IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුදල් බෙදන්න ගිය කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ්

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

රාමසාන් උපවාසය නිමිත්තෙන් කෝටිපති ව්‍යාපාරිකයකු මාලිගාවත්ත ජුම්මා මස්හිද් පාරේ ගබඩා සංකීර්ණයක මුදල් බෙදා දීමට යාමේදී කාන්තාවන් තිදෙනෙක් තෙරපී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක  මහේස්ත්‍රාත් කාංචනා  නෙරංජි ද සිල්වා මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ වාහන අමතර කොටස් අලෙවි කරන කෝටිපති ව්‍යාපාරිකයකු වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සරූක් මොහොමඩ් ඉමිතියාස් ,ඔහුගේ පුතා වන මොහොමඩ් ඉමිතියාස් මොහොමඩ් නසීර් ,දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් ,මාකුඹුර පදිංචි රාමලිංගම් යෝගේශ්වරම් ,නුවරඑළියේ පදිංචි මුබාරක් සංතුස් ,ලිදුල පදිංචි මරදමුත්තු ස්වාබලම් ,මට්ටක්කුලියේ පදිංචි ඉමාර් පාරුක් අහමඩ් යන අය වරුන්ය.

ප්‍රධාන සැකකරු වන කෝටිපති ව්‍යාපාරිකයා පුද්ගලයන් අතර බෙදා දීම සදහා රැගෙන විත් තිබූ රුපියල් දාහේ කොළ පන්සියයක් එනම් ලක්ෂ 5 ක මුදලක් ද  බාරයට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලිගාවත්ත ජුම්මා මස්ජිත් පාරේ සහ ලක්සිත සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි කාරියන් වන මොහොමඩ් ෆවුනියා නිසා (59) ,උමා අකිලා (61) ,මොහොමඩ් ෆරීනා මුසම්මිල්  (68) යන තිදෙනායි.

සිද්ධිය වූ ස්ථානයට ඊයේ සවස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය පැමිණි මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළහ. 



අදහස් (5)

මුදල් බෙදන්න ගිය කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ්

පූජා Friday, 22 May 2020 07:26 AM

යහපත් චේතනාවකින්, පුණ්‍ය කර්මයක් කරන්නට ගියත්, නොසිතූ ලෙස කී දෙනෙක් නම් විපතට පත් වුණාද? මෙවැනි දේවල් සංවිධානය කරන අනෙකුත් පිරිස් වලටත්, සිතීමට යමක් මෙම සිදුවීම් වලින් ඉතිරිව ඇතැයි කියා නොසිතන්නේ කවරහුද?

:       0       124

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 07:30 AM

ඔවුන්ගේ ආගමික වැඩකදී ඔවුන්ගේ මුදල් බෙදුවාට වරදක් නැත. මෙය හොරෙන් නොකොට නිරෝධායන නීතිරීති වලට අනුකූලව කළා නම් හරිනේ. දැන් අපරාදෙ කරදරවල පැටලුනානේ. ඒත්, පොඩි සැකයක් මතුවෙනවා. ප්‍රසිද්ධියේ දෙන්න බැරි මේ මුදල් වෙනත් රහසිගත ත්‍රස්ථ අරමුදල් වලින් එන ඒවාද දන්නේ නැහැ. ඒ බව ස්ථිරවම කියන්න බැහැ... ඒත්, බොහෝ ධනවතුන් කරන පරිත්‍යාග ආදායම් බද්දෙන් නිදහස්... එය එසේ තිබියදීත්, මෙසේ අවසර නොගෙන බෙදීම ඔවුන්ට ප්‍රශ්ණ ඇතිකරවන්නක්... ඒ කෙසේවෙතත්, අධික සැප සම්පත් භුක්තිවිඳිමින් කාමසුකල්ලිකානු යෝගයෙන්ම නිවනට පාර සොයන අසරණ බෞද්ධයෙකුට උපකාරයක් නොකරන අපේ අයට වඩා මේ අන්‍ය ආගමික මිනිසුන් හොඳයි නේද?

:       198       345

surendra Friday, 22 May 2020 07:36 AM

මේ යක්කුන්ගෙ ඔළු කෝ..? මොල කෝ..?

:       85       266

Dinesh Friday, 22 May 2020 08:03 AM

මෙය සමාජ සත්කාරයක් කියලා කියන්න අමාරුයි. මුදල් බෙදන්නේ ඒ අයගේ කට්ටියට විතරක් නිසා.

:       147       180

Aris Friday, 22 May 2020 09:40 AM

මේක වඳින්න ගිය දේවාලේ ඔළුව උඩට කඩන් වැටීමක් වගෙයි නේද?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site