IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මධූෂ්ගේ - ගෝලයාගේ නිවසින් ගිනිඅවි ඇතුළු හමුදා ඇඳුම් කට්ටල

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ඩුබායි හීදී පොලිස් අත්අඩංගුවට ගත් දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ හා ඔහුගේ ගෝල බාලයින්ගේ නිවෙස් අද (8) පරික්ෂා කිරීමේ මෙහෙයුමේ දී ගිනි අවි ඇතුළු යුද හමුදා ඇදුම් කට්ටල තොගයක් සොයා ගත් බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මාතර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් අනුව මාතර දිස්ත්‍රික්කය පුරා මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ආරම්භ කර තිබුණි.

මධූෂ්ට අයත් මාකඳුරේ පිහිටි නිවස හා ඔහුගේ පුංචි අම්මාට අයත් නිවස ද සෝදිසි කර තිබු අතර සැකකටයුතු කිසිවක් සොයා ගත නොහැකි වී තිබුණි.

මදුෂ්ගේ නිවස වටා සී.සී.ටී.වී.ආරකාෂිත කැමරා පද්ධතියක් සවිකර තිබිණ.

තම දරුවාද මධූෂ් විසින් ඩුබායි වලට රැගෙන ගොස් තිබෙන බවත් එම දරුවා ගෙනවිත් දෙන්නැයි මධූෂ්ගේ පළමු විවාහයේ බිරිඳ එහිදී පොලීසියෙන් ඉල්ලීමක් ද කර තිබේ.

යුද හමුදා ඇඳුම් කට්ටල නවයක් ,කැමා ඇදුම් තුනක්,යුද හමුදා හිස් වැසුම් දෙකක්,ඉන පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතොරම් 11 ක්, හිස් පතොරම් කොපු 37 ක් කිනිස්සක්, සිම් පත් පහක් හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක්  පොලිස් බාරයට ගැණිනි.



අදහස් (9)

මධූෂ්ගේ - ගෝලයාගේ නිවසින් ගිනිඅවි ඇතුළු හමුදා ඇඳුම් කට්ටල

Prasad Friday, 08 February 2019 12:27 PM

හොරු, මංකොල්ල කාරයෝ, පාතාල මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචාකාරයෝ, නිදන්හොරු, පාවාදෙන්නෝ, ගංජාකාරයෝ, කුඩුකාරයෝ වැඩි හරියක්ම ගාල්ල,මාතර ඉන්න අය තමයි.

:       537       531

පෙරුමාල්Friday, 08 February 2019 01:51 PM

ලොකුම එකා ඉන්නේ තංගල්ලෙ කියනවනේ...

:       483       466

Prasanka Friday, 08 February 2019 12:52 PM

මෙච්චර දවස් මේ ගෙවල් සෝදිසිකරේ නැත්තේ ඇයි?

:       0       341

ඇනයා රාජවිපක්ෂ Friday, 08 February 2019 03:53 PM

බුදු අම්මෝ, අර මේසේ උඩ තුවක්කු දෙකට මෙහායින් තියෙන මාරාන්තික ආයුධ සියල්ල අපේ ගෙදරත් තියනවා... මාවත් එල්ලයිද?

:       0       58

athuraSaturday, 09 February 2019 06:53 AM

අම්මපා ඇත්තමනේ බොල...

:       0       4

රාජුන් Saturday, 09 February 2019 10:15 AM

ඔහෙ පලයං අපේ ‌‌ මගේ ලඟ යතු කැටයකුත් තියෙනවා. මාව එල්ලයිද මන්දා?

:       0       6

chandima Friday, 08 February 2019 05:22 PM

මාතර පොලිසිය එ් පාර මෙච්චර කාලයක් බුදියගෙන උන්නද..?

:       0       36

chandima Friday, 08 February 2019 05:23 PM

අම්මපා මාතර පොලිස් අධිකාරිත් ඉන්නවනේ...

:       0       34

හර්ෂ මදුෂාන් Saturday, 09 February 2019 07:04 PM

මාර වැඩේ මගේ ළඟත් පීරයි, කියතයි, ඩ්‍රිල් 3කුයි ග්‍රයින්ඩර් එකකුයි තියෙනවා. මාවත් පොලිසිය අරං යයිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site