IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


‘මීනගයා’ අවුකනදී පීලි පනී

(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
 
කොළඹ සිට මඩකලපුව බලා ගමන්ගත් ‘මීනගයා’ ශීඝ්‍රගාමී තැපැල් දුම්රිය අවුකන කලාඔය පාලම අසළදී මැදිරි 6ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වී ඇත.
 
අනතුරත් සමග දුම්රිය එන්ජිම පාලම උඩ නතරවී දුම්රිය මැදිරි කලාඔයට නොපෙරළී සිදුවන්නට ගිය අනතුර වැළකී ඇත.
අනතුරින් දුම්රිය මැදිරිවලට මෙන්ම දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව තිබේ.
 
කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 300ක පමණ දුම්රියේ සිට ඇති බවත්, කිසිවකුටත් හානියක් සිදුව නැති බවත් ගල්නෑව පොලිසිය කියයි.

දුම්රිය මගීන් සියලු දෙනා බස්රථ මගින් මඩකලපුව බලා පිටත් කර යැවීමට කටයුතු යොදා තිබිණි.

දුම්රියේ වූ තැපැල් ඡන්ද පත්‍රිකා සහිත තැපැල් මලු රැසක් ප්‍රවාහන පහසුකම් සලසා රැගෙන යාමට කටයුතු කරන බව දුම්රිය සේවකයෙක් පැවසීය.



අදහස් (11)

‘මීනගයා’ අවුකනදී පීලි පනී

anura Tuesday, 22 October 2019 06:43 AM

රියදුරුට පින්සිද්ධ වෙන්න ඕනේ. නැතිනම් තව ටිකක් ඉස්සරහට පැන්නනම් මීනගයා දියබරියෙක් වෙන්න තිබුනා.

:       152       83

magiay Tuesday, 22 October 2019 07:18 AM

රියදුරු නවතපු මගුලක් නැත , මර්ගයේ සිටින අලි නොදකින රියදුරන් මෙවැනි දෙයක් කරනු ඇතිබව සිටිය හැකිද ? මාර්ගය අවහිරවීම නිසා ඉදිරියට දාවනය නොඋන නිසා නවත්වන්න සිදුවනවා.

:       77       219

dilanTuesday, 22 October 2019 10:20 AM

පහුගිය සතියේ මඩකලපු යද්දී අර පාර මාරුවෙන්න ආපු අලි පස් දෙනෙක්ව හැප්පුනේ මේකේ නේද? මේ ඒ බියකරු සිද්ධියේ සාපයේ ප්‍රතිඵලයක්ද?

:       1       15

Ruhunu Tuesday, 22 October 2019 06:51 AM

සේවකයන්ගේ නඩත්තුව හොහොම උනත් හැමදේටම උද්ඝෝෂණ කරන්නනම් හරිම දක්ෂයි.

:       1       5

Appuhamy Tuesday, 22 October 2019 07:23 AM

රියදුරුට පින කෙසේ වෙතත් මේවා නඩත්තු නොකරන පාලකයන්ට සාප වෙන්න ඕනේ

:       1       86

palitha Tuesday, 22 October 2019 07:32 AM

මේක පීලී පැනීමක්ද, හිතාමතා දුම්රිය මාර්ගයට හානි කර පීලී පැන්නවීමක්ද, සැක සහිතයි!!! "දුම්රියේ වූ තැපැල් ඡන්ද පත්‍රිකා සහිත තැපැල් මලු රැසක් ප්‍රවාහන පහසුකම් සලසා රැගෙන යාමට කටයුතු කරන බව දුම්රිය සේවකයෙක් පැවසීය"

:       3       23

Shan Tuesday, 22 October 2019 09:39 AM

2020 තවමත් රේල් පීලි පනිනවා. දේශපාලුවන්ගේ පම්පෝරියනම් ඉහටත් උඩින්.

:       1       18

vipula Tuesday, 22 October 2019 10:06 AM

මේ පින්තුර බැලුවම තේරෙනවා මේ සිල්පර කොටන් මාරු කරන කාලේ ඉක්මවා ගිහිල්ලා කියලා....

:       1       17

දිමුත් Tuesday, 22 October 2019 10:35 AM

හපොයි!

:       1       1

Kumar Tuesday, 22 October 2019 05:35 PM

මෙම අවස්ථාවේ දුම්රිය ධාවනය කරන්න ඇත්තෙ සෙමින්.වෙන්න ඇති. දුම්රිය මාර්ගය අලුත් වැඩියා කරන්න සුදානම්ව සිටින අවස්ථාවෙ සිදුවුන දෙයක් වගෙයි. අලාබය මහජනයාට තමා..

:       1       1

leel gunawardena Tuesday, 22 October 2019 05:54 PM

දුම්රිය පිලි පනිනවා , දේශ පාලුවන් පිලි මාරු කරනවා . ඕක තමයි ලංකාවේ තත්වය දැන් .

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site