IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාධ්‍ය උපමාන අනුගමනය අනිවාර්ය කරන්නැයි පැෆරල් සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

මැතිවරණ සමයේ රූපවාහිනී ආයතන විසින් මාධ්‍ය උපමාන අනුගමනය කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

මැතිවරණ සමයේදී සියලුම මාධ්‍ය විසින් අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන මැතිවරණ කොමිසන් සභාව විසින් 2019 සැප්තැම්බර් 21 දින අංක 2141/87 අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 (ආ) (4) (අ) ව්‍යවස්ථාව යටතේ පනවා ඇති නමුත් ඇතැම් රූපවාහිනී නාලිකාවන් එම මාධ්‍ය උපමාන සඳහා ගරු නොකරන බව පෙනී යන බැවින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කළ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම තත්ත්වය නිදහස් හා සාධාරණ මැතිවරණයක තිබිය යුතු සමබිම පවත්වාගැනීම සඳහා බාධාවක් බැවින් රාජ්‍යය සතු රූපවාහිනී නාලිකාවන් පාලනය සම්බන්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසන් සභාවට පවතින නමුත් පෞද්ගලික නාලිකාවන් මාධ්‍ය උපමාන කඩකිරීම සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් මැතිවරණ කොමිසන් සභාවට නොමැති බව කොමිසන් සභාව විසින් කිහිපවරක්ම ප‍්‍රකාශ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එසේම මැතිවරණ කොමිසන් සභාව විසින් 2019 සැප්තැම්බර් 19  වන දින නිකුත් කරන ලද අංක 2141/52දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් පොදු දේපල අයථා භාවිතාව පිළිබඳව නියමයන් 7 සියලුම පෞද්ගලික කේබල් රූපවාහිනි නාලිකා, පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන, වෙබ් අඩවි, ජංගම හා ස්ථාවර දුරකථන සේවා සපයන ආයතන ඡන්ද විමසීම් කාලසීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය නොවන පරිදි සහ මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කැ ඇති මාධ්‍ය උපමාන, විධාන හා උපදෙස් චක‍්‍රලේඛවලට අනුකුලව ක‍්‍රියාකරන බවට වගබලා ගැනීම උක්ත සන්නිවේදන ආයතන නියාමනය කරනු ලබන ආයතනවල වගකීමක් විය යුතු බව යැයි ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත හා 2019 සැප්තැම්බර් මස 9 දින හා අංක  2140/2 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය අනුව  සියලුම රූපවාහිනී විකාශනයන් සම්බන්ධයෙන් නියාමන වගකිම පැවරී ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත හා ආරක්‍ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයාට බැවින් සියලුම රූපවාහිනී නාලිකාවන් මැතිවරණ කොමිසන් සභාවේ මාධ්‍ය උපමාන අනුගමනය කළ යුතු බවට වන නියෝගයක් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 31 වන වගන්තිය යටතේ පනවන ලෙස ඉල්ලා සිටි බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ පිටපත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වෙත ද යැවූ බව හෙතෙම කියා සිටියේය.

 



අදහස් (1)

මාධ්‍ය උපමාන අනුගමනය අනිවාර්ය කරන්නැයි පැෆරල් සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි

kamal Friday, 08 November 2019 08:27 AM

බොහෝමයක් චැනල් පස්වරු හතේ සිට රෑ දහය පසුවෙනකම්ම පෙන්නන්නේ ජරාව... කක්කුස්සි කතා. තවත් මෝඩයන් ටිකකගේ ඉස්සරහ ගහගෙන ඉන්නවා. අපි අහන්නේ අහවල් දේ කියලා... මෙයට අමතරව "කොම්බුවත්, හිසත්" දෙවෙනි නැහැ. මේවගේ වැඩිපුරම පෙන්නන්නේ ඝෘණාත්මක චින්තනයක් ඇති වාර්තා සහ ඉන්දියන් කසිකබල් නාට්‍ය.. පත්වන මොන රජයකින් හෝ මේවා ගැන සොයා බැලීම සුදුසු වේ. නැත්නම් රටම හබක්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31267 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13454 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10986 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 92 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site