(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අද (01) පියවර ගත්තේය.
මෙහිදී සීනි කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10කින් අඩුකර ඇති අතර පරිප්පු කිලෝ ග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 5කින්, කඩල කිලෝ ග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මිල රුපියල් 5කින්, උඳු කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩුකිරීමටත්, තිරිඟු ඇට සඳහා තිබූ රුපියල් 6ක තීරු බදු සහනය රුපියල් 9 දක්වා වැඩිකිරීමටත් තීරණය කර ඇත.
මාසිකව ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප‍්‍රායෝගික මිල ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශයේ සම්පුර්ණ නිවේදනය පහතින්.
‘‘පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත. මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලයක් ලෙසින් බව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.
රට පුරා ඉතා හිතකර කාලගුණ තත්වයක් සමඟ 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සඳහා ප‍්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක‍්‍රම උපරිම ධාරිතාවයට ලඟා වීම තුලින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇත.
මෙය කෘෂි නිෂ්පාදන තුලින් උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයි. ඒ සමඟම අධික ජීවන වියදම මගින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත. මෙම පසුබිම තුළ ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සඳහා පහත සඳහන් මූලාරම්භයන් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.
මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක‍්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත. බදු ක‍්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන පේ‍්‍රෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.
තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුල කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප‍්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2018 වර්ෂය සඳහා ඉලක්ක කරන ලද ද.දේ.නිගයෙන් 1.8%ක ප‍්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග‍්‍රතාවය තවදුරටත් ලඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි. මේ අතරම දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග‍්‍ර කිරීම සඳහා ගතහැකි ක‍්‍රියාමාර්ග ද සලකා බලමින් පවති.
අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ඉහත ප‍්‍රතිපත්තිමය කරුණු ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇතග ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනා වලට අදාල ගැසට් නිවේදන අද දින නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.‘‘
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
මුදල් අමාත්‍යාංශයෙන් සහන මල්ලක්
Thilina Thursday, 01 November 2018 04:13 PM
ජන දුක හඳුනන නායකයෙක්ගේ වෙනස මේකයි..ඉදිරියටත් මේ යහපත් ප්‍රවනතාව පවත්වාගෙන යන්න ..
Pablo Thursday, 01 November 2018 04:23 PM
ඔහොම යන් ඔහොම යන්..ඉස්සරහට තව ඕනෑ
Amila Thursday, 01 November 2018 04:38 PM
මේ ටිකට අනුව නම් ලග ලග එන ඊලග ඡන්දෙදි එජාප එක ඉවරයි. පිට රටින් එන සල්ලි බදු වලින් නිදහස් කිරීම සහ ව්‍යාපර දැමූ වැට් සීමා වැඩි කිරිම විශිෂ්ඨයි.
RNG Thursday, 01 November 2018 05:33 PM
නියමයි.. ජය වේවා..!!! සුභ අනාගතයක් නැවතත්.. චිරං ජයතු අප්පච්චි...
Shan Thursday, 01 November 2018 05:44 PM
මහින්දගේ මුදල් ඇමතිකමේ වෙනස තේරෙයි චීනෙට රටෙන් බාගයක් දෙන්න උන දවසට. අපේ රටේ ඉන්න බුද්ධිමතුන් කොහේද මන්දා?
Nandalal DE SILVA - France Thursday, 01 November 2018 05:50 PM
ඔන්න ඔතනදි තමයි 2500කින් පවුලකට කන්න පුළුවන් කියපු සිහිනය සැබෑ වුනේ !
rasika Thursday, 01 November 2018 07:32 PM
මෙය ඉතාම හොඳදෙයක්... තව ලංකාවේ අත්‍යාවශ්‍ය අාහාර, බෙහෙත් වගේ දේවල්වල මිල අඩු අගයක තියාගත්තොත් ජීවන වියදම අඩුවෙනවා.. එතකොට වැටුප් වැඩි කරන්න ඕනේ වෙන්නේ නැහැ. විශේෂයෙන් පුද්ගලික ව්‍යාපාරිකයන්ට.. ඒ නිසා ලංකාවට යෝජනා එනවා.. ලංකාවේ ව්‍යාපාර අාරම්භ කරාවි. ඇමෙරිකාවේත් බොහොම අඩු බද්දක් ගහන්නේ දැන්... අාහාර සඳහා ලොකු අවධානයක් යොදන්න. අහර සුලභ කරන්න. නිවාස හදන අමුද්‍රව්‍ය සුලභ කරන්න. බෙහෙත් සුලභ කරන්න. මේතුලින් රට දියුණු වේවි…
Doctor Friday, 02 November 2018 03:21 AM
මෙන්න ආණ්ඩු ...
Asanka Friday, 02 November 2018 10:06 AM
සහන මලු.. ඡන්දේ ලඟ බව දැනෙනවා.. අනේ ඔබතුමන්ලා බෙදාගන්න කුට්ටිවලින් දෙන දෙයක් අපටත් දීලම කන්න..
sirimal Friday, 02 November 2018 10:52 AM
අසව්.. අසව්..!!! මහ මැතිවරණයක් අත ළඟ එනවෝ... අසව්.. අසව්...!!!