අංජුල මහික වීරරත්න
පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර අධිකරණ ක්‍රියාවලියක් දක්වා ගෙන යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද(19) පැවැසීය.
ප්‍රහාරය නිසා මිරිස් කුඩු තවමත් තම දෑස්වල පටලයක් සේ බැඳී තිබෙන බව කී ජයවික්‍රම පෙරේරා මහතා තමා වෙනුවෙන් නොව අනාගත ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාත් පාර්ලිමේන්තු විනය රැකීම සඳහාත් කළ හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසීය.
ජයවික්‍රම පෙරේරා මහතා මෙම අදහස් දැක්වූයේ අරලියගහ මන්දිරයේ අද (19) පැවැති මෙම මාධ්‍ය හමුවකදීය.
(356)
COMMENTS
දැන් නඩු මගට යන්න කාලයක් නැහැ ....වෙනත් මගකට යන්න .....
දයාබර තාත්තා කෙනෙක් වගේ ඔබ තුමාට ආණ්ඩුවේ අගමැති ඇතුළු ඒ මන්ත්‍රී වරුන් කරපු මහා අපරාදය අපි විදේශ රටවල සිට සජීවීව දැක්කා. අපිට එය දරාගන්න බැහැ. ඒ නිසා ගරු අධිකරණය විසින් මේ අපරාදකරුවන්ට නිසි දඩුවම් දෙන තුරු අපිට හිත හදාගන්න බැහැ..... ඔබ තුමාට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.....
89, 89 ඔබතුමා මහඇමති කාලේ අර කලේ මිරිස් ගෝනි ඇතුලේ බස්සලා ඔට්ටු සෙල්ලම් කරපු තරුණ තරුණියන්ට මොනවා හිතෙන්න ඇතිද නේද? අද කාලේ සමහර තරුණයෝ මේවා නොදන්නවා වුණාට මට තාම මතකයි මේවා... !!!
අනිවාර්යයෙන් කළ යුතු දෙයක්... සාක්ෂිත් ඇති තරම් තියෙනවනේ...
හොරුයි මිනිසුන්ට මිරිස්කුඩු ගහන්නේ මෙතැනදී මිනිස්සු හොරුන්ට මිරිස්කුඩු ගහලා. නඩුමගට යන්න කලින් පොලිස් මගට ගිහිල්ල ඉස්පිරිතාල මගෙත් යන්න එපාය. කෝ ඔබලා කිසිම තැනක හරිමග ගියේ නැහැනේ.
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න තමයි අපි කියන්නේ... මහජන ඡන්දෙකට ගිහිල්ලා මන්ත්‍රීවරු තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට දෙන්න කියලා... ඊට පස්සේ ඔබලා සුදුසු අගමැතියෙක් තෝරාගන්න.
ඔය කිසි නඩුවක් කෙරෙන්නේ නැහැ. මහජනයාට ඇහෙන්ට එළියේ බෙරිහන් දුන්නට, ඇතුළේදී ඔය දෙගොල්ලොම එකම කල්ලියේ. මේ අය කරන්නේ වචනෙන් හරි මහජනයා නොමග යවන එක.
දැන් මෙහෙම අඬ අඬා අනුකම්පාව ගන්න දැඟලුවට එදා යාපනයේ පුස්තකාලය ගිනි තියන්න මූලිකත්වය දුන්න මිනිහෙක් මෙයා. කිඹුල් කඳුලු වලට රැවටෙන්න එපා. මේ අය කරන්නෙම අපිව රවට්ටන එකයි...
මෙතන මිරිස් කුඩු විතරක් තිබුනා කියන්නේ කොහොමද? මටනම් හිතෙන්නේ තව උග්‍ර විෂ රසායනික ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා. මිරිස් කුඩු වලට කලවම් කරලා මොන මොන දේවල් ගහන්න පුලුවන්ද? රස පරීක්ෂක වෙත සාම්පල යැවිය යුතුයි. පරීක්ෂණ නිම වෙන තෙක් අදාල පුද්ගලයා රක්ෂිත බන්ධනාගත කල යුතුයි. මේ ගැනත් සමාජය දැනුවත් වෙන්න ඕනි.
මිරිස්කුඩු ලංකාවේ නවීන අවිය කියලා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියක් තිබුණා. මේ අය අපේ රටේ ප්‍රතිරූපය විනාශ කළා පාර්ලිමේන්තුවේ බාල් නටලා...