හිටපු මධ්‍යම පළාත් ඇමැති තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) එක්සත් ජාතික පෙරමුණු සාමාජිකත්වය ගෙන තිබේ.
හිටපු පළාත් අමාත්‍යවරයා එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ සාමාජිකත්වය ගත් බව එක්සත් ජාතික පෙරමුණු ආරංචි මාර්ග පවසයි.
තිලිණි බණ්ඩාර තෙන්නකොන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයේ මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ හිටපු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
(36698)
COMMENTS
ඔබ තුමාගේ දේශපාලනයත් ඔතනින් අවසන්......................
මේ නුවර හිටපු නිදහස් පක්ෂ කණුවක්. දන්න කාලේ ඉඳලා තාත්තලා පුතාලා නිදහස් පක්ෂේ සාමාජිකයෝ කෙලින්ම කිව්වොත් කණු. හිටපු ගමන් මොකද පැත්ත මාරු වෙලා?
මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරටු ... සිරි විසින් පක්ෂය කාදමා විනාශ කරන බව සන්තෝෂයේ ලැජ්ජාවෙන් ප්‍රකාශ කර සිටිමි ...
අරයා ගාව ඉන්න අති බහුතරය එක්කෝ පොහොට්ටුවට යනවා... නැත්තම් යූඑන්පී එකට යනවා. හැබැයි පොහොට්ටුවට ගියාට වැඩක් වෙන්නේ නම් නෑ. අනිවාර්යයෙන් මහින්දගේ අය මේ අයව පරද්දනවා. ගියපාර මහ ඡන්දයෙදී වුණා වගේ...
මෙයාට නම් අර 113 හදාගන්න කවුදෝ කළා කියලා කීව්ව විදිහේ ලක්ෂ 100 ගණන් ගෙවන්නේ නැතුව ඇති...
මෙයාට පාර්ලිමෙන්තු මැතිවරණයට කාඩ් එක ලැබුනේ නෑ... ඒකයි. කිසි ගැටලුවක් නෑ ගියාට.. සුබගමන්..!!!
තව කී දෙනෙක් එනවද?
මොහුගේ හැටි අපි දන්නවා. ඡන්ද කාලයට කහට උගුරක්වත් කැන්වස් කරපු අයට දුන්නේ නැහැ. යසරත්න තෙන්නකෝන්ට තියන රෙස්පෙක්ට් එක මොහුට නැහැ. කාලගුණ දන්නේ නැහැ.
දැන් නම් මේ 225ම අපායේ සාමාජිකත්වය අරගෙනනේ තියෙන්නේ... ඉතින් මොන මරණාධාර සමිතියේ සාමාජිකත්වය ගත්තත් වැඩක් නැහැ. ඉතින් මේ නිගන්ඨයත් තවත් එක් ගොරකා ලෙල්ලක් විතරයි.
මෙයාව නම් වෙන්දේසියේ දාන්න නැතුව ඇති. තනි ඉල්ලුමට කීයක් දුන්නද දන්නේ නෑ.
පනින රිලා උන්ට ඉනිමන් මොකට කීවලු නේද?