බිඟුන් මේනක ගමගේ
මාධ්‍යවේදීන්ගේ ඝාතන හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු පවතී නම් ඒවා ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කිරීමට සූදානම් යැයි එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය තම සංවිධානයට පැවැසී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අපරාධවලට ලක්වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවලට යුක්තිය ඉටුකිරීමට මැදිහත් වන්නැයි ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයන් පසුගිය 29 වැනිදා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් මුණගැසුණු අවස්ථාවේදී ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදන්වීම් හා පැහැරගෙනයාම් ගැන දන්නා වැදගත් තොරතුරක් වේ නම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අංක 96, බර්නාඩ් සොයිසා මාවත, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයට යොමු කරන්නැයි එහි කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා එම නිවේදනයෙන් ඉල්ලා සිටී.
ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුකරන අධ්‍යයනයකින් සැකැසූ සංක්ෂිප්ත වාර්තාවක් ද මානව හිමිකම් කොමිසමට බාරදුන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ඇති බාධා, අධිකරණ පද්ධතියේ ගැටලු, දේශපාලන කැපවීමක් නොමැතිවීම, ආරක්ෂක හමුදා සහ අතුරු හමුදා සම්බන්ධකම්, මාධ්‍ය පාරිභෝගිකයන්, සිවිල් සමාජය හා ආයතන හිමිකාරින් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම වැරැදිකරුවන්ට දඬුවම් කිරීමට බලපා ඇති ප්‍රධාන දුර්වලතා හැටියට එම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාධ්‍ය මර්දනය ගැන විමර්ශනයට මානව හිමිකම් කොමිසම සැරසෙයි