IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මාධ්‍ය නියාමනයට මැදිහත් වෙන්නැයි විෂයබාර ඇමැති ජනපතිගෙන් ඉල්ලයි

විනීතා එම් ගමගේ

මැතිවරණ සමයේ රූපවාහිනී ආයතන විසින් මාධ්‍ය උපමාන අනුගමනය කිරීම අනිවාර්ය කරන්නට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය විෂය භාර අමාත්‍යවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

මැතිවරණ සමයේ දී සියලූම මාධ්‍ය විසින් අනුගමනය කල යුතු මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019 සැප්තැම්බර් 21 දින අංක 2141/87 අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104(ආ)(4)(අ) ව්‍යවස්ථාව යටතේ පනවා ඇති නමුත් ඇතැම් රූපවාහිනී නාලිකාවන් එම මාධ්‍ය උපමාන සදහා ගරු කිරීමක් සිදු නොකරන බව පෙනී යන බැවින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කළ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම තත්ත්වය නිදහස් හා සාධාරණ මැතිවරණයක තිබිය යුතු සමබිම පවත්වාගැනීම සඳහා බාධාවක් බැවින් රාජ්‍යය සතු රූපවාහිනී නාලිකාවන් පාලනය සම්බන්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාවට පවතින නමුත් පෞද්ගලික නාලිකාවන් මාධ්‍ය උපමාන කඩකිරීම සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් මැතිවරණ කොමිෂන් සභාවට නොමැති බව කොමිෂන් සභාව විසින් කිහිප වරක්ම ප‍්‍රකාශ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එසේම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019 සැප්තැම්බර් 19  වන දින නිකුත් කරන ලද අංක 2141/52 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සදහන් පොදු දේපල අයථා භාවිතාව පිළිබඳව නියමයන් 7   පෞද්ගලික කේබල් රූපවාහිනි නාලිකා, පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන, වෙබ් අඩවි, ජංගම හාස්ථාවර දුරකථන සේවා සපයන ආයතන ඡන්ද විමසීම් කාලසීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝණය නොවන පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන, විධාන හා උපදෙස් චක‍්‍රලේඛවලට අනුකූලව ක‍්‍රියාකරන බවට වගබලා ගැනීම උක්ත සන්නිවේදන ආයතන නියාමනය කරනු ලබන ආයතනවල වගකීමක් විය යුතු බව යැයි ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ශ‍්‍රි ලංකා රූපවාහිනී සංස්ථා පනත හා 2019 සැප්තැම්බර් මස 9 දින හා අංක  2140/2 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය අනුව  සියලූම රූපවාහිනී විකාශනයන් සම්බන්ධයෙන් නියාමන වගකිම පැවරී ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත හා ආරක්‍ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයාට බැවින්  සියලූම රූපවාහිනී නාලිකාවන් මැතිවරණ කොමිෂන් සභාවේ මාධ්‍ය උපමාන අනුගමනය කල යුතු බවට වන නියෝගයක් ශ‍්‍රි ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 31 වන වගන්තිය යටතේ පනවන ලෙස ඉල්ලා සිටි බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.  

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ පිටපත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වෙත ද යැවූ බව හෙතෙම කියා සිටියේය.



අදහස් (3)

මාධ්‍ය නියාමනයට මැදිහත් වෙන්නැයි විෂයබාර ඇමැති ජනපතිගෙන් ඉල්ලයි

sandy123 Wednesday, 06 November 2019 11:22 AM

දත කට මැද ගෙන බලන් ඉන්න ක්‍රියා මාර්ග ගන්නකම්.

:       0       32

MaheeWednesday, 06 November 2019 12:37 PM

ඒක නම් ඇත්ත. හරියට අර ජාතක කතාවක කියවෙනවා වගේ තුන් මාසයක් මංමුලා වූවකු හය මාසයක් මංමුලා වූවෙකුගෙන් අහනවා වගේ...

:       0       2

Amila Wednesday, 06 November 2019 12:39 PM

පුද්ගලික ආයතනවලට දීලා තියෙන රූපවාහිනී සංඛ්‍යාත කියනනේ රාජ්‍ය දේපළක්. ඉතින් මැතිවරණ කොමිසමට සංඛ්‍යාත ගැන පියවර ගන්න පුලුවන්නේ. මේ ගැටලු මතුවෙන්නේ ගංජා සහ කුඩු ගහන මිනිස්සුන්ට වගේම මිනීමරලා හිරේ ගිය මිනිස්සු ඉන්න පවුල්වල අයට රූපවාහිනී සංඛ්‍යාත දීමෙන්.

:       31       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site