල් ක්‍රම සහ විදි තියෙනවද ...

:       0       0

සේන Tuesday, 11 June 2019 01:01 PM

හැන්ද අතේ තියෙන අය ඇතිතරම් බෙදා ගනී. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       0       83

siriwarada Wednesday, 12 June 2019 10:59 AM

කෝ මේ දේශප්‍රේමියෝ... ඇඳ යටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site