(අජන්ත කුමාර අගලකඩ)
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ හෙට (08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව ඇත . අනතුරුව හෙට පෙරවරුවේ අමාත්‍යංශයේ වැඩ බාරගැනීමට ද නියමිතය.
පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පත් කළ බව සදහන් ගැසට් නිවේදනය අද පෙරවරුවේ නිකුත් විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ වරයා වන බැසිල් රාජපක්ෂ මහතා 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.