IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මැදෙපරදිග අපේ අයට සහන සලසන්නැයි රජයෙන් ඉල්ලයි

විනීතා එම් ගමගේ

මැදපෙරදිග සේවය කරන ශ්‍රී  ලාංකික ශ‍්‍රමිකයන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන, රෝගී වූවන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් හා ආරක්ෂිත නිවස්න සැපයීමට වහා කටයුතු කරන ලෙස  රාජ්‍ය අංශය නියෝජනය කරන වෘත්තිය සමිති රජයෙන් ඉල්ලීමක් කරයි.

විදේශ ශ‍්‍රමිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති බිලියන ගණනක් වන සුභ සාධක අරමුදලින් මුදල් සපයා මෙම ශ‍්‍රමිකයන්ට පහසුකම් සැළැස්විය යුතු යැයි ද ඔවුහු කියා සිටිති.

රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති 20 ක් එක්ව මෙම ඉල්ලීම කර ඇති අතර විශේෂයෙන් කුවේට් හි පවතින තත්ත්වය පිළිබදව රජයේ විශේෂ අවධානය යොමු කළ යුතු බවට ද ඔවුහු අවධාරණය කරති.

එසේ නොකර මේ ශ‍්‍රමිකයන් වෙනුවෙන් පහසුකම් සැපයීමට නොහැකි බව කියමින් ඔවුන් ගෙන්වා නොගෙන සිටීම හා ඔවුන් පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිකුලෙන් හෙලා දකින බව ද එම වෘත්තිය සමිති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කුවේට් හි පමණක්  19000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටින අතර, මෙම ශ‍්‍රමිකයන් වසංගත තත්වය තුළ මේ වන විට අඩු පහසුකම් යටතේ බරපතල පීඩාවට ලක්ව සිටින බව වාර්තා වෙතැයි ද  එසේම වීසා අවසන්වී මේ වන විට නීත්‍යානුකූල නොවන ලෙස එම රටවල රැුදී සිටින පිරිසට එම රජයන් විසින් සහන කාලයක් ලබා දී ඇති අතර, එම සහන කාලය අවසන්වීමට පෙර ඔවුන් ගෙන්වා ගැනීම රජයේ වගකීමක් වන බව ද එම නිවේදනයේ සදහන් වේ.

විධිමත් වැඩපිළිවෙලක් යටතේ මෙම මැද පෙරදිග ශ‍්‍රමිකයන් ගෙන්වා ගැනීමට හා රෝගයට ගොදුරු වී සිටින ශ‍්‍රමිකයන් සඳහා පහසුකම් සලසා ඔවුන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීමට කටයුතු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ද එහි සදහන්ව ඇත.

 



අදහස් (2)

මැදෙපරදිග අපේ අයට සහන සලසන්නැයි රජයෙන් ඉල්ලයි

rama Thursday, 28 May 2020 09:11 AM

කුවේට් විතරක් නොවේ හැම රටේම ඉන්නවා අනාථ වුණු අය... එ්ත් මැද පෙරදිගින් යවන්නේ ඩොලර් නොවේද කියලා රජයෙන් අහන්න...

:       0       114

de silva Thursday, 28 May 2020 11:25 AM

විදේශ සේවා රක්ෂණ අරමුදලේ රුපියල් බිලියන ගණනක් තිබෙනවා... ශ්‍රී ලන්කන් ගුවන් යානා යවල ඔවුන් ලංකාවට ගෙනත් නිරෝධන මධ්‍යස්ථානවල ඉඩ නොමැති නම්... වසාදමල තිබෙන සංචාරක හෝටල් වල ඔවුන් නිරෝධනය කරන්නත්.., ඔවුන් රෝගී වෙලා නම් රජයේ රෝහල් වල ඉඩ නොමැතිනම් ඔවුන් පුද්ගලික රෝහල්වල නවත්තල ප්‍රතිකාර කරන්නත් මුදල් වියදම් කරන්න එම අරමුදලින් පුළුවන්... නිලධාරීන් සහ ඇමතිලා මේක නොකරන්නේ මොකද? රජය බලන් ඉන්නේ වුර්තිය සමිති සහ අතරමන් වුන මිනිස්සුන්ගේ පවුල්වල මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණ කරනකම්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 398 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 444 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site