IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මුදල් සංශෝධන පනතට එරෙහි සියළු පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති "මුදල් සංශෝධන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති සියලු පෙත්සම් හෙට (28) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කලේය.

ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති , සමගි ජනබලවේගය මහලේකම් සහ පාර්ලිමේන්ත්‍ු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික වෘත්තීය සංගමයේ සභාපති හා සමන් රත්නප්‍රිය , ලංකා බැංකු සේවක සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකු වන කෝට්ටේගොඩ විතාන , ඇතුළු හයදෙනෙක් ගොනු කළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ දර්ශන වේරදූවගේ, නීතීඥ සුනිල් වටගල, නීතීඥ ශාන්ත ජයවර්ධන, නීතීඥ විරාන් කොරයා , නීතීඥ සුරේන් ප්‍රනාන්දු සහ ජනාධිපති එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී අධිකරණයේ ස්වාධීනව පෙනී සිටි විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටියේය මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතළත් කර දින 7 ක කාලයක් තවමත් ඉකුත් වී නොමැති බැවින් අද (27) දින පෙත්සම් සලකා බැලීමට නොහැකි බවත්, අද දිනත් පෙත්සම් ගොනු කිරීමේ අවසන් දිනය බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව තමන් ද පෙත්සමක් ඉදිරිපත් කර න බවද ඒ මහතා අධිකරණය හමුවේ කීවේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් ගොනු කිරීමේ කාලය අද (27) දිනයෙන් අවසන් වන බැවින් සියලු පෙත්සම් හෙට (28) කැදවීමට නියෝග කළේය.

මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති "මුදල් සංශෝධන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් , එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

 



අදහස් (0)

මුදල් සංශෝධන පනතට එරෙහි සියළු පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site