IMG-LOGO

මාතෘ මරණ ගැන රහසිගත දත්ත විශ්ලේෂණය කිරීමේ අලුත් වැඩක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් ලක්‍ෂයකට මාතෘ මරණ 30ත් 34ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

මෙරට වාර්ෂිකව දරු උපත් ලක්‍ෂ තුනක් පමණ සිදුවන අතර වසරකට මාතෘ මරණ 120ත් 130ත් අතර සංඛ්‍යාවක් සිදුවන බව වෛද්‍යවරයා කීවේය.

මෙරට සජීවී දරු උපත් ලක්‍ෂයකට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව 2030 වසර වන විට 16 දක්වා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්කයක් ලබාදී ඇතැයි ද මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.

දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා නිසා සිදුවන මාතෘ මරණ ප්‍රමාණය අඩුකරගැනීමේ පියවරක් ලෙස මාතෘ මරණ පිළිබද රහසිගත දත්ත විශ්ලේෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් හඳුන්වා දුන් අතර එම අවස්ථාවට එක්වෙමින් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවන මාතෘ මරණවලට හේතු විශ්ලේෂණය කිරීම සඳහා මෙරට භාවිතා වන්නේ වසර 35ක් පැරණි ක්‍රමවේදයක් බවත්, වසර 10ක් තිස්සේ මෙරට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව එකම සීමාවක පවතින බවත් කී වෛද්‍යවරයා එම මරණ සංඛ්‍යාව අඩුකරගැනීමේ අරමුණින් නව විශ්ලේෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කළ බව සඳහන් කළේය.

මාතෘ මරණ පිළිබඳ රහසිගත දත්ත විශ්ලේෂණ ක්‍රමවේදය හඳුන්වාදීම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී අද (10) සිදුකෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල් ගුණවර්ධන මහතාගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සුසී පෙරේරා මහත්මිගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සිදුකෙරිණි. 



අදහස් (0)

මාතෘ මරණ ගැන රහසිගත දත්ත විශ්ලේෂණය කිරීමේ අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1716 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site