(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කළැයි සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියකු වන ගාමිණී සුරවීර (53) සහ ඔහුගේ බිරිඳ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කොට මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන අය බව හඳුනාගෙන තිබේ.
දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙන බව පොලීසිය කියයි.
මෙම දෙදෙනාගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රී 8 ට පමණ මෙය සිදුව තිබේ .දරුවන් නැවත නිවසට පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කර තිබුණු බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම දෙදෙනා නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටියදී ප්‍රහාරයට ලක්වී ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යම පළාතේ දිරිය කතත් සැමියාත් ඝාතනය කෙරේ
අස්ලම් Tuesday, 16 April 2019 06:40 AM
අනේ මෙහෙමත් මිනිස්සු... ගම රටට වැඩක් කරන මෙවැනි වයසක උත්තමයන් මරල උබලට හරි යනවද බං ?
ජයන්ත මිලානෝ Tuesday, 16 April 2019 06:41 AM
සිංහල අවුරුදු සමරන සිංහල බෞද්ධ ජනතාව .ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි .
ලුම්බිණි Tuesday, 16 April 2019 06:46 AM
කනගාටු දායකයි. කොතරම් දේවල් ලැබුණත්, තිබුණත් වනචාරි මිනිසුන්ට එම ගති ගුණ මතු වී ඒම නැවතිය නොහැක.
Perakum Tuesday, 16 April 2019 06:54 AM
මහ ජනතාව රාජ්‍ය පාලකයින්ගේ ක්‍රියාකාරකම් වලට අනුගත වීම පුදුමයට කරුණක් නොවේ.
lakshman Tuesday, 16 April 2019 07:06 AM
මිලානෝ ගිහිල්ලත් අපේ උන් මරාගන්නවා......
casmir Tuesday, 16 April 2019 07:47 AM
සිංහල අවුරුද්දේ අපරාද වැඩි කාලයක් වෙන්නේ අය...... තනිකරම අවිදිමත් සදාචාරයක් නැති අධ්‍යාපනයේ ප්‍රතිඵල . පුළුවන්තරම් බීගන්නවා පස්සේ මරාගන්නවා...... සංස්කෘතිය ගැන ලැජ්ජයි ...
Hafeel Tuesday, 16 April 2019 07:52 AM
අද මිනි මරන්නේක සර්ව සාධාරණ වෙලා. මිනි මරුවෝ පහසුවෙන් ඇප පිට එලියට එනවා. එකට ගැලපෙන නීතිඥයොත් මේ රටේ ඉන්නවා. මත්කුඩුවලට පමණක් නොවේ, මෙවැනි අපරාධවලටත් මරණ දඬුවම් දියයුතුයි.
NuwanThursday, 18 April 2019 10:26 AM
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.හොදම උදාහරණෙ අරාබි රටවල කොච්චර මරණ දඩුවම දුන්නත් අපරාද අඩු වෙන්නේ නැති එක.බෙලි අතපය කපල දඩුවම් දෙන එක ගෝත්‍රික ජන සමාජ වල ලක්ෂණ.මේවට වෙන්න ඕනේ සමාජ ආකල්ප,ආර්ථික යන දේවල හොද තලයකට ගෙන එන්න දීර්ඝ කාලින වැඩසටහන් ක්‍රියාත්මක කරන එක.
rihan Tuesday, 16 April 2019 08:08 AM
ආගම හරියට පිලි නොගන්නා අය සත්තුන්ට වඩා අන්තයි......
SamTuesday, 16 April 2019 08:35 AM
හරියට හරි, ඇෆ්ගනිස්තානයේ , පාකිස්තානයේ වගේ
Kalana Tuesday, 16 April 2019 08:57 AM
පෙරේතයින්ට අසුචි හම්බුණා වගේ තමයි ඉතින් පිටිගල ලට මේ වගේ දේවල්.
පිටිගල මිලානෝ Tuesday, 16 April 2019 09:36 AM
උතුරු මැද පළාතේ ගම්මාන අද වෙන්නප්පුව ආශ්‍රිත ප්‍රදේශ වලටත් වඩා අපරාධ සහ මිනීමැරුම් වලින් බහුල බවක් පෙන්නුම් කරනවා.
Gayan Tuesday, 16 April 2019 09:45 AM
ගහ මරාගන්න ඒවාට, පව් කාරයින්ට දවසක්, වෙලාවක්, ජාතියක්, ආගමක් නොමැත
nandana Tuesday, 16 April 2019 10:08 AM
මෙවැනි අපරාධ රටේ දැක දැකත් සමහරු තවමත් රටට මරණ දඬුවම ගෙනෙනවට විරුද්ධයි.
dias Tuesday, 16 April 2019 10:33 AM
මෙහෙමත් අය වෙසෙන රටක් කවදාවත් දියුණු වන්නේ නැහැ.
geeth Wednesday, 17 April 2019 05:54 AM
මේක දකුණු රටේ වුණා නං මේ වගේ දෙතුන්ගුණයක් අදහස් දක්වලා