IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුතුහෙට්ටිගමගෙන් ඇඟිලි සළකුණු ගැනීමට නියෝග


(ඩී. ජී. සුගතපාල)      
                                      
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ පළමුවෙනි විත්තිකාර මුතුහෙට්ටිගම මහතාගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා අද (21)  නියෝග කළේය.                                                       

ඇඟිලි සළකුණ ලබාගැනීමට කොළඹ  අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරියෙකු කැඳවා තිබිණි.   
                             
අධි චෝදනා බාර දීමෙන් පසු පළමුවෙනි විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ ඇඟිලිවල ස්වභාවය අනුව එම සළකුණු ලබා ගැනීමට අපහසු බව පොලිස් නිලධාරීන් පවසා ඇති බව නඩුව විභාගයට ගත් අවස්ථාවේ රජයේ නිතිඥවරිය කියා සිටියාය. එනිසා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරියෙකු ගෙන්වා ඇඟිලි සළකුණු ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නිතිඥවරිය  ඉල්ලා සිටියාය.   
         
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.   
                                 
නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික, සෙනවිරත්න ඈපාගේ දිමුතු ප්‍රදිප්, නිරාජ් අසංක ජයවර්ධන සහ විදානකාරියකරණගේ හසිත අකලංක යන අය මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.               

වැඩිදුර විභාගය මාර්තු 21වන දිනට කල් තබන ලදී.



අදහස් (3)

මුතුහෙට්ටිගමගෙන් ඇඟිලි සළකුණු ගැනීමට නියෝග

d.upul Thursday, 21 February 2019 11:43 AM

ඇයි ඇඟිලි වලටත් අධි පෝෂණයද?

:       0       15

kuleThursday, 21 February 2019 02:17 PM

නෑ මුළු ශරීරයටම

:       0       12

Saththaya Friday, 22 February 2019 01:23 AM

ඔය හැමදෙනාම අපිවත් එක්ක කාලා අධිපෝෂණය . මනසවල් වැඩ කරන්නෙත් නැහැ , එච්චරට සැප.

:       0       349

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site