IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියාට ඇප

(නිමන්ති රණසිංහ)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා විශ‍්‍රාමික බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා අද (02) නියෝග කළේය.

එක් ඇපකරුවෙක් රජයේ සේවකයකු විය යුතු අතර සියලු ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කළ යුතු බවද ඇප කොන්දේසියක් නිකුත් කළ අධිකරණය සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියම කළේය.

සිද්ධියට අදාළව මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සැකකරු අත්අඩංගුවට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 08 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද මෙම සිද්ධියේ සාක්ෂිකරු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා විදේශ ගතව සිටීම හේතුවෙන් එම හඳුනාගැනීමේ පෙරට්ටුවට සහභාගී වීමට නොහැකි බවට දන්වා සිටීම හේතුවෙන් එම පෙරට්ටුව අවලංගු කළ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුට එලෙස ඇප නියම කළේය. 

ඉකුත් 2009 ජනවාරි මස 23 වැනිදා උදෑසන 6. 40 පමණ ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී රිවිර හිටපු ප‍්‍රධාන කර්තෘවරයා වූ උපාලි තෙන්නකෝන් මහතා සහ ඒ මහතොගේ බිරියට යතුරු පැදි දෙකකින් පැමිණී හිස් ආවරණ සහිතව පැමිණී නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවත්, පසුව ඒ මහතා සහ එම මහත්මිය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ප‍්‍රතිකාර ලබාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.



අදහස් (1)

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියාට ඇප

සෙනෙවිරත්න Saturday, 03 August 2019 02:04 AM

වසර 10කට පෙර හෙල්මට් දමා පැමිණ පහර දුන් අයෙක් හඳුනා ගතහැකි අයෙක් වේ නම් ඔහු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය අයෙක් විය යුතුය. ගරු අධිකරණය ඒ බව නොදනීද?

:       23       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site