IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැදපෙරදිග ලාංකිකයෝ 20,000 ක් රැකියා අහිමිවීම් අනතුරක

 

 

(විනීතා එම් ගමගේ)

කොවිඞ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20,000 කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීම් ඇතුළු අර්බුදවලට මුහුණ දී සිටිතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

මේ වනවිට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත් සමහරුන්ට අඩ වැටුප් ලැබීම හෝ වැටුප් අඩු කිරීම් සිදුව ඇති බවත් තවත් බොහෝ දෙනෙකුට අතිකාල සේවා අහිමි වී ඇති බවත් වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යධිකාරි මංගල රන්දෙනිය මහතා  පැවසීය.

මේ අතර අප්‍රේල් මැයි හා ජුනි මාස තුනේ දී විදේශ රැකියාවන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටි 30,000 කට ආසන්න පිරිසකට කොවිඩ් 19 රෝගය පැතිරයාම හේතුවෙන් එම රැකියා අහිමිවී යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

එකී රැකියා අවස්ථා යලි ලබා ගැනීම පිළිබඳව කාර්යංශය මැදිහත්ව කටයුතු කරමින් සිටින බව පැවසූ රන්දෙනිය මහතා රැකියා අහිමිවී හෝ වැටුප් අහිමිව මැදපෙරදිග සිටින පිරිස් පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවත් අවශ්‍ය පහසුකම් සළසාලීමට පියවර ගන්නා බවත් පැවසීය.

එසේ යම් ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයෙක් වේ නම් අදාල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටි රන්දෙනිය මහතා එහි නිලධාරින් අවශ්‍ය පියවර ගනු ඇතැයි ද  කීය.

මේ අතර විදේශ රැකියාවන්හි යෙදී සිට නිවාඩුවට මව්රට පැමිණි අය ආපසු තම සේවා ස්ථානයට යාමට අවශ්‍ය නම් ඒ පිළිබඳ කාර්යංශයට වාර්තා කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කාර්යංශය විසින් කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය. 



අදහස් (2)

මැදපෙරදිග ලාංකිකයෝ 20,000 ක් රැකියා අහිමිවීම් අනතුරක

pathirana Sunday, 28 June 2020 10:43 AM

විදේශ සේවා එකට කරන්න පුළුවන් දෙයක් නැහැ. සිදු විය යුත්තේ ගුවන් ගමන් ඇතිකිරීමයි... එතකොට ඉන්න කට්ටිය ගෙදර ඒවි...

:       0       0

විජිත් Sunday, 28 June 2020 12:51 PM

ඔය සියල්ලටම කලින් කලයුතු දෙයක් තියෙනවා. මම අහලා තියෙන විදිහට ආණ්ඩුවේ විදේශ රැකියා කාර්යාංශයෙන්-" රක්ෂණයක් "ලෙස යම් කිසි මුදලක් ලබාගන්නවා රැකියාවට මැදපෙරදිග, කොරියාව වැනි රටවලට යන අයගෙන්. කවුරු මොන අයුරින් අර්ථ දැක්වූවත් රක්ෂණයක මූලික පරමාර්ථය පිහිටක් අවශ්‍ය විට පිහිටට ඒම. දුප්පත් මිනිස්සුන්ට දෙන කොන්ත්‍රාත්තුවේ ඔය රක්ෂණය ගැන කෙසේ ලියවිලා තිබෙනවාද කියලා උගත් විද්වත් නීතිවේදීන් ස්වාධීනව සොයාබැලිය යුතුයි. ඒවගේම මෙතෙක් අයකරගත් මුදල් පරිහරණය කර ඇති අාකාරය සොයා බැලීමට බාහිර විගණක සමාගමක (external auditor) සහාය ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු සලසා ගත යුතුයි. එවිට යම්කිසි දූෂණයක්, වංචාවක් සිදුවීද කියා සැක හැර දැනගත හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site